Friday 9 October 2020

වේදිකාව


 

ආදරණීය ජිම් එක,

උබ නම් එදා වගේමයි,

ඉස්සර වගේ අපි දිහා බලල,

හිනා වෙනවා.


"ලගින් යන්නෙ ඇතුලට එන්නේ නැද්ද?"  අහනවා වගේ.


අපි වරද්ද වරද්ද නටපුවා,

කරණම් පිමි වැරදිලා වැටුනු ඒවා,

මතක් වෙලා තාමත් උබට හිනා යනවා ඇති.


ඉස්සර වගේ 

අපිට රෑ එලි වෙනකං 

ආයෙ කවදාවත් ඕකෙ ප්‍රැක්ටිස් කරන්න වෙන්නෙ නෑ කියලා 

උබ දන්නේ නැතුව ඇති.


කාලය වෙනස් වෙලා..

මිනිස්සු වෙනස් වෙලා..

ජීවිත වෙනස් වෙලා..


මට ආසයි

ආයෙත් competition එකක් තියනවා කියලා 

බොරුවට හරි හිතේ මවාගෙන 

උබලත් එක්ක ප්‍රැක්ටිස් කරන්න

ආයෙත් පාරක් හිනා වෙන්න

කවටකම් කරන්න


හැබැයි 

ඒ, 

දැන් ඉන්න උබලාවත් 

දැන් ඉන්න මාවත් එක්ක නෙමේ.


මට ඕනෙ

එදා හිටපු උබලව 

එදා හිටපු මාව







රසවිය මොරටුවම විය

 

සරසවිය රසවිය සවිය විය ගරුතරෙහි ...

එයම තෙද ජවය විය අවිය විය පරපුරෙහි ...

විදු නැණින් පතල විය සඵල විය පරතෙරෙහි ...

මොරටු බිම මවක විය දිදුලවිය පුරවරෙහි ...





හිස් බංකු



ලස්සනම දවස් අපි ඉස්සරම ගත කෙරූ  . . .

සොදුරුතම මොරටු බිම මත ඉන්න පිං කෙරූ . . . 

තුන් තිස් පැයක් අපි ඇස්වලින් පෙම් කෙරූ  . . .

තිබුනි එක මේසයක් අපි නමින් නම් කෙරූ  . . .