Pages (පිටු)

Saturday 14 December 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 10 වෙනි කොටස )





නවවන කොටසට >

ෆෝන් එකෙන් යනවනම් මේ ලින්ක් එකෙන් යන්න >






"ආ උබලට ට්රිප් එක ඇවිත් ච්ත්රපටි බලන්න නේද? 
දැන් ඕක කීයටද පටන් ගන්නේ.?
 දැන් ගියොත් වෙලාව ඇතිද? 
හෝල් එකට පාර දන්නවද?"
සර් ඇහුවා.

"පාර නම් දන් නෑ සර්. අපි හොයන් යමු"
ඒකනායකයා කීවා.

"හරි එහෙනම් අපි යමු"
සුම්මා කීවා. 

අම්මට සිරි අපිටත් පුදුමයි. ඒකනායකට කන හරහා පාරකුයි හොද බැණුම් ටිකකුයි හම්බෙයි කියලා අපි ඔක්කොම හිතන් හිටියේ. 

අපිට යන ගමන් සර් ඒ දවස් වල කොල්ලා කාලෙ කරපු වැඩ එහෙමත් කීවා. එතකොට තමයි අපිට මීටර් උනේ සර් අපිට හොරෙන් ගෙනත් තිබ්බ ගල් අරක්කු බාගෙ වැඩ කරන්න අරන් කියලා. සර් කාටත් හොරෙන් ශොට් එකක් දාල ඒ කියන්නේ කලින්ම. 

මනතුංග සර් ගියේ නෑ. සුමන බන්ඩාර සර් විතරයි ෆිල්ම් එක බලන්න ගියේ.

අපි හෝල් එකට යද්දි හෝල් එකේ එවුන්ටත් රජ මගුල් වගේ.ඇයි ඉතින් සෙනග නැතුව වේලි වේලි ඉද්දි කොල්ලො 45 ක් විතර ආවම.

පට්ටම ආතල් එක කියන්නේ එදා තිබ්බේ super six ෆිල්ම් එක. බලලා තියන අය දන්නවනේ කොහොමද ෆිල්ම් එක කියලා නේද? 

ඒකෙ පබෝදා අක්කගේ ඇක්ටින් එහෙමත් අද්විතීයයිනේ. ඒක ඒ දවස් වල තිබ්බ වැඩිම පිරිවැයක් යොදවලා කරපු ෆිල්ම් එකක්ලු. හැබැයි මම හිතන විදියට ඇදුම් පැලදුම් වලට නම් එච්චර පිරිවැයක් දරලා තිබ්බේ නෑ. අන්න ඒ හේතු නිසා අපි බයේ හිටියේ සර් බනීවි කියලා. ඒත් එහෙම උනේ නෑ. අපි කොල්ලෝ සෙට් එක කෑ ගගහා ආතල් එකේ ෆිල්ම් එක බැලුවා.

ඊට පස්සේ අපි ෆිල්ම් එක බලලා එලියට ආවා. බස් එක තිබ්බ තැනට අපි පොඩ්ඩක් පයින් ආවා. 

ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා බදුල්ල ටවුන් එක නම් හරිම පාලුයි. අන්තිම සටනෙදි මිය ගිය හමුදා සෙබලු සිහි කරලා ස්මාරකයක් හදලා තිබ්බා. පුන්චි එලියක් විහිදුවන බල්බ් හැම තැනම හයි කරලා තිබ්බා. මැරිච්ච අයගේ නම් එහෙම ලියලා තිබ්බා එතන. එතන අමුතු නිස්කලන්ක බවක් එක්ක මුහු වෙච්ච පාලු ගතියක් තිබ්බා. හරියට ඒ මැරුනු ආත්ම එතන සැරි සරනව වගේ. ඒ වගේ අමුතු දේවල් දිහා බලන් අමුතුම විදියේ ආස්වාදයක් ලබන්න පොඩි කාලේ ඉදන් මම හරි ආසයි.

ඊට පස්සේ අපි ආයෙ අපේ නවාතැන් පොලට ආවා. කොල්ලෝ සෙට් එකක් එක කාමරේක සෙට් වෙලා බූරු ගහනවා. තව සෙට් එකක් පඩිපෙලේ ඉදන් සින්දු කියනවා. මමත් ඔන්න සින්දු කිය කියා හිටියා.


"මම හැම කාමරේකටම ඇවිත් බලනවා කාමර ඇතුලේ එකෙක් වත් බීල එහෙම අහු වෙන්න එපා."
සුම්මා පොඩි සද්දයක් දැම්මා ආයෙත්.

(අනේ මන්දා අපි වගේ හොද ලමයි ගැන සර් මොන හිතකින් ඔහොම හිතනවද මන්දා. සර්ලා අපිට හොරෙන් බිව්වෙත් නෑ. අපි සර්ලට හොරෙන් බීවෙත් නෑලු ඔන්න. සමහරු බස් එකේ ඩ්රයිවරි අන්කල්ට කියලා හොරෙන් බොන්න ගෙන්න ගත්තෙත් නෑලු.)


සර් ඉතින් කාමර චෙක් කරන්න කියලා යද්දී ඔන්න ඉස්සෙල්ලම ගිහින් තියනවා එක කාමරේකට. අපි ඉතින් හිටියේ කව්ද කියලා නොකියා ඉමුකෝ. මේ ගොල්ලො පොඩි වැඩකට ලෑස්ති වෙලා ඉදලා තියෙන්නේ. සර් එනවා දැකලා බඩු ටිකත් එක්ක එකෙක්ව බාත් රූම් එකට දාල වහලා කොල්ලෝ ටික. මචන් උබ මේ ටිකත් පරිස්සන් කරන් ඇතුලට වෙලා ඉදපන් කියලා තමයි ඇතුලට දාල තියෙන්නේ. සරුත් ලාවට ශොට් එකක් දාලා හිටපු නිසා සර් කොල්ලෝ එක්ක කතාවට සෙට් වෙලා. 

සර් ඒ කාලෙ කැම්පස් එකේ කරපු වැඩ එහෙම කියනවලු කොල්ලෝ එක්ක. දැන් මාර කේස් එකලු. සර් ව යවා ගන්න බැරිලු. බාත් රූම් එක ඇතුලේ ඉන්න එකාටත් එච්චර වෙලාවක් ඕක ඇතුලේ තනියම ඉන්න බැරි කමට ටිකක් සැර එහෙම වැඩි බෝතලේකින් ටික ටික බීලා මූ. මූ දන්නෙමත් නැතුව අන්තිමේ සර් ගියාට පස්සේ අනික් උන් දොර අරිද්දි මේකා අර බෝතලෙන් බාගයක් විතර බීලලු.

(මේ පුද්ගලයා ගැන තවත් කියනවනම් චීත්තයක් නිසා බ්ලේඩ් එකකින් අත එහෙමත් කපාගෙන තියනවලු. හැබැයි ඉතින් උගෙ වාසනාවට ඒ කෙල්ල නැතුව වෙන කෙල්ලක් ඌට සෙට් වෙලා ඉන්නවලු)

ඊට පස්සේ අපේ සර් ඊලග කාමරේට ගියා. එතන අපේ එවුන්ගෙ බූරු පොල වෙලා. හෝ ගාලා සද්දෙ.  පුදුමෙ කියන්නේ අපේ සරුත් සෙට් උනානෙ බූරු ගහන්න. අපේ එවුනුත් බූරු ගහන ගමන් එකා දෙන්නා ඩියුටි මාරු වෙනවා වගේ එකෙක් ආවම අනිකා එලියට යනවා. සර්ට වැඩේ මීටර් නෑ. ඔයාලට තෙරෙනවා ඇතිනෙ එලියට ගියේ ඇයි කියලා.

ඉතින් ඒ අය ඒ තෙල් ගහ ගන්නකන් අපි සින්දු කීවා. ඊට පස්සේ තමයි සුපිරිම ආතල් එක. අපි සර්ට හොරෙන් බදුල්ල ටවුන් එක ඇවිදින්න ගියා. එක එකා එක එක පාරවල් වල. හරියට මුන් ඇවිදින්නේ මේක කුරුණෑගල ටවුන් එක කියලා හිතාගෙන.

බදුල්ල ටවුන් එකම හරි පාලුයි. ඉදලා හිටලා සතෙකුගේ මූසල හඩක් ඇහුනා. අතරින් පතර නයිට් කඩ දෙක තුනක් ඇරලා තිබ්බා. සීතල ටිකක් විතර වැඩියි. බදුල්ල කොහොමත් අපේ ඒරියා එකට වඩා සීතලයිනේ. මීදුම අපි අතරටම පාත් වෙලා. තැනින් තැන තිබ්බ පහන් කනු වලින් නැගුනු කහ පැහැ ගැන්වුනු ආලෝකයෙන් ඒ බව අපිට හොදටම පෙනුනා. 

සමහරු රත් වෙන්නට යම් දේ කලත් සුරා සූදුවෙන් තොර අපේ එවුන් ඒ කට්ට සීතල ඉවසන් විකාර කතා කිය කියා ඉදිරියට ඇදුනා. බදුල්ලේ එලවලු වැවෙන නිසාද කොහෙද සමහර ස්ථාන වල එලවලු ගද අපිට දැනුනා. කදු ශිකර පීරාගෙන සීතල සුලන් පොදි අපේ ගත  නැහැව්වේ ඇගේ හිරිගඩු නන්වමින්. හරිම අමුතු ගුප්ත බවකින් මුලු නගරයම වෙලාගෙන තිබුනා.

"මචන් දැන් නිදිමයි. අපි යමුද?"
අලයා කීවා.

"හරි මචෝ මටත් මහන්සියි. අපි යමු."
සමිතයත් කීවා.


මොනා උනත් අපි විදිමින් හිටියේ ජීවිතේට ලබා ගන්න බැරි පුදුම ලස්සන අත්දැකීමක්

අපි රෙස්ට් හවුස් එකට ආයෙ ආවා. අනේ පව් සර් තාම බූරු ගහනවා. සමහර උන් සින්දු කියනවා. අපි රවුම් ගහන්න ගිය එක කාටවත් මීටර් නෑ.

අර බාත් රූම් එකට වෙලා අර මොනාද ජාතියක් බීලා වැඩි උන කෙනාට දැන් හොද ගනන්. මිනිහා සින්දු රීමික්ස් කරනවා, පාරේ නිදියනවා. මල ජන්ජාලයයි.

ටික වෙලාවකින් මූ කියාපි, 
"අඩෝ මචන් අපෙ අම්මා කීවා කාපු ගමන් කෝල් එකක් දෙන්න කියලා. මට අමතක උනා බන්"

(අනේ දෙය්යනේ මුන්ව මෙච්චර හුරතල් කරන අම්මලා දනී නම් මුන්ගෙ වැඩ. අනේ මන්දා ඒවා කතා කරලා වැඩක් නෑ)

මූ දැන් කෝල් එකත් අරන් බඩත් අත ගගා කියනවා,

"හෙලෝ අම්මෙ, මම දැන් ටිකකට කලින් කෑවා."

"..............."

"ඔව් අම්මේ බඩ පිරෙන්න කෑවා. මට පොඩ්ඩක් කෝල් එකක් ගන්න අමතක උනා."

"............."

"හරි අම්මේ."

".............."

"ඔව් අම්මේ."
"මම තියන්නම් එහෙනම්. බුදු සරණයි"

දුරකථන සන්වාදය ඉවර උනා. මෙන්න බොලේ අල්විස් කෑ ගහගෙන එනවා. අපේ අර ටිකක් වැඩි වෙලා හිටපු යාලුවට බැණ බැණ.

"ඈ බොල *********.  තොගෙ අ*#**### යකෝ මම කවදා ඉදන්ද ***  තොගෙ අම්මා උනේ?"

වෙලා තියෙන්නේ මොකක්ද කියලා හැමෝටම හොදට තේරුනා. එවෙලේ නම් අපි ඉල ඇට කැඩෙනකන් හිනා උනා.

(ටියුබ් ලයිට් සදහා:- වෙලා තියෙන්නේ අරූ අම්ම කියලා හිතන් කෝල් කරල තියෙන්නේ අල්විස්ට)

ඉතින් එදා රෑ ඔහොම ගෙවිලා ගිහින් යන්තන් නින්ද යාගෙන ගියා විතරයි එකෙක් ටූත්පේස්ට් ගාන්න ඇවිත් ඇහැරුනා. ඊට පස්සේ එහෙම්ම ඇහැරිලා කම්මැලි කමේ ලේස්ති වෙලා අපි යන්න පිටත් උනා.

............................................................................................


"වලව්වේ හාමුට කියනවා මන් පුන්චි හාමිනේ මගෙ මනමාලී........
පුල්ලි ගොනා බැදි බර බාගේ මම ගෙදරට කැන්දන් එමී..........
මම එහෙම එනකොට පාර දිගේ මගෙ යාලුවෝ එකතු වෙලා.........
කවි කියලා බෙර ගහලා උඩ දාල වැඩ දාල පිලි ගත්තා,
ඔයා මගේ ස්වීය් හර්ට් තමා කියලා......"

එතකොට අනිකා පටන් ගන්නවා,

"ඇය කොන්ඩේ දිගට දාල හැම උඩේම එනවා හෙල්මට්.....
පාට පාට මල් වැටිච්ච සාරි අදිනවා හෙල්මට්....
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ...
එයාට අපි හෙල්මට් කියලයි අමතන්න්නේ...."

(හෙල්මට් කියන්නේ කව්ද කියලා මලියදේවෙ කොල්ලෝ නම් හොදට දන්නවා)


භාතිය පැත්තක ඉදන් පටන් ගන්නවා,

"සුදු ගවුමක් ඇද ටයි පොල්ලක් බැද..
කොන්වන්ට් යන ඔබෙ පොඩි දුව දෙනවද...
දුව බැලුමට ආවා .....
නැන්දේ, දුව බැලුමට ආවා...

නැන්දගෙ අදහස ලොකු දුව දෙන්නයි...
මාමාගෙ අදහස පොඩි දුව දෙන්නයි...
මගෙ නම් අදහස දෙන්නම ගන්නයි..
දෙන්නම අරගෙන නැන්දත් ගන්නයි...

දුව බැලුමට ආවා නැන්දේ, දුව බැලුමට ආවා...

සුදු ගවුමක් ඇද ටයි පොල්ලක් බැද...
කොන්වන්ට් යන ඔබෙ පොඩි දුව දෙනවද?...
නැත්තන් ඇවිදින් උස්සන් යන්නද....?
දුව බැලුමට ආවා නැන්දේ, දුව බැලුමට ආවා..."

(සැ.යු: සින්දුවට හදලා තියන කාලෙට ගැලපුනත් දැන් කාලෙට එච්චර ගැලපෙන්නේ නෑ. මොකද අද කාලෙ කොන්වන්ට් එකේ කෙල්ලෝ සෙට් වෙන්නේ බස් කොන්දොස්තරලයි ත්රී වීල් කාරයොයි එක්කනේ.)

ඊට පස්සේ විකියා ෆෝම් වෙලා පටන් ගත්තා, 

"පුරුතු ගීසි කාරයා 
රටවල් අල්ලන්න සූරයා....
මදුරුවාගෙ මාරයා 
මුලු ලොව හොල්ලන්න වීරයා...

කොලඹට ආවේ ඉදලයි ලිස්බන් නගරේ...
අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ...
පැතිරෙයි විනෝද මිහිරේ..//"

ඔන්න ඔහොම අපි ඩාන්ස් කර කර දන්නෙම නැතුව බස් එක අඹේවෙල ෆාම් එක ලගටම ආවා.

වටේ පිටේ හිටපු කෑලිත් බලලා, ෆාම් එකේ හිටපු හරක් ටිකත් බලලා අපි ෆොටෝ ටිකක් එහෙමත් ගැහුවා.

 ගුන්නෑපානයා ඒ අස්සේ ෆාම් එක බලන්න ආපු ඉස්කෝලෙක කෙල්ලෙක්ගෙ රිබන් එකක් අහුලන් ඒක දෙන්න ඒ කෙල්ලව හොයනවා. ඒ උනාට අඹේවෙල ෆාම් එකට ගියාට වඩා හොදයි කුරුණෑගල පොල් වත්තකට ගියා නම් කියලා හිතුනා. ඒකෙ බලන්න ඇති දෙයක් නෑ.

මමත් ඉතින් පට්ට පට්ට සීන් ගොඩක් ෆොටෝ ගැහුවා. ඒක අනික් එවුන් කොච්චර නිරීක්ශණය කරලද කියනවනම් අන්තිමේ මට "ෆොටෝ රුචිර" කියලා නමකුත් වැටුනා. ඔන්න බලපල්ලකෝ අහින්සක අපිටත් වෙන දේවල්.

අපේ ශාවින්දයාට අපි ආදරේට කියන්නේ හරක් හොරා කියලා. අපි ඌට එපා වෙන්නම බයිට් කලා. 

අපි එතනින් පිටත් වෙලා ටික දුරක් ඇවිත් උදේට කද්දි අපිට සුද්දෙක් සෙට් උනා. අපේ එවුනුත් දන්න කඩ්ඩ අරහෙන් මෙහෙන් දාලා ඌවත් පොඩ්ඩක් බයිට් කලා.

පස්සේ පොර සර් ලා එක්ක කතා කර කර ඉදලා අපිත් එක්ක ෆොටෝ එකකුත් ගැහුවද කොහෙද. ඌ හිතන්න ඇති ෆොටෝ ගහන එක අපිට හෙන වැඩේ කියලා.

කොහොම හරි පොරත් අපිත් එක්ක මගට යන්න ආවා. අපිත් එක්ක හොදට කතා බහ කරලා එහෙම ඔන්න සුද්දා බැහැලා ගියා. මූ යනකන් ඉදලා ලෝලිතයා ශටර් එකෙන් ඔලුව දාලා සුද්දට කියනවා 

"අඩෝ *** සුද්දා සල්ලි දීලා බැහැපන්" 
කියලා.

වෙලාවට ඌට ඒක තේරුන් නෑ. සුද්දා ලෝලිතයටත් හිනා වෙලා අත වනලා ගියා ඉතින්. හි හී පට්ට ආතල් එක.


කට්ටියම දගලලා දගලලා හෙම්බත් වෙලා හිටියේ. කදු ශිඛර මැදින් වැටුනු පාරේ ඩ්රයිවර් අන්කල් හෝ ගාලා බස් එක ගෙනියනවා.
එන්න එන්නම ඇගට දැනෙන සුලග හරිම සීතලයි. ජනේලෙන් එලිය බලද්දි ලොකු ප්රපාතය. ඒකෙ උඩ ඉදන් පහලට යනකන්ම එලවලු වවලා. සමහර තැන් වල තේ වතු. ඒ වගේ අතරින් පතර වැඩ කරන මිනිස්සු හරියට පෙනුනේ කුහුඹු පැටව් රෑනක් වගේ. ඒ පැත්තේ තිබ්බේ හරිම පුදුම දේශගුනයක්. පිච්චෙන තරම් කට්ට අව්ව. ඒ උනාට අගේ හිරිගඩු පිපෙන තරම් සීතල හුලග.

 ඒ හැම එකක්ම මැඩගෙන "කන්ද කපා උදේ හවා රිය සක පදවන මාගේ" කියාගෙන දන්නෙම නැතුව ඩ්රයිවර් අන්කල් හග්ගල ගාර්ඩන් එක ලගටම ආවා."


"මෙහෙමයි ඔයාලට පැය දෙකක් දෙන්නම් ඒ කාලෙ ඇතුලත ඕන දිහාවක ඇවිදලා එන්න ගාර්ඩන් එකේ."
අපේ සර් අණ ලබා දුන්නා. 

අපිත් ඒ විදියට ඉතින් ඇතුලට ගියා. පිස්සු හැදෙයි සද බැබලෙයි කීවලු. ගාර්ඩන් එක පුරවලා කෑලි. එක එක ඉස්කෝල වල කෙල්ලෝ. හි හී අපේ එවුන්ට උන් හිටි තැන් අමතක වෙලා. ඔන්න ඉතින් එකට ආපු සෙට් එක තැන් තැන් වලට විසිරුනා. 

අපි දකින දකින හැම තැනම ෆොටෝ ගැහුවා.ගස් උඩයි ගල් උඩයි හැම තැනම, හිටගෙනයි බඩ ගාගෙනයි. දන්නවනේ ඉතින්.

එක පාරටම පොඩි පොද වැස්සක් මුලු මල් වත්තටම කඩන් වැටුනා. අපිත් වැස්සෙම ඇවිදන් ගියා. වැස්සෙන් පස්සේ තරමක මීදුම් වලාවකින් ගාර්ඩන් එකම වැහිලා ගියා. එක එක රටා වලට ලස්සනට මල් වවලා. සමහර තැන් හරිම පාලුයි. ඒ වගේ තැන් වලට වෙලා තමන්ගෙ ලෝක වල හුදකලා වෙච්ච පෙම්වතුන්ගෙන් සමහර තැන් පිරිලා. එක තැනක කැම්පස් එකේ ලමයි පාඩම් කරනවා. 

පොඩි ලමයි ටිකක් ඒ ගොල්ලන්ගේ ටීචර්ස්ලත් එක්ක මල් වත්ත බලන්න ඇවිත් තිබුනා. ඒ පොඩි එවුන්ගෙ ලෝක කොච්චර ලස්සනද, හරියට මල් වත්තේ පියාඹන සමනල්ලු වගේ.මටත් මතකයි අපි පොඩි කාලෙත් හොටු පිහින්න ලේන්සුවකුත් හැට්ට කට්ටකින් ශර්ට් එකේ සාක්කුවේ ගහන් හරිම සැහැල්ලුවෙන් දගලපු හැටි. ඒ දවස් හරි ලස්සනයි. දන්නෙම නැතුව කාලය අපිටත් හොරෙන් අපිව වයසට අරන් ගිහින්. මේ අපි ඒ කෙලිලොල් කාලෙ ගෙවන අන්තිම අවුරුද්ද.
ඊට පස්සේ අපිත් කවදා කොහේක හම්බෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නෑ. 


"මල් පැල වලට හානි කරන්න එපා" 

පොඩියට හීනි අත් අකුරින් ලියපු කහ පාට බෝර්ඩ් එකක ගහලා තිබ්බා.ඒ වටේට මහා රූස්ස ගස්. 

"අන්න උබ වගේම රිලවෙක් යනවා"
 මාදිවෙලයා දැකලා බට්ටි කීවා. 

අපි සෙට් එකත් රවුම් ගගහා ඉද්දි එකෙක්ට මැසේජ් එකක් ඇවිත්. 

"මචන් වලියක්.ඉක්මනට වරෙන් ගේට් එක ලගින් උඩහට යන පාර ලගට."

අපි හිටියේ අපි හිටපු තැනවත් හොයා ගන්න බැරුව. ඒත් වලියක් කීවා විතරයි කොහොම හරි තැන හොයන් අපි ගියා.

බලද්දි  රන්දුනුයි, භාතියයි තව අපේ එවුන් දෙන්නෙකුයි තමයි වලිය දාගෙන තියෙන්නේ. 

වෙලා තියෙන්නේ මේකයි. හලාවත ආනන්දෙ ද මොකක්ද කියලා ඉස්කෝලෙක ලමයි වගයක් ඇවිත් තියනවා. ඒක මික්ස් ස්කූල් එකක්. අපේ එවුනුත් ලෝක පැනියොනෙ. අපේ එකෙක් කෙල්ලො දෙන්නෙක් තනියම යනවා දැකලා එයාලගෙන් වතුර ඉල්ලලා. ඒක දැකපු ආනන්දෙ කොල්ලෝ වගයයක් අපේ එවුන්ගෙන් ගේම ඉල්ලලා. 

(ඕක ඉතින් ගේම ඉල්ලන්න තරම් දෙයැක්යැ. සීතලේ වේලි වේලි ඉන්න අපේ එවුන්ට වතුර ටිකක් දීපුවම මක් වෙනවද නේද?)

විනාඩි 5ක් යන්න නෑ අපේ එවුන් පිරුනා.

"දැන් උබලා මොකද කියන්නේ" 
අපේ එවුන් ඇහුවා.

උන්ගේ දඩාර සයිස් කලු කොල්ලෝ දෙන්නෙක් ඇවිත් කීවා
"ඇයි උබලා අපට ගහන්නද අහ්?"

අපි:- "ඇයි බෑ කියලද හිතන්නේ ****.  දැන් කියපන්කෝ උබලගෙ කේස් එක මොකක්ද කියලා."

උන්:- "උබලා මේ අපේ කෙල්ලෝ දෙන්නෙක්ව ටෝක් කරලා අනම් මනම් කියලා තියෙන්නේ. එන්න එපා ඒවට හරිද"

අපි:- " ඇයි උබ ඒකිගෙ තාත්තද උබට ඔච්චර අමාරුව?"

අපේ තව එකෙක්:- "අනේ අපි තොපේ ලොන්ත කෑලි ටෝක් කලේ නෑ .වතුර ඉල්ලුවා විතරයි.තොපි හිතුවද කුරුණෑගල අපි කෙල්ලෝ නැතුව වේලෙනවා කියලා"

උන්:- "ඇයි උබලට දැන් ගේමද ඕනෙ?"

(අපේ එවුන් උන්ව වට කර ගත්තා)

අපි:- "අනේ නිකන් පුලුවන් දෙයක් කතා කරපන් ඩෝ. උබලගේ කෙල්ලොයි කොල්ලොයි බම්බු ගහන්නද.කීයද උබලගේ කොල්ලො ඉන්නෙත් 15ක් විතර නේද? 15ක් එකතු වෙලා 45කට ගහන්න ටිකක් වෙලා යයි නේද?  පව් බන් උබලා"

අරුන්ට දැන් කර කියා ගන්න දෙයක් නෑ.

එතකොටම උන්ගෙ සර් කෙනෙක් ආවා ඈතින්. මල කෙලියයි. දැන් මොකද කරන්නේ..
අපරාදේ ලස්සන වලියක් යන්න ඔන්න මෙන්න තිබ්බේ...




මතු සම්බන්ධයි..............




    අඹේවෙල ෆාම් එකේදි


    ශාවින්දයා (හරක් හොරා)

    හදිසි වැඩකට බස් රථය නැවැත්වූ අවස්තාවක්

    Garden එකේ entrance එක

    Garden එකේදි ගත්ත පිස්සු ආතල්




    ලෝලිතයයි මමයි ෆිල්ම් එකක ජවනිකාවක් රග දක්වන ආකාරය

    අපේ සෙට් එක

    ලෝලිතයගෙ කෑල්ල වනමලී

   රෑ එන ගමන් බස් එකේ ෆන්

    ස්තූති කතාව කරන අතර තුර

11 comments:

  1. ඔන්න ඉතින් කොන්වන්ට් එකට අනන් මනන් කියද්දි අපිටත් ඉතින් බනින්න හිතෙනව ඈ .. කොන්වන්ට් එකෙ ඉන්නෙ අපි වගෙ මල් වගෙ ල්ලමයිනෙ ^_^

    ReplyDelete
    Replies
    1. හලි හලො මම දන්නවා ඉතින් ඔයාලා මල් වගේ.මම කියන්නේ වර්ථමානෙ ඉන්න ලමයි ගැන අක්කේ

      Delete
    2. හා එහෙනම් එහෙම කියමුකො :v

      Delete
  2. ado patta mcn...bt ubata podi podi kali wagayak amathaka wela..:D eka awulak na apitath mathaka ochchara thama..mathakada film hall 1ka athulata yanakotama hagum danawuwe... kyagena aruni rajapaksha ara palapu frock 1ka dige atha udata gannakota summa mama diha kanna wage balapu hati... :) :D >:(....mama pana baye hitiye... ai bn mama qa super six kyala dana danama summata qa kusa paba kyala... he he.. :D :D kathanam thawa tyenawa neh...panthiye hodama lekakayane uba lypn lypn..

    ReplyDelete
    Replies
    1. ah ewwth mathakai machndn nadda ithin liyaagena yaddi welaawakata amathaka wenawane. ela ela thnx mchn....onna ohoma amathaka wena keli mathak karala diipan mchn.e kaale nam maru. e kaaale aye en naa

      Delete
  3. Ela macho 11th ikmanatama dapan

    ReplyDelete
  4. supiri ah....man meka kiawana hamadama umbe blog ekata wadinawa..ela...

    ReplyDelete
    Replies
    1. bohoma sthuuthie shalukaya. ubalage comments walata thnx.digatama mage blog ekat ekka set wela idapan machan

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete