දුරක් ගෙවාගෙන ආ මග මිහිරියි
නොදැනිම සිව් වසරක් ගෙවුනා..
ආගන්තුකයන් විලසින් අපි හැම පියනැගු
හැටි මගෙ මතකෙට නැගුනා..
වලේ බස් එකේ ගුලේ අපායේ
අපි ගතකල මතකය තිබුනා..
එදා වගේමයි පාර දිගේ අද
පිණි පොද එක්කල මල් තිබුනා..
කැන්ටින් බත කා එලි වෙනකන් අපි
වලේ ඇක දැමූ දින තිබුනා..
කට්ට උනත් හරි රසට අනං කෑ
සොයුරු ප්‍රේමයක් එහි තිබුනා..
එකට ගමන් කල මං මාවත් වල
අපි තනිවන බව දැන උන්නා..
ඉතින් අවසරයි පලයං අහසට
ලෝකය දිනපං සමු දුන්නා...
ආගිය තැන් වල උබලගෙ මතකය
කදුලු එක්ක මැවි මැවි පෙනුනා..
උබල නැතුව තව වසරක් ගෙවුමට
මට සිත නෑ පාලුව දැනුනා..
මතකය සුවදයි ඉදිරිය ජය වෙයි
ආකි පැරා ආසිරි දුන්නා..
මේ ඉර හද යට හමුවෙමු දවසක
ආයුබොවන් වචනය දුන්නා..
- රුචිර වීරකෝන් -
21.12.2019
No comments:
Post a Comment