Pages (පිටු)

Sunday 3 November 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 6 වෙනි කොටස )


පළමු කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

දෙවෙනි කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

තුන්වන කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න
http://ruchiracreations.blogspot.com/2013/10/3.html?m=1

හතරවන කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

පස්වන කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න


පියුමාල් ලොකු වොච් එකකුත් බැදගෙන පන්තිය ඉස්සරහට ගියා.

"මහා උරග දැවැන්තයා"
කියලා අර තඩි වොච් එකට ගැහුවා. අම්මට උඩු දැනුයි මට මතක් උනේ මූ මේ හදන්නේ බෙන් ටෙන් සෙල්ලම කරන්න.

එතකොටම  තවත් මොකෙක්ද සතෙක්ගේ නමක් කියාගෙන හසිතයත් වොච් එකට ගහලා පන්තිය පිටිපස්සේ  ඉදන් පනිනවා. දැන් දෙන්නා බොරුවට ගහ ග්න්නවා. අනික් එවුන් චියර් කරනවා.

ඔහොම වලිය යන අතරෙ රත්නායක මැඩම් ආවා. මුන් දෙන්නා ඉතින් කාටුන් එකේ වගේ බොහොම තාත්වික විදියට රන්ඩු කර කර හිටියේ. මැඩම් ටත් හිනා. මැඩම් ඒක වැඩිය අපිට අගවන් නැතුව පොඩි සද්දයක් දාලා ගියා.

(අහ් කියන්න අමතක උනා. රත්නායක මැඩම් කියන්නේ අපෙ සයන්ස් සෙක්ශන් එක බාර නියෝජ්ය විදුහල්පති.එයා කාලයක් මලියදේව බාලිකා එකේ ප්රින්සිපල් වෙලත් හිටියා)

කොහොමින් කොහොමින් හරි ඒ ගේම නැවතුනාට පස්සේ. තව සෙල්ලමක් පටන් ගත්තා. ඒ ඉතින් අපේ කොල්ලන්ගෙ බූරු ගැහිල්ල. 

ගුරු මේසෙ රෙද්ද ඇදන් එකෙක් මැරියන් වෙලා තව එකෙක් රොබින්හුඩ් වෙලා රොබින්හුඩ් සෙල්ලමත් කාලයක් අපි කලා.

ඔන්න ඊට පස්සෙ හවුස් මීට් ආවා. අපේ අය තමයි බැහැලම වැඩ කලේ. 12 වසරට තමයි ඒ පාර මීට් එක බාරව තිබ්බේ. අපේ එවුන්ගෙ වැඩේ හවුස් මීට් කියලා පීරියඩ් කට් කරන එක. කට්ටිය මාර්තු මාසෙ ඉවර වෙනකන් ඒ සෙල්ලම කලා. 

අපේ පැත්තෙ ඉස්කෝල වලින් හොදටම කරන්නේ අපේ හවුස් මීට් එක තමයි. ඉතින් හුගක් අය ඒක බලන්න එනවා. අන්තිමට තමයි ලොකුම ෆන් එක තියෙන්නේ. කවුරු දිනුවත් කවුරු පැරදුනත් කොල්ලො ඔක්කොම සෙට් වෙනවා. දිනපු හවුස් වල කේක් පැරදුන අයයි දිනපු අයයි ඔක්කොම බෙදන් කනවා.
(බොහොම සාමකාමී විදියට පොර කාල හත් අට පොලකම කේක් ගාගෙන තමයි කට්ටිය කේක් කන්නේ.)

සී. බී සර් ඉන්න කාලෙ නම් සවුන්ඩ් සිස්ටම් එකෙන් එනවුන්ස් කරලා කියනවා ආරියරත්න ශිෂ්ශයා විදුහලේ නිවාසාන්තර ක්රීඩා උලෙලේ අවසන් කිරීමේ නලා වැයීම සදහා ටක් ටක් බුම් නාදයක් ලබා දෙන්න කියලා.එහෙම කියන්නේ
පුහුනුවීම් වලදී.
 (ආරියරත්න ශිෂ්ශයා කියන්නේ ඒ කාලෙ බෑන්ඩ් එකේ හිටපු අයියා කෙනෙක්. සී.බී. සර් නම් ඔක්කොම හැදින්නුවෙ බූලා කියලා.ඒ නමටත් මම හිතන්නෙ සෑහෙන ඉතිහාසයක් තියනවා. කවුරු මොනවා කීවත් මලියදේවෙට වැඩක් කරපු මනුස්සයෙක්.
ඒ සර් නාකි වෙලා තියෙන්නෙම ඉස්කෝලෙට ඉස්කෝලෙ යන කාලෙ අවුරුදු 13 ම ඉස්කෝලෙ ඇතුලෙ. ඊට පස්සේ සර් කෙනෙක් වෙලා ඇවිත් පැන්ශන් යනකන් හිටියෙත් අපෙ ඉස්කෝලෙ. මාරයි නේද ඒකත්. එ සර් ත් ලගදි නැති උනා.)

ඊට පස්සේ ඉතින් හවුස් මීට් එක අවසන් කරන්න තමයි හදන්නේ. ලොකුම ෆන් එක ඒ වෙලාවට. කැඩෙට් බෑන්ඩ් එක සින්දු ගහනවා අපි ඔක්කොම ඇති වෙනකන් නටනවා.ඊට පස්සේ ඉතින් රෑ වෙලා ගෙදර යනවා.

හවුස් මීට් එකත් ඉවරයි.
දැන් ඉතින් පීරියඩ් කට් කරන්නේ කොහොමද.?
....................................................................


"කොලෙජ් කොලෙජ් Devanz කොලෙජ්"

"ආනා මොකද අඩන්නේ.අපි ආනට කියන්නේ"

ඊලගට එන්නේ බිග් මැච් කාලේ.මැච් එක ගහන්නේ ශාන්ත ආනා විද්යාලයත් එක්ක.ටවුන් එක පුරාම සටන් පාට.ටවුන් එකේ තාප්ප ගන්න දෙයක් නැ එක එක ඒව ලියලා.සමහරු වාහනත් ස්ටිකර් කරනව.වාහන වල ඉස්කෝලෙ කොඩි දානව.ටවුන් එක පුරාම වෙනම ලෝකයයි.


මෙන්න මේ වගේ සටන් පාට තාප්ප වල එහෙම ගහනවා.

"East or west devanz are the best"
"Annites go home u are drunk"
"Giya parath dunna bate me parath denawa bate"
" ela kollo nam devanz thamai"

අපේ එවුන් බැට් කරන වෙලාවට එහෙම අපි කෑ ගහන්නේ 

"පිච් එක මැද සිංහ පැටවු.ඒ වටේට රිලා පැටව්" කියලා.

ඔන්න ඔහොම ෆන් මැද්දේ බිග් මැච් එකත් ඉවර වෙනවා.
ඒ වෙනකොට පලවෙනි Term එකත් ඉවර වෙනවා. 
දැන් කොල්ලන්ගෙ ලෑස්තිය ට්රිප් එකක් යන්න.ට්රිප් එක ගිහින් තමයි මාරම වැඩ උනේ.
ඒත් ඊට කලින් වෙන ගමනක් යන්නත් සෙට් උනා. ඒකෙත් හොද ෆන් එකක් ගත්තා.

මතු සම්බන්දයි.....

 

     

      බිග් මැච් ෆන්






     ස්පෝර්ට්ස් මීට් එක දවසේ



     අපේ පන්තිය

No comments:

Post a Comment