Tuesday, 14 April 2015

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!!


අහසින් වැටෙන පොද මල් වරුසා      වේවා..
සහසින් සහස සහ-පිරිවර වැඩි            වේවා..
මිනිසුන් අතර දිදුලන මැණිකක්         වේවා..
සෙනෙහෙන් පතමි සුභ නව වසරක්   වේවා..



ඔන්න එහෙනම් අලුත් අවුරුදුත් ලැබුවා. අපි පොඩි කාලෙ අවුරුද්දට තිබ්බ අමුතු ලස්සන මතක් වෙද්දී ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බා නම් කියලා වෙලාවකට හිතෙනවා.
ඒ කොහොම වෙතත් මේ හැම දෙනාටම ජයෙන් ජයම වන, සුභම සුභ, කිරියෙන් පැණියෙන් ඉතිරෙන exam ගොඩ යන, රට දියුනු වන සුභ අලුත් අවුරුද්දක් වේවා....!!

Sunday, 12 April 2015

දැනෙනවාද නුඹලාටත් ඒ ආදරය?




මතකද පොඩි කාලෙ පොඩි දේටත් අඩාගෙන අම්මේ කියාගෙන දුවගෙන ගිය හැටි. කොහේ ගියත් කවුරු නැති උනත් අම්මා නැති නම් එතන අපිට ඉන්න බැරි කාලයක් තිබ්බා මතකද? පොඩි කාලෙ විතරක් නෙමේ, අදත් අපිට තුවාලයක් උනත්, කරදරයක් උනත් මොනා හරි දෙයක් හොයා ගන්න බැරි උනත් ඉස්සෙල්ලාම කියවෙන්නේ "අම්මේ" කියල නෙමෙයිද?

ඔයාට මතකද පොඩි කාලෙ ඔයාට බත් කවන්න ගේ වටේ වට ගානක් කතන්දර කිය කිය ඇවිද්ද හැටි? පොඩි කාලෙ මුකුත් තේරෙන්නෙ නැති කාලෙ අපි නිදා ගන්නේ නැතුව අඩ අඩ කරදර කරද්දී මහ රෑ නිදි මරාගෙන අපිව නලවපු හැටි. මට නම් තාමත් මතකයි තාත්තාත් ගෙදර නැති වෙලාවට මම අසනීප වෙලා හොදටම ලෙඩ උනාම මාවත් වඩාගෙන මගේ අම්මා මාව බෙහෙත් ගේන්න එක්කන් ගියා. අපේ අම්මා මාව වඩාගෙන කිලෝ මීටර් ගානක් පයින් ගිහිල්ලා තියනවා. ඒ ගිහින් තියෙන්නේ පුලුවන් කමට නෙමේ, මට තියන ආදරේ එයාගෙ

Wednesday, 8 April 2015

෴ මතකයක් පමණයි ෴ ( 1 වෙනි කොටස )



වැහි බිදු එකින් එක වැටෙමින් තිබුණා. තවමත් සවස් වී නොතිබුනත් ඝණ අන්දකාරයක් මුළු කුරුණෑගල නගරයම වෙලාගෙන තිබුනා. ඒ ගත වූයේ පස්වරු කාලය වුවත් පෙම්වතුන් කිහිප දෙනෙකුගෙන් රජපිහිල්ල උද්යානය පිරී තිබුනා. ඔවුන් ඔවුන්ගේ ලෝක වල තනි වෙමින් හිටියා.

ඒත් ඒ අතර උයන් කොනේ ඇති කොන්ක්‍රීට් බංකුවක තරුණ පිරිමි ලමයෙක් වාඩි වෙලා හිටියා. තරමක් මද්යම පාන්තික පෙනුමක් ඔහු ගෙන දිස් වූ අතර ඔහු කාටත් සුහදශීලී ප්‍රියමනාප පුද්ගලයෙක් බව මට

ආයුබෝවන් වාසනාවන්....


සුබ සන්ද්යාවක් වේවා මා දයාබර මිතුර මිතුරියනි...


"රුචීගේ සයිබර් නවාතැන" කාලයක් තිස්සේ ලියන්න බැරි වෙලා තිබුන එක ගැන මාගේ සමාව බජනය කරනවා. ඔන්න ඉතින් අලුත් අවුරුද්දට කලින් බ්ලොගියෙ බැදලා තිබ්බ මකුලු දැල් එහෙම කඩලා දාලා ආයෙ අලුතෙන් වැඩ පටන් ගන්නයි සූදානම. ඔන්න දැන් ඉතින් ඉස්සර වගේම මාත් එක්ක එකතු වෙලා හිටපු