පුංචි පුතුනේ නාඩ ඉදපං
කොන්ද පණ නැත වැඩ කරන්නට
ඔබේ කුසගිනි නොදැනෙනව නොව
ඔත්පල වු මා කුමක් කරන්නද
ඊයෙ රෑ මහ වැසි කඩා හැලුනා
දෙගොඩ තලාගෙන වතුර ගැලුවා
උබව ඇකයෙහි තියන් ගුලිවී
ඉකි බිදිනු හැර කුමක් කරන්නද
බඩගින්නෙ හඩනා නුබෙ හඩ
ඉවසන්න බෑ පුතුනි මා හට
මගේ දෙතනේ එරුනු කිරි නැත
ඉතිරි දුක් ගිණි පමනි සිත තුල
පෙරදිනක මහ මුහුද ගලලා
උබේ අපුච්චා නොමැරුනේ නම්
අද මමත් නැත හෙට නුබත් නැත
මෙලෙස පාරේ හිගා කන්නේ

