ඔවුනොවුන් බස් මුමුණන
නෙක නෙක මුවින් සැරසුණ..
වසත් කාලය නික්මුණ
නමුදු සැණකෙලි නැති වුණ..
දින සති ගණන් ගත වුණ
අපි නැතුව එහි තනි වුණ..
ප්‍රේමය පිරී ගිය තැන
පාලුව සමග තනි වුණ..
එනතෙක් බලා බැරි තැන
හේමන්තයට පෙර අප සොයන..
දුක දරණු නොහී තැන
රුක් මුදුන් වුවත් දුක දැනෙන..
හිස්කම දරා බැරි තැන
ඉකියෙන් හැඟුම් ගිලිහුන..
මිලින වී වැටුන වියලුන
තුරු පත් ඔවුහු බිම සිඹින..
- රුචිර වීරකෝන් -
13.06.2021
සේයාරුව : DetailS
No comments:
Post a Comment