Thursday 31 October 2013

අහිමි වේවිද ජය මාවත දිළින්දාට


"විකිණීමට පමණි, අධ්යාපනය"
(අබුද්දස්ස කාලෙනේ...ලබුත් තිත්තයිලු...)

කන්නංගර මැතිදා දනී නම්
තමා පැල කල
අතු දරා විත්
කලක් විශිෂ්ඨතම ඵල ලබා දුන්
නිදහස් අධ්යාපනය නම් වෘක්ශය
මෙවර ආණ්ඩුව දුන්
පොහොර සහනාධාරයෙන් ලද
බාල පොහොර නිසා
මැරී යන්නට ඔන්න මෙන්න බව
මෙයත් සමගම
නියගලා පැලයකුත්
පැල කලේ නම් හොදයි යැයි
ඔහුට සිතේවි



            -ruchira-

Tuesday 29 October 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 5 වෙනි කොටස )


පළමු කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

දෙවෙනි කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

තුන්වන කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න
http://ruchiracreations.blogspot.com/2013/10/3.html?m=1

හතරවන කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න




"ආයුබොවන්. ඉදන්න(ඉදගන්න).කෝ පැටිකල් පොත් ගන්න."
සුමන බණ්ඩාර සර් කියාගෙන කියාගෙන ගියේය.
"ඈ බන් අර යකා මොන අන්ඩර දෙමලයක්ද බන් කියවන්නේ "ස" අකුරු ගොඩක් විතරනේ ඇහෙන්නේ"

එකෙක් පිටි පස්සෙ මැදට වී කොදුරයි.

"මම හිතන්නේ එ කීවේ ප්රැක්ටිකල් පොත් වෙන්නැති"
රාමා කීවේය.

"ඔගොල්ලන්ට චිලයිට්ටුවයි,වෙන්චුමා මම අහවල් අහවල් දවස් වල කරනවා"

සුම්මා නැවත වතාවක් කීවේය. (සුම්මා යනු අපි ආදරේට හදාගත් කෙටි යෙදුමක් විය.ඇත්තටම සුමන බන්ඩාර යන දිග නම කීම අපහසුය.පසුව අපි දැනගත් පරිදි අප පමනක් නොව කලින් අය්යලා මෙන්ම ගුරුවරුන්ද ඒ නම පාවිච්චි කර තිබේ)

"ඒ පාර මොකක්ද බන් ඒ කීවෙ?"
මම ඇසීමි.
"ඒ කීවෙ තියංචාලයිට්ටුව කියලයි, වෙන්චූලිමානය කියලයි"
රාමා කීවේය.
(රාමා අපේ භාෂා පරිවර්ථකයා විය.මුලින් මුලින් අපිට අමාරු උනත් කල් යද්දී අපිද සුම්මාගේ භාෂාවේ ප්රවීණයන් විය.)
"අඩෝ එහෙම ඒවත් තියනවද?" 
මම නැවත ඇසීමි.
"කව්ද දන්නෙ බන් ඇති ඇති" යොමාල් කීවේය.

"ඒයි ඔය පිටිපස්සෙ දෙන්නා නැගිටිනවා"
සුම්මා අත දිගු කලේ අප දෙසටය.

 "තොපිට කීවට තොපි හැදෙන් නෑ" 
කියා හොද පාරවල් දෙක තුනක් පිට හරහා දී අපිව පන්තියෙන් එලියට දැම්මේය. ඒ ලෙවල් කරන්න ආපු පලවෙනි සතියෙම ගුටි කෑවේ එසේය.

ඒ ආකරයට කොතරම් ගුටි කෑවත් ඒකෙත් අමුතු ලල් එකක් තිබිනි.

අපිට මැත්ස් කරේ කාන්ති මැඩම්ය. මැඩම් ලමයින්ට හරි ආදෙරේයි.හැබැයි ඉද හිට ඉතා දරුනු වූ අවස්තාද ඇත. මුල් දවස් වල පිටුපස පෝලිම් වලට බණිමින් ඉගැන්නුවත් පසුව එය අපේ කෙලිලොල් කම බව වටහාගත් ඇය අපිට එතරම් අකමැත්තක් දැක්වූයේ නැත.

"මම අද අලුත් පාඩමක් උගන්නන්න යන්නේ. බැරි උන අය අද හරි අල්ල ගන්න බලන්න.අනික් අය කරදර නොකර ඕනෙ දෙයක් කර ගන්න.නිදාගත්තත් කමක් නෑ. නැත්තන් පුස්තකාලයට ගියත් කමක් නෑ"

මැඩම් එසේ කියයි.ඇය සමහර දාට පන්තියට එන්නේ මග ඉදන්න ගාන කියවගෙනය.මැඩම් ඒ තරම්  quickය.

ඊලගට අපේ රසායන විද්යා සර්.ඒ තමයි මදුරප්පෙරුම සර්.පට්ටම ආතල් සර් කෙනෙක්.මොකක් හරි කැත කතාවක් ඇදලා අරගෙන අපටත් නොදැනෙන්න පාඩම බොක්කටම වදින්න කරනවා.අපේ ඇම්ඩලා සෙට් එකටත් ඉතින් මොනවා අමතක උනත් කුනුහරුප නම් අමතක වෙන් නෑ.
සර් වෙලාවට ඇවිත් වෙලාවට යන පොරක්.ඉදලා හිටලා පොඩි අයිස් පාරක් එහෙම ඉතින් නොගහනවම නෙමේ.ඒ වගේම තමයි ඕනම වලියකට බහින්න පුලුවන් හොද හයේ හතරේ පොරක්.සර් ඉස්කෝලෙදි වගේම ඉස්කෝලෙන් පිටදිත් හරිම හරිම වැඩකාරයා.අපේ එවුන් නම් දන්නවා ඇති ඒ ඇයි කියලා.ආඩම්බර වෙන්න ඕනෙ අපි සර් ගැන.

ඒ වගේම අපේ පන්තිය ඇන්ටාක්ටිකාවටත් වඩා සීතල අයිස්ලන්තයක් කලේ මනතුන්ග සර්. 
කොහොම උනත් අපිව ගොඩ දාන්න කාන්ති මැඩම්, සුමන බණ්ඩාර සර්, මදුරප්පෙරුම සර්,මනතුන්ග සර් සෑහෙන්න මහන්සි උනා. වාචාල් කමට ඔච්චම් කලාට අපේ හිතේ එයාල වෙනුවෙන් ලොකු ආදරයක් භක්තියක් තියනවා.
අපිට  GIT ඉගැන්නුව සුරන්ජිත් චානක සර්.

පන්තියෙ හිටිය ඉස්සරහම වැඩ කරන කොල්ලො සෙට් එකක්. ඉශාර,දිනුජ,වීරක්කොඩි, එහෙම ඉතින් ඒ වැඩ කරන ලමයි අතර කිහිප දෙනෙක්.

අපේ ආතල් ම වැඩේ තමයි කවුරුවත් පන්තියෙ නැති වෙලාවට කය්ය ගහන එක. රන්දීරට තමයි ඕනෙ පචයක් රගපාල උනත් රසවත්ව කියන්න පුලුවන්. එ අස්සෙ අපේ ජනප්රියම අන්ගය උනේ සමිතයගෙ අල්ලපු ගෙදර නන්ගිගෙ කතා අහන එක. අපි වගේ නෙමේනෙ සමිතය කෙල්ලො අතර අනන්ගයා වගේ පොරක්.

ඒ අස්සෙ ආතල් වැඩිම උනාම රාමා.ධනුක අපි සෙට් එක සින්දු කියනවා. චන්ඩි විජේ ඇවිල්ල සද්දයක් දාපුවම තමයි හුගක් වෙලාවට බජව්ව අවසන් වෙන්නෙ.( චන්ඩි විජේ යනු මෑතකදි පත් උන විද්ය අංශ ප්රධාන සර් ය)

"මට වෙලාවකට හිතෙනවා මචන් අර හයිලෑඩර්ගෙ වගේ කඩුවක් තිබ්බනම් හොදයි කියලා."
මම කීවෙමි.
"ඇයි බන් උබ එහෙම කීවේ?"
රාමා ඇසුවේය.

"නෑ බන් එතකොට කඩුවෙ බලය එක පාර දුන්නම දැනුම ඔක්කොම එක පාර ගන්න පුලුවන්නේ.මෙහෙම දුක් විදින්න ඕනෙ නෑනෙ.උගන්නනව කියන කන්දොස්කිරියාව අහන් ඉන්න පුලුවන්ද බන්,අනික අපි වගේ එවුන්ට උගන්නනව කියන එකත් කොච්චර දුකක්ද?"
මම කීවෙමි.

"උබේ ඔලුව කොහෙවත් වැදුනද ?"යොමාල් මගෙන් ඇසුවේය.

වෙලාවකට අපි පොඩි උන් වගේ අමුතුම ලෝක වලය.අව්ලක් නෑ.ඒකෙත් පොඩි ලල් එකක් තියනවා.

වෙන ඉස්කෝල වල කොල්ලො කෙල්ලො ගැන කතා කියද්දි. මික්ස් ස්කූල් වල තියන ආතල් එක කියද්දි අපේ එවුන් ඉරිසියාවෙන් පූපුරයි. 
අනේ අපේ ජිවිතේ හොදම කාලෙ කෙල්ලෙක්වත් නැතුව මලියදේවෙ ඇතුලෙ නාකි උනා නේද? අපරාදේ යැයි විටක සිතේ.

ඔව් අපේ ඉස්කෝලෙ කෙල්ලො නැති අරාබියක් වගේ තමයි. ඒත් උන්ට වඩා ආතල්  අපි අරගෙන  තියනවා. අන්න ඒකයි අපිට ආදරණීය මලියදේවෙ තාම අමතක කරන්න බැරි.ඒ සොදුරු අතීතෙට ආයෙත් යන්න හිතෙන්නෙ.

මතු සම්බන්දයි.........




 අපේ පන්තියේ හැම එකා ගැනම කියන රාමා හදපු කවි  පන්තියක්


          කාන්ති මැඩම්
     
 සුමන බණ්ඩාර සර්
      සුමන බණ්ඩාර සර් හා මනතුන්ග සර්. කොහොමද හැන්ඩියො දෙන්නා?
     අපේ පන්තිය




Monday 28 October 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 4 වෙනි කොටස )


පළමු කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

දෙවෙනි කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

තුන්වන කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න
http://ruchiracreations.blogspot.com/2013/10/3.html?m=1




"කෝ බං අද  සා/පෙ රිසල්ට් එනවා කීවට තාම නෑනෙ"
"බන්දුලයගෙ බොරුද කොහෙද බං"
"නෑ නෑ බං ඊයෙ නිව්ස් වලත් කීවා"

උදේ ඉදන් අපේ රසායන විද්යා ක්ලාස් එකේ
කොල්ලන්ගේ එකම කතාව ඕක තමයි.

අහ් කියන්න අමතක උනා අපිත් ඉතින් එක්සෑම් ඉවර උනා විතරයි පැල් බැදගෙන ආයෙ උ/පෙල ට ක්ලාස් යන්න පටන් ගත්තා.අනික් එවුන් යද්දි ඉතින් අපිටත් ගෙදරට වෙලා බකන් නිලං ඉන්න බෑනෙ.

කොහොම කොහොම හරි ක්ලාස් ඉවර වෙලා මම ගෙදර යනවා බස් එකේ.එක පාරටම ෆෝන් එක වයිබ්රේට් වෙනවා.

"හෙලෝ"
"හෙලෝ මචං මම ලකා කතා කරන්නෙ.කොහොමද මචන් උබෙ රිසල්ට්"

මේ යකා මොන මගුලක් කියවනවද මන්දා මම උදේ ඉදන් ෆෝන් එකේ බැටරි බහිනකන්ම වෙබ් සයිට් එකට ගිහින් බැලුවා. මොන කජ්ජක් වත් ඇවිත් තිබුන් නෑ.

"වෙන්න බෑනෙ බන් මම දැනුත් බැලුවනේ" 
මම කීවා

"නෑ බන් මේ දැන් දාලා තියෙන්නෙ. මම ලොග් වෙලා ඉන්නෙ.උබෙ ඉන්ඩෙක්ස් නම්බර් එකත් කියපන්"
ලකා කීවා. මම එක හුස්මට ලකාට නම්බර් එක කීවා. මගෙ ඇගත් එක්ක දැන් නිකන් වෙව්ලනව වගේ.

"මචං"
"ඔව් ලකා කියපන්"(දාඩියත් දාලද මන්දා මට)
"සිංහල-A  බුද්දාගම-A"
ලකා කියාගෙන යනව.
"මොන රෙද්දක්ද බන් අමු අමුවෙ මාව පුච්චන් නැතුව  Aකීයද  Bකීයද Cකීයද තියන ඉංග්රිසි අකුරු ගානක් ගැනලා කියපන්කෝ"

අම්මටසිරි මම කෑ ගැහුව වැඩිද මන්ද වට පිට එවුන් ඔක්කොම මම දිහා බැලුව. මම ශේප් එකේ බිම බලා ගත්තා. ඔන්න ආයෙත් ලකා කතා කරනව.

"මචන්A, 8යි B එකයි, B lit වලට මචන්,මගෙ රිසල්ට් @@@(මට උගෙ රිසල්ට් මතක නෑ). මගෙන් සුබ පැතුම් මචෝ"
ලකා කීවා .

"අඩෝ එලනේ. තෑන්ස් මචන්. ඇන්ඩ් මයි කන්ග්රැට්ස් මචෝ"

මට දැන් බස් එකේ උඩ පනින්න හිතයි.එක පාරකුත් නෝන්ඩි වෙලා ආයෙත් එහෙම වෙන්න බෑනෙ. පාඩුවෙ කට වහන් ඇවිත් නාරම්මලින් බැස්සා. 

නාරම්මල ක්ලාස් යන කාලෙ හිටපු යාලුවො ටික ටවුන් එකෙන් සෙට් උනා. රිසල්ට්  කොහොමද බන් කියලා අහපු උන් අන්තිමේ මාව බස් එකේ යන්න විතරක් රු.20ක් විතරක තියලා හිගන්නෙක් කරලා තමඉ බස් එකට නැග්ගුවේ.

රිසල්ට් වල සතුටත් ඔහොම ගෙවිලා ගියා.
මගේ අලුත් සෙට් එක තමයි, මම, ලෝචන, අල්විස්, අනික ඒකනායක. අපි සෙට් එක තමයි හුගක් ක්ලාස් වල එකට හිටියේ.

හුලන් වදින්නවත් එලියට බැහැපු නැති ගෑනු ලමයි මේ කාලෙ ක්ලාස් එනවා.
සා/පෙල වගේද ඉතින් උ/පෙල නේද?
අපේ එවුන්ටත් ඉතින් උන් දකිනකොට හරියට වතුර තිබහ එහෙම හැදෙනව.

"ස් ස් වතුර ටිකක් දෙන්න පුලුවන්ද?"
ඔන්න ඔහොම තමයි අපේ අයියලා බහුතරයක් වැඩේට එන්ටර් උනේ.

ඒ අතරේ ක්ලාස් කට් කරපු වෙලාවල් එහෙමත් තිබුනා.අපි ගියා වැහැර රසායන විද්යා ක්ලාස් එක්කකට.එදා අපේ එවුන්ගෙන් හිටියේ ලෝචනයි මමයි. පිස්සු කෙලින්නවත් කවුරුවත් නෑ.

"මචං යමුද ගෙදර. " 
ලෝචන මගෙ කනට කරලා කීවා.
"හා බන් මටත් ඇති වෙලා. අපි මොකක් කියලද බන් යන්නේ?" 
මම ඇහුවා.
"උබ මොකක් හරි එකක් අමුනලා කියපන්කෝ බන්" 
ඌ කීවා. 
මායි ඌයි දැන් බෑග් දෙකත් අරන් නැගිට්ටා.
"මැඩම් අපිට මීඩියා එකේ රැස්වීමක් තියනවා කීවා 4.30 ට අපි ගියාට කමක් නැද්ද මැඩම්?"
මම කියාගෙන ගියා.

ඒ වෙලාවට මොන රැස්වීම්ද, හි හී, මැඩම්ටත් බොරුව තේරෙන්න ඇති. 
ඒත් මැඩම් හා කීවා. අපි දෙන්නත් ඉතින් වැඩ්ඩො දෙන්න වගේ එලියට ආවා. ඔහොම ආතල් එකේ ටික කාලයක් ගෙවුනා. 

උ/පෙල ට අපිව ඉස්කෝලෙට බාර ගන්න දවසත් ආවා. දන්නෙම නැතුව කාලය ගොඩක් ගෙවිලා ගිහින්. සුදු පාට ස්කූල් කිට් එක ඇදලා කොල්ලෝ සේරම ඇවිත් හිටියා.ඒත් වෙනදා වගේ නෙමෙයි.
Maths, bio, art, commerce  කියලා කොටස් 4 කට අපිව බෙදලා දැම්මා. එකට හිටපු සමහර යාලුවො අපිට එදායින් පස්සේ ආයෙ මුන ගැහුනේම නෑ.

මම අහු උනේ 12-M2 ක්ලාස් එකට. අපේ පන්තියට ගොඩක් සුපිරි චරිත ටිකක් සෙට් වෙලා හිටියා.ඒකනායක, හසිත,යොමාල්, රාමා,ධනුක,
තිලින,kk,ගුන්නෑපාන,දුශ්ශන්ත,පියුමාල්,දිමුතු,ලෝලිත,සමිත,රන්දීර,
විද්ව,ශාවින්ද,මැගියා,බටුවා,වික්රම,ජයලත්,බට්ටි මුන් සෙට් එක තමයි සුපිරිම ආතල් කොල්ලොව් සෙට් එක.(අනික් එවුන්ගේ නම් පසුව කියමි).

අපේ පන්ති භාර හිටියේ සුමන බණ්ඩාර සර්. 
උසස් පෙල කාලෙ ජොලි වැඩ ගොඩක් උනා.



මතු සම්බන්ධයි.....




     ඉස්කෝලෙ ට්රිප් එක ගිය දවස් වල 12 වසරෙදි

Saturday 26 October 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 3 වෙනි කොටස )


පළමු කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

දෙවෙනි කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න


චතුර සර් කියන්නෙත් අපේ කොල්ලන්ටම හරියන සුපිරිම චරිතයක්.කොටින්ම කියනවනන් වැඩිය වයස නැති රෙස්පට් පොරක්.

ඒ කාලෙ තමඉ අපේ සෙට් එකට නදීශ,ශාලුක,ආනන්ද, මුදිත,දිනුක(පැනියා),විශ්ව,
කනිශ්ක(හොට්ටා) එහෙම අපේ සෙට් එකට සෙට් උනේ.

අපේ පන්තිය තිබ්බේ තට්ටු ගොඩනැගිල්ලක දෙවනි තට්ටුවේ. පාර අයිනේ තමයි බිල්ඩින් එක තිබ්බෙ. ඒ දවස් වල මද්ය අංශයෙ අංශ ප්රදාන සර්ට අපි ආදරේට කීවෙ තොලා කියලා. නියොජ්ය අංශ ප්රදාන සර් ට කීවෙ වල්කය කියලා. අපිට එයාලගෙ ඇත්ත නම් පවා අමතක වෙන තරමට ඒ නම් අපිට හුරු පුරුදු වෙලා තිබ්බේ.
හැබැයි ඉතින් ඒ දෙන්නා ඉංගිලිශ් මීඩියම් ලමයි ට නම් වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.හේතුවනම් මොකක්ද කියලා අපි දන්නෑ ඉතින්. අපි ඉතින් හොදක් කරත් බැනුම් ඇහුවා විතරයි හැමදාම.කොහොම උනත් අපි ඒ සර්ලා ටත් ආදරෙයි.
අපේ ඉස්කෝලෙ ඒ දවස් වල තිබුනා පෝෂණ වියාපෘතියක්. මම හිතන්නෙ තාමත් ඒක තියනවා. අපිට ඉතින් උදේට එක එක කෑම හම්බෙනවා. 
එදා බ්රහස්පතින්දා දවසක්. එදා තිබ්බෙ කඩල. අපෙ පන්තිය තිබ්බෙ උඩ තට්ටුවෙනෙ.දැන් ඉතින් තට්ටුවක් බැහැපන්කො අත හෝදන්න. අපි නම් බහියි. එකෙක් වත් කන්නෙ ඉතින් අත හෝදල එහෙම නෙමෙයි.

එදා සර් ත් එයාගෙ කෑම එකත් දිග ඇරන් අපෙන් අහනවා,
"ළමයි උඹලා දැන් කඩල කන්නෙ අත එහෙම හෝදලාද?"
එතකොට අපේ එකෙක් කියනවා
"නෑ සර් ඌරන්ට මොන සවුක්යද?" කියලා

සර් ත් ආයෙ වට පිට එහෙම බලලා  
"එක්කො ලමයි මමත් කාලා ඉවර වෙලාම අත හොදනවා" 

කියලා සර්ත් අපි එක්කම අත හෝදන් නැතුව කනවා.තව ඉතින් මරු මරු සිද්දි වෙලා තියනවා.

අනේ ඉතින් මොකට කියනවද අපේ එවුන්ට කෑමක් එහෙම දැක්කොත් නම් ඉතින් දැකලා නෑ වගේ. පන්තියේ කෑම එකක් එහෙම දිග ඇරියොත් ඒකට පනින්නෙ මාස ගානකින් කාල නැති ඉතියෝපියාවෙ සෝමාලියාවෙ එවුන් වගේ.
කොච්චර පොර කෑවත් මරා ගත්තත් ඒ මතක හරිම සුන්දරයි. 

අපිට ඉන්ටවල් එකට කලින් බඩිගිනි ආපුවම එහෙම අපි කන්න පාවිච්චි කලේ සිංහල පීරියඩ් එක.අපි පිටිපස්සට වෙලා කනවා.මැඩම් එයාගෙ පාඩුවේ උගන්නනවා.පන්තිය මුල්ලෙ තුන්වන ලෝක යුද්දෙ උනත් එයා නම් දන් නෑ.

අපි මහා පරිමානයෙන් පීරියඩ් එහෙම කට් කලේ මේ කාලෙ තමයි.එහෙම කරලා අහු උනාම වරු ගනන් අව්වෙ දණ ගහන් හිටපු හැටිත් හොදට මතකයි. ඒ වැඩ වල නෝන්ඩියක් එහෙම නම් අපිට දැනුන් නෑ.මොකද ඉතින් අපි ඔක්කොම කොල්ලො කොල්ලොනෙ.පීරියඩ් කට් කර කර ඉද්දි පිනා ආපු වෙලාවට දුවපු දිවිලි තාම මතකයි. ජීවිතේට පනින්න බැරි තාප්ප වලින් එහෙම පැන්නා නෙමේ ඉබේම පැන්නුනා.මම හිතන්නේ ඒ දවස් වල ජාතික වාර්ථා පරයා යන ඔලිම්පික් වාර්ථා අපි අතින් බිහි වෙන්නට ඇති.එ උනාට අපේ අවාසනාවට අපේ සැගවුනු දක්ෂතා හදුනා ගත්තෙ නෑ කවුරුවත්.

අපේ පන්තියේ කොරිඩෝවට මීගමු පාර හොදට පේනවා. අපේ වැඩේ ඉතින් ඕෆ් පීරියඩ් වලට පන්තියෙන් එලියට ඇවිත් රිවිශන් ක්ලාස් ඉවර වෙලා පේමන්ට් එකේ යන කෙල්ලෝ ටෝක් කරන එක.

දවසක් අපි පන්තියෙන් එලියට ඇවිත් පාර දිහා බලන් ඉන්නවා.

සර් අපිව දැකලා අපේ පැත්තට එනවා ඈතදිම දැක්ක අපි එකා දෙන්නා නෝමල් එකේ පන්තියට ශේප් උනා. ඒත් කණිශ්ක(හොට්ටා) සර් ආපු බව දන්නෙ නෑ. පොර තාම පාර දිහා බලන් ඉන්නවා.සර් සද්ද නැතුව ඇවිත් බුවාගෙ පිටිපස්සෙ හිටගෙන බලන් ඉන්නවා කරන දේ.සර් ඉන්න නිසා අපිට කරන්න දේකුත් නෑ. අපිත් සද්ද නැතුව බලන් ඉන්නවා.

සර් මුගෙ පිටට ශේප් එකේ තට්ටුවක් දැම්මා. මූ හිතුවෙ අපි කවුරු හරි කියලා.

"පොඩ්ඩක් හිටපන්කෝ බන් වදයක් නොවී"

කියල මු පස්ස වත් හැරිලා බලන් නැතුව ආයෙ පාර බල බල ඉන්නවා.සර් ආයෙත් තට්ටුවක් දැම්මා.

"මොකද බන් කරන්නේ.නිදහසේ කෑල්ලක් වත් බලන්න දෙන් නෑනෙ උබලා.අර බලපන් අතන පට්ට කෑල්ලක් යනව" 
කියලා මූ අතිනුත් පෙන්නුවා. ඒත් මේ මෝඩයා තාම දන්නේ නෑ පිටිපස්සෙ  කවුද කියලා ඉන්නෙ.
සර් ආයෙ පාරක් තට්ටු කලා පිටට.

"මොන රෙද්දක්ද **€*#^*#  කරන්නෙ තොගෙ අ#*#£#*><€€"
 කියාගෙන මේ යකා අනිත් පැත්ත හැරුනම තමයි දෙලොව රත් උනේ. අහ් සර් කියල ඔලුව කහලා ශේප් එකේ මෝඩ හිනාවක් දාලා මූ පන්තියට මාරු උනා. වෙලාවට සර් ට තරහා ගිහින් තිබ්බේ නෑ.

ඔහොම ඉතින් රසවත් සිද්දි ගොඩක් උනා..

මම ඒ දවස් වල ඒ කියන්නෙ 10 න් 11 ට ආපු දවස් වල සා/පෙල ට ඔක්කොම ටිකක් බයවෙලා තමයි හිටියේ.මමත් කසුන් කියල යාලුවෙක්ගෙ ගෙදර නැවතිලා පාඩම් කලා. මොනා උනත් පිට තැනක් කියල නොදැනෙන්න හරිම හොදට එයාගෙ අම්මා තාත්තා මට සැලකුවා.

ඒ දවස් වල අපි ඉස්කෝලෙන් පැන්නේ තාප්පෙට පුටු තියලා සෑහෙන ලොකු ගේමක් දීලා.පහු පහු වෙද්දි නම් අපි කෙලින්ම ගේට්ටුවෙන්මයි පැන්නේ.දන්නැද්ද ඉතින් බච්ච කාලෙ ගේට් එකේ සික්කව ටෝක් කර ගන්න තේරෙන් නෑනේ.

ඒ දවස් වල තමයි අපේ ධනුශ්කය පිළිකාවක් හැදිලා නැති උනේ.ඉස්කෝලෙ ස්පෝර්ට්ස් කරපු සෑහෙන ප්රසිද්ධ කොල්ලෙක් ඒ කාලෙ, යාලුවො වෙච්ච අපි හැමෝම ගොඩක් උත්සහ කලා යාලුවා බේර ගන්න ඒත් අපිට බැරි උනා.අපි ඔක්කොම අඩවලා ඌ යන්න ගියා.

දන්නෙම නැතුව සා/පෙල කට උඩටම ආවා.ඒ දවස් වල උපකාරක සම්මන්ත්රණ තිබ්බා. ඒ දවස් වල නම් අපේ එවුන් සෑහෙන ෆන් එකක් ගත්තා.සමහර දවස් වලට ලග ඉස්කෝල වල කෙල්ලොත් එනවා අපේ මනමාල කුකුල් පැටව් ටිකට එතනින් එහා දෙයක් නෑ ඉතින්.ඒ ගේතුව නිසාම අපි උනන්දුවෙන් ඒවට සම්බන්ද උනා.


කොහොමින් කොහොම හරි අපි එකසෑම් එකත් ලිව්වා. ඉවර වෙන දවසේ හැමෝටම දුකයි. පොඩි කාලෙ ඉදන් එකට හිටපු සමහර යාලුවො රටත් දාල යන්න ප්ලෑන් කරලා ඉවරයි.උසස් පෙල කරන්න ගියාම කවුරු මොන විශයන් කරයිද දන් නෑ.

ඒ විදියට මගේ සුන්දර පාසල් කාලෙ එක් පරිඡ්චේදයක් නිමා උනා.

මට හම්බුනු සුපිරිම සෙට් එක හිටියේ  උ/පෙල පන්තියේ. හොද බොක්කක් තියන හොදම සෙට් එකක්. ඉස්කෝලෙ ඇතුලෙ සැහෙන ජාත්යන්තර ගේම් ගොඩක් දුන්න අපි සෙට් එක.

මතු සම්බන්දයි....




මේ ඉන්නේ 10- A පන්තියේ කොල්ලො සෙට් එක.සග දාලා මැද ඉන්නේ චතුර සර්


10 වසරෙන් චතුර සර් එක්ක ගිය ට්රිප් එකේ ෆොටො කීපයක්


   ඉස්කොලෙ කඨින පිංකමක් දවසක




     කණිෂ්ඨ ශිෂ්ය නායක දිවුරුම් දීම


කාලය මැවු වෙනසක අරුමේ...... ( 2 වෙනි කොටස )

පළමු කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න
http://ruchiracreations.blogspot.com/2013/10/1.html?m=1


කාලය බොහෝ වෙනස් වී ඇත. අපි සෙල්ලම් කල පිට්ටනියේ අද වෙනස් පිරිසක් සෙල්ලම් කරයි.අපි සිටිය පන්ති අපිව පන්නා දමා මල්ලිලාව ලන් කරන් ඇත. මේ කිසිවක් නොදන්නා අයුරින් මලිදව් මෑණියන් අවුරුදු 125ක් පුරවටම බලා සිටින්නට ඇත.

මා මුලින්ම විදු පියසට ඇතුලු වූ හැටි මට තවමත් මතකයට නැගේ. 2004 වසරේ 5 ශිෂ්යත්වය සමත් වී ගමේ පාසලෙන් උසස් පාසලකට ආවේ බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙනය.  විදුහල්පතිතුමා අපිව පලමු දවසෙම ප්රදන ශාලවට එකතු කරන් දෙශනයක් දුන්නෙය.මා ලගම ඉදගෙන සිටියේ කෝශලය.
අනපේෂිත ලෙස ඔහුත් මමත් එකම පන්තියට ඇතුලත් විය. එදා සිට අපි දෙදෙනා ගජ මිතුරන් විය. පිට්ටනිය අසල තෙමහල් ගොඩනැගිල්ලේ පිහිටි 6-B පන්තිය මා මුලින්ම ඇතුලත් වූ පන්තියයි.කසුන්, චමල්, යශෝද්, පූර්ණ(කව්ද ඒ දවස් වල හිතුවේ මේ යකා ප්රධාන ශිෂ්ය නායකයා වෙයි කියල) ශසික, කීර්ති, විශ්ව,සුදීර, ශේමාල්, හුලුගල්ල, පියරත්න, කිරි කිරි බෝලෙ, බඩියා, තිනෙත්, රමල්, සෙනාල්, සචිත, චාමර (අද වන විට ආදරයෙ නාමයෙන් කැප කිරිම් ගොඩක් කර අවසන්ය),පූර්නිම(සුදු කිකිලි), ගීතා(අද අප අතර නැත), ශාලින්ද, සන්ජුල 
( නම් කාගෙ හරි කියන්න අමතක උනා නම් සමාව බජනය කර සිටිමි)

ඔන්න ඔය යාලුවො සෙට් එක එක්ක තමයි මම මුලින්ම හිටියේ. අපිට උගන්නපු සේනානයක සර්, පාදෙනිය මැඩම්,කොඩිකාර සර්,මලදෙනිය සර්, දීපිකා මැඩම් එහෙම තාමත් අපිට මතකයි.

කාලය ඔහොම ටික ටික ගෙවිලා අපි 9 වසරටත් ආවා. ඒ කාලෙ ටිකක් ආතල් එකෙ හිටපු කාලයක්. පන්තියේ කවුරුවත් ගුරුවරයෙක් නැති වෙලාවට සින්දු කියන්න පටන් ගත්තෙ ඒ දවස් වල.ඉස්සෙල්ලම සින්දු කියලා දන ගහන් වරු ගනන් ඉන්න පටන් ගත්තෙ ඒ කාල.
අහ් තව ටිකෙන් කියන්න අමතක වෙනවා..9 වසරට එන කොට අපේ පන්ති ආයෙ බෙදුවා. දන් නැද්ද ඉතින් වලි එහෙම දා ගන්න කාලෙනෙ. 

ඔක්කොටම මනමාල විසේ පටන් ගන්නෙ මේ කාලෙ තමයි.ඉතින් පරණ සෙට් එක අයින් වෙද්දි ජීවන්ත, රන්ජන්, විශ්ව, මන්චනායක (සුපිරි මීටරයක්), යසස්, ගුරුගේ වගෙ අයත් අපිට සෙට් උනා.හුගක් සින්දු කාරයො එතන හිටියා. සින්දු කියද්දි පන්තියම සින්දු කියනවා ඒ දවස වල. අපට හිටිය පන්ති භාර සර් තිලක් සර්. 
හැමදාම මොකක් හරි දේකට ගුටි පූජාවක් දීලා තමයි පන්තියෙ වැඩ පටන් ගන්නෙ.සර් ලමයින්ටම ගැලපෙන මරැ චරිතයක්. ජීවිතේට කොන්ඩෙ පීරන් නෑ.සමහර දාට සිප් එක දාන්නත් අමතක වෙනවා. ඒත් පාන්දරම නාලා තමයි ඉස්කෝලෙ එන්නේ. කොච්චර ගුටි කැවත් ලමයි සර්ට කැමතියි. ඒත් මේ ලගදි දවසක සර් ඩෙංගු හැදිලා නැති උනා.

"මචං ඔය සින්දු පොත මෙහාට එවපන්"
"පොඩ්ඩක් හිටපන් මමත් බලලා එවන්නම්"
යසස් කෑ ගහයි.
"අඩෝ මෙන්න සංජුලයට කෙල්ලෙක් ලියුමක් දීලා"

පැති හතරක් පුරාවට ලියැවුනු පුල්ස් කැප් කොලයක් පන්තිය පුරා යයි.
ඔක්කොම වටවී ලියුම කියවයි.ඒ දවස් වල එකසයිස් කොලයක් පිරෙන්න ලියුමක් ලියා ගන්න අපිට බැරිය. ඒ ගැන කීම කොතරම් ඛේදජනකද. ඒත් මුන්ට පෙම් හසුන් නම් ලියන්නට පුලුවන්ය. 

"අන්න මචං චොකා එනෝ.ඕක හන්ගපන් ඉක්මනට" එකෙක් කෑ ගසයි. 
(චොකා යනු අපෙ 8-9 පන්ති වල අංශ ප්රදාන ගුරුතුමාය. ආදරයට කවුරුත් මේ නම බාවිතා කරයි. පිනාට ලොකු අයියා යන වදන බුරුසුවා කියනවාට වඩා හොද යැයි සිතුනේද මේ කාලයේය)

කාලය ටික ටික ගෙවී ගියේය. 
මාධ්ය ඒකකය,
යුනෙස්කෝ සංගමය ( මේ ගැන කියද්දි බංදුමතී මැඩම් නම් අමතක කරන්නම බැරිය.),
කනිෂ්ට දිවිතික අංශ ශිෂ්ය නායක මණ්ඩලය, ශිෂ්ය පාර්ලිමේන්තුව, 
විවාද කන්ඩායම,
නාට්ය සංගමය,
හෙරිටේජ් සන්ගමය, 
සිංහල සාහිත්ය සන්ගමය ආදි විශාල සන්ගම් ගනනාවක ගොඩක් වැඩ කටයුතු මෙ කාලයෙ සිදු කලා.
වයඹ හඩ ගුවන් විදුලියෙත් මුලින්ම වැඩසටහනක් කරන්න ලබුනෙත් මේ කාලෙ තමයි.
( දාන්න තියන ඇඩ් ඔක්කොම ඔන්න එක පාරම දැම්මා.දැන් ඉතින් මගෙ මාර පම්පෝරිය කියලා කවුරුවත් බනින්න එහෙම එපා. මගේ බ්ලොග් එකේ ඕනම කෙනෙක්ට නොමිලේ ඇඩ් දාලා දෙනු ලැබේ. අවශ්ය නම් මාව අමතන්න හි හී..)

"අහ් මල්ලිලා දැන් කකුල් දෙකම දිගට ඇදලා නේද?"
(නොදොකින් විතරක් නැතුව අක්කෙ එක කකුලක් විතරක් දිගට අදින්නයැ %£>~^<~£*<~)
" මල්ලි හෙට බිස්කට් ගෙනෙන්. උබලා දැන් දික් කලිසම්නෙ. අපිට පාටි ඕන."
"හරි අයියෙ හරි (10 වසරට ආවට වඩා හොදයි €€#^£~~#^)"
"අමතක උනා කියන්න කලිසම් බද්ද ගෙවපන් සිසු සැරියෙ යනවනම්.එක කකුලකට රු.5 යි.කැමතිනම් 10ක් දිලා ඔහොම යමන්. නැත්තං රු.5ක් දීලා එක කකුලක් නමන් යන්නත් පුලුවන් මල්ලි"

ඉස්සර ඉදන් මේක සැරියෙ සම්ප්රදායලු.අලුතෙන් කෙනෙක් ආවමත් බිස්කට් දෙන්න ඕනෙ.
10 ට යද්දි පාටි දෙන්න ඕනෙ. මමනම් ඒ සම්ප්රදයෙ කිසි වරදක් දැක්කෙ නැ.මොකද අපෙ දුකට සැපට සැරියෙ අයියලා අක්කලා අහැමදාම පිට හිටිය නිසා. අපි සින්දු කිවා, කෙල්ලො බයිට් කලා. ඇත්තටම කීවොත් බස් එකෙ යන එක පිස්සුම ආතල් එකක්.
ඒ අතරෙ ඉතින් ගුටි කන්න ගිහින් අනූ නමයෙන් බේරුන අවස්තා ගොඩකුත් තිබ්බා.ඒත් බස් එකේ ගමන හැමදාම රසවත්.

අම්මෝ මමත් කතාව කියන් නැතුව වටේ යනවනෙ.ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අපි 10 වසරටත් ආවා. 10 දි ආයෙත් පන්ති කැඩුවා. අපි අහු වෙලා තිබ්බේ චතුර සර් ගෙ පන්තියට...

මතු සම්බන්දයි.........












පල්ලෙහා ෆොටෝ වල තියෙන්නේ අපි 10 වසරෙදි මීඩියා යුනිට් B.M.I.C.H.  එකේ වැඩකට එකට ගිය ෆොටෝ ටිකකුයි, අපේ ඒ දවස් වල නිවාසන්තර ක්රීඩා උලෙලෙ ෆොටෝ ටිකකුයි














Thursday 24 October 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 1 වෙනි කොටස )

හත්වන කාලච්ඡේදයට සීනුව නාද විය. උදෑසන සිට sin,cos,tan ආදියෙන් හා වර්ණාවලිමාන ආදියෙන් හෙම්බත් වී සිටි අප බලා සිටියේ මෙම අවස්ථාව උදා වන තුරුය.ඒ උදෑසන සිටම මෙම කාලච්ඡේදයට අදාල ගුරුතුමා පැමිණ නොසිටි බව දැන සිටි නිසාය.
"කෝ බන් ආසියා,"
"ආසියා නම් නෑ හේරා නම් ඉන්නවා"
"අනේ උබ හේරගෙන් ${%~*|>£] "
 (සදාචාරාත්මක හේතුන් නිසා ${^]#£ ගෙන් දක්වා ඇත)

කොච්චර තහනම් කලත් ගුටි කෑවත් මුන් නම් නම් වෙනස් වෙලා නැත.
 පන්තියේ කොනක කොල්ලො සෙට් එක බූරු ගසයි.
 ( සැ.යු. අපිට හැමදෙටම හිට්යෙ කොල්ලො සෙට් එක පමනි.අනික් උන්ට මෙන් අපිට කෙල්ලො සෙට් නැත. එහෙව් දාට මානසික අසහනයෙන් පෙලුනු අපේ එවුන්ට වයස අඩු මිස් කෙනෙක් හරි බුක් ශොප් එකට අලුත් අක්කා කෙනෙක් අව දවසට රජ මගුල්ය)

මගේ හිත ඒ අයුරින් අතීතයට දිව ගියේ මටත් නොදැනීමය.ඒ අතීතය සුන්දරය කෙලිලොල් බවින් පිරී ඇත. පාසල් මෑණියන් තුරැලෙන් ඉවත් වී යන දිනය මෙච්චර ඉක්මනින් පැමිණේ යැයි අප කාටවත් සිතුනේම නැත. 
මලිදෙව් මෑණියන් තවමත් තේජවන්ත ලෙසින් එදා මෙන්ම අදත් අප දෙස බලා සිටී.කුරැණෑගලින් බසයෙන් බැසගත් මා මීගමු පාරේ ඇවිද ගොස් මමත් නොදැනීම නැවතී සිටියේ මලිදෙව් මෑණියන් ඉදිරිපිටය. සමහරවිට ඉස්සර මෙන් පුරුද්දට වගෙ විදු මව් වෙත යන්නට සිත් වන්න ඇත.
නොදැනීම කාලය දින සති මාස ගනනක් ගෙවී ගොස්ය. අපේ මතකයන් අතීතයට එක්වී ඇත.

මතු සම්බන්ධයි...



Wednesday 23 October 2013

අපි මහලොකුවට හරක් මස් කන්න එපා කියලා එක එකාට කෑ ගහනවා.. ඒත් එව්වා මිනිස්සු අහයිද? කනකටවත් ගන් නැති වෙයි. ඒ අපේ මිනිස්සුන්ගෙ හැටි. හැබැයි මෙහෙම කීවොත් කවුරු කවුරැත් දෙපාරක් හිතලා බලයි. (සැ.යු. ෆේස් බුකියෙන් උපුටා ගන්නා ලද්දකි)

මුදලාලි මතකද මාව??
ආ.. මහත්තයනේ.. මස් කිලෝ 12ක් නේ මහත්තයො..
ඔව් මුදලාලි.. ගාණ ප්රශ්නයක් නෑ.. හොඳම එකින් ඕන..
ඒක ප්රශ්නයක් නෑ.. මහත්තයට හොඳම ඒවයින් දෙන්නම්..
මහත්තය හරක් මස් කන්නෙ නෑ කිව්වනේ.. ගෙනියන්නෙ එතකොට??
එන කට්ටියට ඕනනේ මුදලාලි.. ඔව් ඒක හරි.. මහත්තය අර අහන්න තියනව කිව්වෙ???
මුදලාලි මේ ෆීල්ඩ් එකේ කොච්චර කල්ද??
දැන් අවුරුදු දහයකට වැඩියි මහත්තයො..
එහෙමද.. මුදලාලි හරක් මස් කනව නෙ?
ඉඳල හිටල හොඳම මසක් ලැබුනොත් කනව ඉතින්..
හොඳම මසක් කිව්වෙ මුදලාලි? ජරා හරක් මස් එනවද? පොඩි පොඩි අවුල් තියන ඒව එනව.. මහත්තයට හොඳම එකින් දෙන්නම්
බයවෙන්න එපා..
අවුලක් නෑ මුදලාලි.. දිගටම මෙහෙන් තමයි මීටපස්සෙ ගන්නෙ.. දැන් ඔය හරක්ට
ලෙඩ එහෙම හැදෙනවද මුදලාලි??
අපෝ ඔව් මහත්තය හරක්ට මිනිස්සුන්ට වඩා ජරා ලෙඩ හැදෙනව.. ඒකයි මම
අර කිව්වෙ හොඳ මසක් ආවොත් කනව කියල.. වෙලා තියන එකේ මුදලාලි පොඩ්ඩක් මට ඒ ගැන කියන්න පුළුවන්ද??
අපෝ මහත්තය මොකෝ බැරි.. මහත්තය ඉතින් අමුතු කෙනෙක් යැ.. පිට
හමේ විෂබීජ, ඇතුලෙ හමේ විෂබීජ, පණුරෝග, උණ වර්ග ගොඩක් තියෙනව
හරක්ට හැදෙන.. ඒ මොනා උනත් හරකව අහක දාන්න බෑනෙ මහත්තය.. ඒක
නිසා සීරුවට ඌව මස් කරනව.. මිනිස්සුන්ට ඕව ගානක් නෑ.. මහත්තය
වගේ කෙනෙක්ට ඉතින් මෙහෙම විශේෂයක් කරාට හැමෝටම එහෙම බෑනෙ ඉතින්.. අපිත් බිස්නස් එක කරගන්නෙපැයි..
හරි.. දැන් මොනාද ඔය කියන ලෙඩ වලින් මිනිස්සු හරක් දෙගොල්ලන්ටම
හැදෙන ලෙඩ??
ඔය බීල වැඩිවුණාම සිරෝසිස් කියල අක්මාව (ලිවර් එක - මෙය හරකාගෙ වටින
මිළ අධික කොටසකි.) ඉදිමෙන ලෙඩක් හැදෙන්නෙ අපිට. ඒකම අරක්කු
නොබොන උන්ටත් හැදෙනව. ඔය කෘතිම සිංචනය වගේ දේවල්වලින් දිගටම පැටව් ගහන උන්ට ඕක ගොඩ වෙලාවට හැදෙනව.. ඒ
වැස්සියන්ගෙ අක්මාවෙ කුඩා ශිරා, ධමනි වගේ ඒව ඉදිමිලා අක්මාව ඇතුළෙ කළු,
නිල් පාට දිලීර පුල්ලි හැදෙනව.. ඒ වගේම හරකුන්ගෙ බඩවැල් ඇතුළෙ තියන
එකඑක බැක්ටීරිය ආසාදන නිසාත් අක්මාව ඉදිමෙනව.. කහ පුල්ලි, කොලපාට
සැරව ගෙඩිවලට අමතරව දිලීර පුල්ලි එහෙමත් සතා මසට කපනකොට
තියෙනව.. හරකගෙ අක්මාව කියන්නෙ දිලීර, බැක්ටීරියා වලට හොඳට වැඩෙන්න පුළුවන් තැනක්..
ඔය ඇතුලෙ හැදෙන දිලීර පුල්ලි වගේ ඒව ගන්නකොට මිනිස්සුන්ට
පේන්නෙ නැද්ද?? පී.එච්.අයි මහත්තයලටයි අපිටයි ඉතින් ඕව අනන්තවත් මාට්ටු
වෙනව මහත්තයො.. ඒත් ඉතින් හරකගෙ වටිනම පාට් එකනෙ ලිවර් එක. ඒක
කෑමට සුදුසු නෑ කියල වළලන්න බෑනෙ. සමහරු ලෙඩ්ඩුන්ට හරකගෙ ලිවර් එක
අරගෙන ගිහින් තම්බල දෙනව සනීප වෙන්න කියල.. ගොඩ වෙලාවට ඉතින් ඕවවල මොකක් හරි ලෙඩක්, ආසාදනයක් තියෙනව.. මේකනෙ මහත්තයො, ඒව
මිනිස්සු හිතල කරන දේවල්.. අපි බලෙන් ගන්න කියන්නෙ නෑ.. අපිටත් ඉතින්
බිස්නස් එකන.. අනික ඒ මනුස්සයගෙ අවශ්යතාව..
තව මොනාද ඒ වගේ ලෙඩ රෝග හරක්ට හැදෙන??
ඇයි පෙනහළු රෝග.. හරක්ට පෙනහළු රෝග ගොඩක් හැදෙනව.. එම්පිසිමා,
නිව්මෝනියාව, පෙනහළු ඉදිමීමේ රෝග හැදුන හරක් ඉක්මනට මැරෙනව.. අයිතිකාරයො හදිසියට විකුණනකොට ඉතින් අඩුගානට අපිටත් ගතහැකි.. අපිත්
හරක අරන් ඉක්මණින් මස් කරල කොක්කට දානව.. කල් තියාගන්න පුළුවන් ඒව
පස්සෙ ගන්නව..
තව ඔය වගේ විශේෂ අවයව වල හරක්ට ලෙඩ හැදෙනවද??
වසා ග්රන්ථි 10ක්ද කොහෙද තියනවනේ හරක්ට.. බැක්ටීරියා නිසා මේවවල
සැරව පිරෙනව.. ඒකින් ලෙප්රායිට්ස් කියල ලෙඩක් හැදෙනව උන්ට.. ඒව තියන මස් කෑවොත් ඉතින් අතීසාරය, පාචනය වගේ ලෙඩ උනත් හැදෙන්න පුළුවන්..
බලනකොට මිනිස්සු දැන දැන වසනෙ කන්නෙ මුදලාලි..
ඒකනම් මහත්තයො ඉතින් දැන් කොයිකෙත් වස තමයි.. කිරිපිටි වලත්
වසකොට..
එතකොට මිනිස්සුන්ට බලපෑමක් වෙන මේ වගේ තව ලෙඩ තියනවද??
හරක්ට ප්ලීහාව ඉදිමෙන බැක්ටීරියා ලෙඩ හැදෙනව.. ඒව අඳුරගන්න අමාරුයි.. ගොඩ වෙලාවට තියනව.. ඒ මස් තැම්බුවත් ඒ බැක්ටීරිය අයින් වෙන්නෙ නෑ..
හොඳ නොවෙන උදරාබාධ එහෙම හැදෙනව ඒව ඇඟට ගියාම මිනිස්සුන්ගෙ..
සමහර මිනිස්සු ක්ෂය රෝගෙ හැදිච්ච හරක් මස් කාල ක්ෂය රෝගෙත්
හදාගන්නව.. ජීවිතේට හිතන්නෙ නෑනෙ මහත්තයො.. අන්තිමට දාගෙන
හොයනව කොහොම හැදුනද කියල.. තව... සන්ධි එහෙම ඉදිමෙන ලෙඩ හැදුන
වැස්සියෙක්ගෙ කිරි බිව්වත් මිනිස්සුන්ට ලෙඩ වෙලා උණ හැදෙනව මහත්තයො.. දැන් එතකොට පණුරෝග එහෙම මුන්ට හැදෙන්නෙ නැද්ද?? ඒවයින් බලපෑමක්
නැද්ද අපිට??
මොකෝ නැත්තෙ.... හරක් පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව,
උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස්
ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන
නිසා ගොඩක් අය කන්න කැමතිලු.. අපි ඒකට කියන්නෙ බාබත් එකක් කියල.. ඔය ලොකු ලොකු හෝටල්වල බාබත් පිට්ටු කියල විකුණන්නෙ ඔය පණු ගුලිය.. ඒක
උනත් හරියට තම්බල නොදුන්නොත් මිනිහගෙ ආමාශෙට පණු කෝෂ
ඇතුල්වෙන්න පුළුවන්..
දැන් එතකොට මුදලාලි ගෙවල්වල හදන බල්ලන්ටත් අඩුගානට මස් අරන් ගිහින්
තම්බල දෙනව නේද ගොඩක් අය??
අඩුගානට කිව්වෙ මහත්තයො ඉතින් එතකොට අපි දෙන්නෙ අර මම කිව්ව මස්වලත් ජරාම එක තමයි.. ඒ කිව්වෙ අපිරිසිදුම එක.. ගොඩ වෙලාවට
ඕකෙ පටිපනු කෝෂ එහෙම පුරෝල තියෙනව.. ඇහැට පේන්නෙ නෑ.. ඕක
ගිහිල්ල තම්බල බල්ලට දුන්නට කොච්චර තැම්බුවත් ඕකෙ ඒ පණුකෝෂවලට
මුකුත් වෙන්නෙ නෑ.. අන්තිමට බල්ල ඕක කෑවම උන් බල්ලගෙ බඩ ඇතුලෙත්
ඉක්මනින් බිත්තර දාල ප්රජාව බෝ කරනව.. අන්තිමට ඒ බල්ල අතපාත ගාන
මිනිස්සුන්ටත් නොදැනිම එයාලට පටපනු ලෙඩේ හැදෙනව.. තව ටෙටනස් කියන ලෙඩෙත් හැදෙනව උන්ට.. ඒකෙන් මිනිස්සුන්ට තියන බලපෑමනම් මම දන්නෙ නෑ..
ඒත් ඔය පිටගැස්ම හරකුන්ටත් හැදෙනව.. දැනට ඔය ඇති නේද..