Sunday 16 February 2020

ඉතින් ආයුබෝවන්

දුරක් ගෙවාගෙන ආ මග මිහිරියි
නොදැනිම සිව් වසරක් ගෙවුනා..
ආගන්තුකයන් විලසින් අපි හැම පියනැගු
හැටි මගෙ මතකෙට නැගුනා..
වලේ බස් එකේ ගුලේ අපායේ
අපි ගතකල මතකය තිබුනා..
එදා වගේමයි පාර දිගේ අද
පිණි පොද එක්කල මල් තිබුනා..

කැන්ටින් බත කා එලි වෙනකන් අපි
වලේ ඇක දැමූ දින තිබුනා..
කට්ට උනත් හරි රසට අනං කෑ
සොයුරු ප්‍රේමයක් එහි තිබුනා..
එකට ගමන් කල මං මාවත් වල
අපි තනිවන බව දැන උන්නා..
ඉතින් අවසරයි පලයං අහසට
ලෝකය දිනපං සමු දුන්නා...

ආගිය තැන් වල උබලගෙ මතකය
කදුලු එක්ක මැවි මැවි පෙනුනා..
උබල නැතුව තව වසරක් ගෙවුමට
මට සිත නෑ පාලුව දැනුනා..
මතකය සුවදයි ඉදිරිය ජය වෙයි
ආකි පැරා ආසිරි දුන්නා..
මේ ඉර හද යට හමුවෙමු දවසක
ආයුබොවන් වචනය දුන්නා..

- රුචිර වීරකෝන් -
     21.12.2019


මොරටු කාශ්ටකේ

අනුලෝමෙ විලෝමය පටලැවුනු අනුපාත
හරය පිට නැගි ලවය වගේ උන්  ලගපාත

බයෝ මෙඩිකල් හිටය මල් කැකුල ලා පාට
මොරටු කතරට තිබු කෙම් බිමයි කොල පාට

අනික් උන් සතු උනත් තුනට එක අනුපාත
අලුත් නැව ඇරුනාම
කෙල්ලො නෑ ලගපාත

සති ගනන් ලයින් කල කෙල්ල කෙස් දම් පාට
භවනෙ ඉන්නවා දැක්කා තුරුලු වී මහ රෑට


නොලියූ කතා




මොරටුවෙදි පෑහෙන්න සිත් එක්ක පෙම් පිරූ
ගස් තවත් ගහට ගහ සොයනවා..

හමුනොවුනු දැන උන්නු සිත් හොරා පෙම් කෙරූ
මතකයන් හැම තැනම තියනවා..

දවස් සති මාස උනු එකිනෙකා ගත කෙරූ
සොදුරු තැන් පසු තැවී හඩනවා..

මොරටුවෙම පණ ගැහුනු ජීවයට සවි නොවූ
පෙම් කතා තව ගොඩක් තියනවා..

- රුචිර වීරකෝන් -
   16.12.2019


හිස්තැන්



මොරටු අහසේ අපේ තැන් වල
වැසි වැටී මහ පොලව
තෙමුණා..

ගල් බංකු උඩ කොරිඩෝව
යට පෙම්වතුන් ගුලි වෙලා
උන්නා..

උදේ රෑ නිදි වරා වෙහෙසෙන
අම්මා මට මැවි මැවී
පෙනුණා..

ඇස් පියන් පෙති වහන්
හිමිහිට මවා ගන්නට හීන
තිබුණා..

- රුචිර වීරකෝන් -
28.11.2019