Saturday 23 November 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 9 වෙනි කොටස )


අටවන කොටසට  >

ෆෝන් එකෙන් යනවනම් මේ ලින්ක් එකෙන් යන්න






"අඩෝ හෝව් හෝව් ඔහොම හිටපන්. උබලා හිතුවද මේක අම්බලමක් කියලා."
විද්වයා පණිවිඩයක් කීමට පැමිනි පොඩි මල්ලි කෙනෙකුට සද්දයක් දැම්මා.

පොඩි එකා බය වෙලා තාම අපේ පන්තියේ දොර ගාව හිටගෙන ඉන්නවා.

ඕෆ් පීරියඩ් එකක් නිසා පන්තිය වටේ ආතල් එකේ කැරකි කැරකි හිටිය මමත් ඒක දැකලා එතනට සෙට් උනා. 

"නෑ අයියේ මම මේ මේ"
පොඩි එකා ගොත ගහනවා. 

අපේ එවුන් පොඩි අහින්සක ෆන් එකක් ගන්න එහෙම කලාට පොඩි එකාගෙ රෝම කූපෙකටවත් හානියක් කරන්න ගියේ නෑ අපි.

මට මතක් උනා අපි පොඩි කාලෙ අයියලා අපිව බයිට් කරපු හැටි. ආර්ට් සෙක්ශන් එකට එහෙම ගියොත් උන් කලිසමත් ගලවලා තමයි ආපහු එවන්නේ. ඒ අතින් අපි මානුශීයයි.




"අඩෝ  උබ දන්නවද මෙතන මොකක්ද කියලා?" මම ඇහුවා.

 (පොඩි එකෙක් නිසාම හොදයි. ලොකු එකෙක්ට නම් බලන්න තිබ්බා මුන් ටෝක් දෙන හැටි)

"නෑ අයියේ"
ඒ මල්ලි කීවා.

" අඩෝ බූරුවෝ මේක 12M2 එක. මේක පන්සලක් වගේ තැනක්."
මම කීවා.

"'මේක ඇතුලට පිට එකෙක් එනවනම් ඌ සපත්තු හිස්වැසුම් ගලවලා එන්න ඕනෙ.තේරුනාද?"
යොමාලුත් ඇවිත් කට දැම්මා.

"හරි හරි දැනට ඕනෙ නෑ. කියපන්කෝ මට පණිවිඩේ මොකක්ද කියලා."
මම කීවා.

"සුමන බණ්ඩාර සර් රාමනායක අයියට එන්න කියලා කීවා"
පොඩි එකා කීවා.

"අහ් එල එල මල්ලී"  පියුමාල් කීවා.

"අඩෝ රාමා අන්න සුම්මා උබට එන්න කීවලු.හෙට ට්රිප් එක ගැන මොනවා හරි කතා කර ගන්න වෙන්න ඇති. පලයන් පලයන්"
යොමාල් කෑ ගහලා කීව.

(රාමා මූලිකත්වය අරන් අපි කට්ටිය බදුල්ල, නුවර එළිය පැත්තේ ට්රිප් එකක් යන්න ප්ලෑන් කලේ මීට සතියකට විතර කලින් ඉදලා.)


.................ටික වෙලාවකට පසු.......................


රාමා මූන එල්ලන් පන්තිය පැත්තට එනවා.

"ඇයි බන් සුම්මා මොකද කීවෙ? බේබද්දො එක්කන් යන් නෑ කීවද?"
හසිතයා ඇහුවා.

"නෑ බන් ඒක නෙමේ අවුල.සුම්මට එන්න වෙන් නෑලු.වෙන කවුරු හරි හොයා ගන්නලු"
රාමා කීවා.

"අඩෝ ට්රිප් එක හෙට කියලා කව්ද බන් හොයා ගන්න ඉන්නේ. ඇයි බන් සුම්මා එන් නැත්තේ? 
මම ඇහුවා.

"සර්ට ගෙදර උත්සවයක් වෙලා කියලා කීවා බන්"
රාමා කීවා .

"ඈ බන් රාමෝ අපි ට්රිප් එක යන්න හිටියෙ දැන් ගොඩක් දවසකට කලින් ඉදලා.සුම්ම ඒ දවස් වල කීවෙ නෑනෙ ඌට උත්සවයක් තියනවා කියලා.බලපන් මූ දැන දැනත් හෙටම ඒක දා ගත්තේ වෙන දවසක් තිබ්බෙම නැද්ද?"
මම කීවා.

"යකෝ බුරුවෝ උත්සවයක් කීවෙ, සුම්මගෙ දුවෙක් ජම්බු ගහෙන් වැටිලා. ඒවා කලින් කියලා වෙන දේවල් නෙමේනෙ"
රාම කීවා.

අම්මට උඩු දැනුයි මටත් ඒක තේරුණේ.


කොහොම කොහොම හරි හදිස්සියේ උනත් අපි මනතුන්ග සර්ව කැමති කර ගත්තා අපිත් එක්ක යන්න. 
එක සර් කෙනෙක් ගිහින් මදිලු සර්ලා දෙන්නෙක් යන්න ඔනේ නැත්තන් යන්න දෙන්න බෑ කියලා සෙක්ශන් එකෙන් සද්දයක් දැම්මා. 

සුම්ම කොහොම හරි ගෙදර වැඩ ටික සෙට්ල් කරන් පාර්ටි එක තියෙන්නෙත් කොහොමත් පස්සේ නිසා  සර්ත් එනවා කීවා. මොනවා උනත් සුමන බණ්ඩාර සර් ඒ වෙලාවෙ කලේ උතුම් වැඩක් ගෙදර එච්චර වැඩ තියෙද්දිත් අපේ වැඩේ කඩාකප්පල් වෙන්න දුන් නෑ.


පහු වෙනිදා පාන්දරම අපි ඉස්කොලෙට එකතු උනා. තාම එලිය වැටිලත් නෑ. කරුවලයි. අතරින් පතර දැල්වුනු විදුලි පහන් වල එලියයි හද එලියයි ඉස්කෝලෙට අමුතු කාන්තියක් දුන්නා. තාම ලමයි ඔක්කොම ඇවිත් නැති නිසා ඒ අය එනකන් එකා දෙන්න වට වී අනම් මනම් කතා කර කර හිටියා.තමන් මුහුන දෙන්න යන සුන්දර විනෝද චාරිකාව ගැන සිහින බල බල තමයි අපිත් හිටියේ.

මම චුට්ටක් තනියම Basketball පිට්ටනිය පැත්තට ගියා.ඇතුගල උඩ බුදු පිළිමේ බොහොම ලස්සනට එතනට පේනවා. පුදුම ලස්සනක් තියෙන්නෙ. ඇතුගල උඩ බුදු පිලිමේ විදුලි ආලෝක එලියෙන් එලිය වෙලා.
ඒත් ඉස්කෝලෙ පුරාම හරිම අදුරුයි. අතරින් පතර දල්වුනු විදුලි පහනක් අරෙන්න වෙන කිසිම එලියක් තිබුන් නෑ. දහවල් කාලයට මේක කොච්චර කලබලකාරි තැනක් ද? ලමයින්ගේ සද්ද වලින් පිරෙනවා. ඒත් රෑට පාසල අමුතුම ගුප්ත බවක් තියෙන්නේ. මම කොරිඩෝවක් දිගේ හිමිහිට ඇවිදගෙන ගියා. මට හරිම ගුප්ත ගතියක් දැනුනා. සමහරවිට මෙතන හොල්මන් ඉන්නවද දන්නෙත් නෑ. ලමයි පන්ති වල කෑ ගහන සද්ද වගේ අදහස් මගෙ හිතට ආව. අපි වගේ කොච්චර ලමයි ගොඩක් මේ වගේ ඉගෙන ගෙන ඇද්ද. අපි වගේ විනෝදෙන් දුව පැන ඇවිදින්නට ඇති. සමහරු දැන් ජීවතුන් අතර නැතුවත් ඇති. මේ මලිදෙව් ඉතිහාසය තුලම මේ බිත්ති,ගොඩනැගිලි මේ හැම දෙයක් දිහාම නිහඩව බලන් ඉන්නට ඇති. අගලකටත් වඩා උසට බිත්තියේ ඉදන් ගාපු හුනු තට්ටුම තියනවා,බිත්තියක් පලුදු උන තැනකින් මට පෙනුනා. අවුරුදු කීයක් මේ බිත්ති පේන්ට් කර කර අලුත්වැඩියා කරන්නට ඇද්ද. ඒ බිත්ති අතර කොයි වගේ කතා ඉතුරු වෙලා ඇද්ද. අපි වගේ හුගක් ලමයින්ගේ පිස්සු වැඩ දිහා බලන් ඒවා නිහඩව සිනාසෙන්නට අති. ඒ ලමයින් පාසල හැරදා යද්දී දරා ගන්නත් බැරි දුකක් මේ අජීවී හැම වස්තුවකටම දැනෙන්න ඇති, මට හිතුනා. හද එලිය චතුරස්රෙට වැටිලා තණකොල වල තියන පිණි බින්දු දිලිසෙනවා. (චතුරස්රය කියන්නේ හතර පැත්තෙන් ගොඩනැගිලි වලින් වට වෙච්ච මැද මිදුල වගේ බිමක්.අපේ ඉස්කෝලෙ එදා ඉදන් තිබ්බ ලස්සන තැනක්.අපේ උසස් පෙළ පන්ති තිබ්බේ ඒ ඉස්සරහාමයි.)

මම කොරිඩෝව දිගේම ගිහින් පන්සල ගාවට ගියා. ක්රීඩා පිටිය අයිනේ තියන ගොඩනැගිලි ගොඩ අතරින් පන්සල කැපී පෙනුනේ එහි තිබු නිස්කලංක සුන්දර බව නිසා. පන්සලේ දොර ඉස්සරහා සේපාලිකා මල් ගහේ මල් පිපිලා හරිම සුවදයි. හාමුදුරුවෝ තාම සැතපිලා ඇති. 
මම ආයෙ ප්රධාන ශාලාව පැත්තට ගියා. ඉස්කෝලෙ වෙලාවට නම් කොහොමද මේ පැත්ත පණ බයෙන් තමයි පීරියඩ් එහෙම කට් කරන්නේ. කොයි වෙලේ පිනා එයිද දන් නෑනෙ. දැන් කවුරුවත් නැති නිසා මාත් ෆන් එකටත් එක්ක හයියෙන් සින්දුවක් කිය කියා කොල්ලෝ හිටපු දිහාට ආවා.

"මොන මගුලෙද යකෝ තෝ ගියේ. කොල්ලෝ ඔක්කොම ඇවිත්."
යොමාල් කෑ ගැහුවා.

"මම මේ හොල්මන් ඉන්නවද බලන්න ගියා බන්" ;-) he hee
මම කීවා.

සර් ලා දෙන්නත් ඇවිත් හිටියා. අපි සෙට් එක පන්සිල් එහෙම අරගෙන දෙය්යනේ කියලා බස් එකට ගොඩ උනා.

"එහෙනම් මචන් DEVANS පාරක් දාලම වැඩේ පටන් ගමු"
එකෙක් කීවා.

"හෝව් හෝ පොඩ්ඩක් හිටපන් අන්න සුම්ම කතා කරනවා" එකෙක් හෙමිහිට කිව්වා.

සුම්මා උපදෙස් මාලවක් දුන්නා.

"කලින් මම කිවා වගේ මත්පැන් එහෙම ගෙනත් තිබ්බොත් කණට දෙකක් දීලා එහෙම්ම හරවන් එනවා.මතකනේ මම කීවා"
සුම්මා ඒක විශේශයෙන් කීවා.

ඒත් එක්කම බස් එක ස්ටාර්ට් කලා.

D...E....V....A.....N....S....කියලා DEVANS පාරක් දාලා එහෙම සින්දු කියන්න පටන් ගත්තා. 

"මුලින්ම මචන් ස්ලෝ බීට් වලින් පටන් ගමු." 
කියලා ධනුකයම සින්දුවක් පටන් ගත්තා. 

ආතල් එක වැඩි කමට නොදන්න සින්දුත් මතක් වෙනවා ඒ වෙලාවට.

නුවර හරියෙන් ඉස්කෝලෙ යන කෙල්ලෝ දැක්කම ජනෙල් වලින් බෙල්ල දාල අනම් මනම් කියන්න පොඩ්ඩක් සින්දු කියන එක නැවතුනාට අනික් හැම වෙලේම දිගටම සින්දු කීවා.මගින් නවත්තලා උදේ කෑම එහෙම අරන් අපි ආයෙත් ගමන පටන් ගත්තා.
අපි වික්ටොරියා බලාගාරෙ බලන්න ආවා.එතන ප්රධාන ඉන්ජිනේරු මහත්තයා ඉන්නවද බලන්න සර්ලා ගියා.එතන තිබ්බා ලොකු ටර්බයින් එකක රූං පෙත්තක්.
අපේ එකෙක් දැන්මම වැඩ පටන් අරන්.

එකෙක් එතන්ට ගිහින් අහනවා.
"පුතාල දන්නවද මේ මොකක්ද කියලා"

එතකොට තව එකෙක් ගිහින් කියනවා
"නැනෙ අංකල් අපි හාවොනේ කියලා"

ඊට පස්සේ අනික් එකා අයෙමත් කියනවා
"මේක ක්රිස්තු පූර්ව බර ගනන් වල රාවනා රජ්ජුරුවො දඩු මොනරේ ඉස්සරහට හයි කරලා තිබ්බ රූං පෙත්ත.බලන්න ලමයිනේ ඒ කාලෙ තාක්ශනේ කොච්චර දියුනුද,අද මෙහෙම එකක් හදන්නවත් පුලුවන්ද"
මූත් දැන් ඉන්ජිනේරු අන්කල් වගේ කියවනව. 

එතකොට තව එකෙක් කියනව
"අනේ බන් බොරුවක් කියද්දි ඔයිට වඩා ප්ලෑන් කරලා කියපන් "
කියලා.

එතකොටම ඉන්ජිනේරු අංකලුයි සර්ල දෙන්නයි ආවා.
අපි ඉතින් ඒ engineer අන්කල් එක්ක එක්ක පවර් ස්ටේශන් එක බලන්නත් ගියා.
එතන  අමුතුම තැනක්. එක තැනක තියනවා වයර් ගොඩක් එහෙම ඇදලා,"ග්රිඩ් උප පොලක්".

අපේ එකෙක් කියනවා
 "අඩෝ නිකක් spellbinders (මායබන්දන) TV seris එක වගේ නේද"
කියලා.

මුන් නම් තාමත් ඉන්නේ සුරන්ගනා ලෝක වල. 

අපි ඉතින් එතනත් බලලා මගින් දවල්ටත් කාල අපි බදුල්ලට ආවා.දුන්හිද ඇල්ල බලන්නත් ගියා. ඊට පස්සේ අපි සෙට් එක බදුලු ඔයෙන් නාන්න ගියා. අපි එතනත් සෙල්ලම් කරලා සින්දු කියල එහෙම පැය ගානක් නෑවා.
ඊට පස්සේ අපි රෑ නවතින්න බුක් කරපු රෙස්ට් හවුස් එකට ගියා. එතනට  ගිහින් ඔයෙන් නාපු ජරාව යන්න කට්ටිය පොඩි වොශ් එකක් එහෙම දාගෙන ආයෙ උඩ තට්ටුවට සෙට් උනා.

සර්ත් එතනට ආවා.

"සර් අපි ෆිල්ම් හෝල් එකට යමුද ෆිල්ම් එකක් බලන්න.ආපු එකේ උපරිම ආතල් එක ගන්න එපැයි.දැන් ගියොත් 6.30 බලන්න පුලුවන්.තාම වෙලාව 6යි නේ."
ඒකනායක කීවා.

ඊට පස්සේ................



මතු සම්බන්දයි..........



    ඇතුගල බුදු පිලිමේ

    චතුරස්රය

    පන්සල

    
    උදේ පාන්දර ඉස්කෝලෙදි

    උදේ පාන්දර බස් එකේදි


    කොහොමද අපේ සුමන බණ්ඩාර සර් හැන්ඩියා වගේ නේද?



    වික්ටෝරියා බලාගාරයේදී

    විද්වයටයි ඒකනායකටයි ටයිටැනික් මතක් වෙලා
    

    දුන්හිද ඇල්ල ලග

    සුමන බණ්ඩාර සර් &  මනතුන්ග සර්
  
    අපි නැවතුනු රෙස්ට් හවුස් එකේදි












Thursday 21 November 2013

"අහිමි වී ගිය මිතුදම" (මට මගේ නොවන මගේම සොහොයුරියක් හිටියා)

හිතට සෝ සුසුම් හුගක්.. 
අනවසරයෙන්ම ඇතුලු වෙයි,
සිහිපත් වෙයි ඒ සුමිහිරි මතකය...
ගත කරපු කෙලි දෙලෙන්,

මගේම සොයුරියක් වූ ඔබත්,
ඔබේ මවගේම පුතෙක් මෙන් වූ මමත්,
කල කී දෑ....,
අත්තටම සුන්දරයි

ඒත් එදා ඔබටවත් මටවත් ,
ඒ මිතුදමට....,
හුගක් ආයුශ නොමැති බව ,
නොදැනීම අරුමයකි

ලදක් වුවත් ඔබේ හිත ..,
උනු කල නොහැකි කලු ගලකි,
සියල්ල සැනෙකින් අමතක වී ඇත
අලුත් සොයුරන් හමු වී ඇත

ඒ ඔබටය....,

ඒත් මම තාමත් ඇතුගල පාමුල
අපේ මතක සුවද අතරේ
සිරවී සිටින්නෙමි
අහිම දෙයකට ලොබ බදිමින්

සියල්ලම ......
නැවත ආරම්භයට පැමිණ ඇත
ඔබද මමද ,
නැවත ආගන්තුකයන් වෙමින් පවතී
 
ඇස් මානයේ පෙනි පෙනී තිබුණත්
ඔබ දුරස් වනු දැක දැකත්
එය වළකන්නට නොහැකි වීමට තරම්
දෛවය මට සරදම් කල හැටි 
හරියට....
ක්ශේක්ස්පියර්ගේ ශෝකාන්තයක් වගේ...



(සැ.යු:- දැන් කවුරුවත් අහන්න එපා මේක මට වෙච්ච සීන් එකක්ද කියලා. මේක වෙන කෙනෙක්ට වෙච්ච සීන් එකක් අදාල එක්කෙනා තොප්පිය දාගෙන ඇති. කාටවත් උසුලු විසුලු කරන්නේ නැතිව කලාත්මක හැගීමෙන් විතරක් මේක රසවිදින්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා)

Thursday 14 November 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 8 වෙනි කොටස )



හත්වන කොටසට >
ෆෝන් එකෙන් යනවානම් මේ ලින්ක් එකෙන් යන්න >




"අනේ රුචිර ඔයත් ප්රදර්ශනේ බලන්න ගියාද? අපි දැක්කෙවත් නෑනෙ"

දැන් ඉතින් වසලා හමාරයි.අපේ සිසු සැරියේ ගිය කොන්වන්ට් එකේ යාලුවෝ දෙන්නෙක් ඇවිත් මට ඉස්සරහා සීට් එකේම ඉද ගත්තා. ශික් මුන්ට වෙන සීට් නෑ වගේම ආවනේ මගේ අස්සටම. දැන් මුන්ගෙ කච කචේ අහන් යන්න එපයි ගෙදර යනකන්ම. නිදියනවා බොරු ඉතින්.

"අනේ ඔයාලත් ආවද මම ඉතින් ගියේ ප්රදර්ශනේ බලන්න මිසක කෙල්ලෝ බලන්න නෙමේනෙ. ඒ හින්ද ඔයාලව දකින්න නැතුව ඇති"

මම කින්ඩියට වගේ කිවා.

"අම්මෝ මෙයාගෙ තියන ගෑස්. කෝ ඔයා ෆොටෝ එහෙම ගැහුවේ නැද්ද?"

ඒ ගෑනු ලමයි දෙන්නා මගෙන් ඇහුවා.

"ගැහුවා ගැහුවා ටිකක්."
මම කීවා.

"අනේ අපිටත් දෙන්නකෝ බලන්න"
එයාලා කීව.

ඊට පස්සේ ෆොටෝ ටික ෆෝන් එකට දාලා දීල චුට්ට දුරක් පාඩුවේ ගියා.
කොහොමින් කොහොමින් හරි එදා ගෙදර අවේ ගොඩක් රෑ වෙලා. 

කොල්ලෝ ඔක්කොටම කැම්පස් එක දැක්කම අමුතු ත්රිල් එකක් ඇවිත්. ඔක්කොගෙම කල්පනාව කොහොම හරි හොදට වැඩ කරලා කැම්පස් යන්න. ඒක හිතෙන්නත් ඉතින් කැම්පස් එකක් දකින්නම ඕනේ. හැබැයි ඉතින් අපේ එවුන් මාර කික් එකේ වැඩ කලේ සතියක් විතර තමයි.

..........................…………………………......



"හා ළමයි බෝයිස් එකට යන ලමයි එහෙම බැහැ ගන්න"

සිසු සැරියේ කොන්දොස්තර අංකල් කෑ ගැහුවා.
ලමයි පොර කාගෙන පේශකර්ම එක ලගින් බැස්සා.

"මොකෝ මචන් කරන්නේ. වටේ යනවද මෙතනින් බහිනවද?"
කිරා මගෙන් ඇහුවා.

(වටේ යනව කියලා අදහස් කලේ  වැරදි දෙයක් නෙමෙයි හොදේ.බස් එක ගර්ල්ස් එක පැත්තෙන් දාල ආදර්ශේ පැත්තෙන් ආයේ ටවුන් එකට එනවා අපේ එවුන් ටිකත් උදේ පානදරම කෙල්ලෝ බැලීමෙ පටු අරමුණෙන් යුක්තව වටේ යන්න සැදී පැහැදී ඉන්නවා.)

"බෑ මචං ඊයෙත් යද්දි තව ටිකෙන් රතු ඉර ගහනවා. ඔන්න මෙන්න තියලා ගියේ. අදත් පරක්කු වෙලා කෙලව ගන්න ඕනේ නෑනේ බන්.මමත් මෙතනින් බහිනවා බන් "
මම කීවා.

අම්මට උඩු තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඉතුරු ගන්න.

"අංකල් මගෙ ඉතුරූ"
මම ඈත ඉදන්ම කෑ ගැහුවා. 

"ඇයි පුතා ඉතුරු ඕනේමද?"
අන්කල් කාරයා ජෝක් එකට වගේ ඇහුවා. 
මොනා උනත් කොන්දොස්තර අන්කල් හිත හොද මනුස්සය.

"අනේ ඔව් අන්කල් මේ දවස් වල හොදටම හිදිලා තියෙන්නෙ. තනිකර රිම් එකෙන් දුවන්නේ අන්කල් ගෙදරින් දැන් සල්ලි හම්වෙන් නෑ ඉස්සර වගේ. ඒ නිසා රුපියල් පහත් ගොඩක් වටිනවා."
මම කීවා.

අංකල්ගෙන් ඉතුරු සල්ලි අරන් මම මගේ සුපුරුදු හයි ස්පීඩ් ගමනින් ඉස්කෝලෙ දිහාට ආවා.

ඈත ඉදන් බලද්දි ඉස්කෝලෙ හරි ලස්සනට පේනවා.අලුතෙන් පත් කරපු ජූනියර් ප්රිෆෙක්ට් බෝර්ඩ් එකේ මල්ලිල්ල අත් පිටිපස්සට බැදන් පාර දිගට හිට්වපු ලයිට් කනු වගේ ඉස්කෝලෙ එහා කොනේ ඉදන් මෙහා කොනට වෙනකන් හිටගෙන ඉන්නවා.හරිම ලස්සනක් මාර තෙජසක් තියෙන්නේ. 

කට්ටිය නම්  කතාවට අහන්නේ ඇයි ඔයාලගෙ ඉස්කෝලෙ ලමයි පාර මුර කරන්න දාල කියලා, 

ඇත්තම හේතුව තමයි තාප්පෙන් ඉස්කෝලෙට පනින අය අල්ලන්නයි,ඉස්කෝලෙ ඉස්සරහ වාහන නවත්තන එක නතර කරන්නයි තමයි එහෙම දාල තියෙන්නේ.

"ගුඩ් මෝර්නින් අයියේ" 

ජූනියර් මල්ලිලා මග දිගට ගුඩ් මෝර්නින් කියනවා උන්ට කතා කරන්න ගිහිල්ලම එපා වෙනවා.

(අද කතාවෙ ඇඩ් වැඩියි කියලා හිතන්න එපා. ප්රිෆෙක්ට් බෝර්ඩ් එකේ එවුන් ගැන ලියන්නත් එපැයි)


ඉස්කෝලෙ ලගට යන කොට අපේ කොල්ලෝ සෙට් එක ප්රධාන දැන්වීම් පුවරුව ලග ඩියුටි කරනවා.මටත් ඩියුටි තිබ්බේ එතන.

මට මතකයි මම පොඩි කාලෙ (අර ලොකු බෑග් එකක් එහෙම කරේ දාගෙන බෝතලේකුත් බෙල්ලේ එල්ලන් කොට කලිසම ගහන් ඉස්කෝලෙ ගියපු කාලෙ)
ඔතනින් යනකොට අයියලා ඩියුටි කරනවා දැක්කම මමත් කවදා හරි එහෙම වෙනව කියල හිතුන. ඒ නිසා තාමත් එතන දකිද්දි පුංචි ආඩම්බරයක් එක්ක එකතු උන සතුටක් හිතට දැනෙනවා.

ඉස්කෝලෙ ඉස්සරහ පාර එහා පැත්තේ කොන්ඩේ,නිල ඇදුම හරියට නැති එවුන් පෝලිමට තියලා. අපේ එවුනුත් හෝ ගාලා වැඩ. 
විනය කටයුතු ගැන බලන සර් ලා දෙන්නත් උදේ පාන්දරම ඇවිත්.
මම සර්ලාට පේන්නේ නැති වෙන්න ශේප් එකේ ප්රිෆෙක්ට් රූම් එක පැත්තට ගියා. බෑග් එකත් රූම් එකෙන් තියලා පොතේ අත්සනක් එහෙම දාල මුකුත් නොවුන ගානට ප්රධාන දැන්වීම් පුවරුව ලගට ඇවිත් අත් දෙකත් පිටිපස්සට බැදන් ඩියුටි කරන්න පටන් ගත්තා.

මම එතනට යනකොට පූර්ණ, දිනූශ, දෙව්රම්, සුපුන්, තෝරා, හසිතයා එහෙම උදේ පාන්දරම ඇවිත් ඩියුටි කරනවා.

"අහ් ගුඩ් මොර්නින් මචං. අද උදේ පාන්දර කවුරුවත් එක්ක ලෙඩක් එහෙම දා ගත්තේ නැද්ද"
දිනූශයා මගෙන් ඇහුවා.

මුන් දෙයක් දැනගත්තොත් එහෙම වසලා හමාරයි.

"නෑ මචන් තාම නෑ.ඒ ඊයෙනේ"
මම කීව.

ප්රිෆෙක්ට් බෝර්ඩ් එකේ අහක යන ලෙඩත් හැම වෙලෙම වැටෙන්නෙ මගේ කර පිටේ.කලින් දවසේ තාප්පෙන් පැනපු අයියා කෙනෙක් ට කේස් එක අදින්න ගිහිල්ල තව ටිකෙන් මට කේස් එකක් ෆයිල් වෙනව. ඌ ටවුන් එකේ හෙන පොරක්. 
එහෙම කියලා අපිටත් පබයෝ වගෙ බලන් ඉන්න බෑනේ උන් පනිනකන්. වෙලාවට ප්රින්සිපල් හිටපු නිසා අව්ලක් ගියේ නෑ.

"උබත් කවද හරි නහින්නේ කට නිසා බන්"
සුපුනා කීව.


මොකක් හරි වැඩක් කර ගන්න ඕනෙ උනාම න එකෙක් මුරුන්ගා අත්තේ තියලා ඒක කර ගන්න නම් අපේ එවුන් හපන්නු.අනේ මචං උබට හොදට ලියුම් ලියලා පුරුදුයිනේ.මෙන්න හෙට බ්ලේසර් ටිකක් ගන්න ලියුමක් ලියපන්කෝ.බ්ලේසර් 10කට තිබ්බම ඇති.අපේ ඩිපියුටි හෙඩෙක් පොඩි බටර් පාරක් ගෑවා.

"ඉදකින් උලමා උබලට අමුණ අමුණ කෙල්ලන්ට ලියුම් නම් ලියන්න පුලුවන් .මේවා තමයි බැරි"
මම කීවා.

"පිස්සුද බන් ලියුම් ලිව්වේ 60 දශකයටත් චුට්ටක් විතර කලින්. දැන් යවන්නේ එස්.එම්.එස් . කොහෙද ඉතින් උබලා වගේ ගල් යුගයේ එවුන් ඕවා දන් නෑනෙ."
දිනූශයා  පැත්තක ඉදන් කතාවට කට දැම්මා.


"මේ මේ ලොකු අයගෙ කතා වලට පොඩි එවුන් කට දාන්නේ නෑ"
තෝරා දිනූශයට කීවා.


"මේ මේ මල්ලි මල්ලි මෙහාට වරෙන්. කොන්ඩෙ එහෙම කපන්න කල්පනාවක් නැද්ද."
පූර්ණයා මල්ලි කෙනෙක්ට සද්දයක් දානවා ඇහුනා.


"මචන් බෙල් එක ගැහුවා. අපි එලියට ගිහින් මල්ලිලා හරියට ඩියුටි කරනවද කියලා බලලා එන්නම්කෝ"
දෙව්රම් ඇහැක් ගහලා.අපිට කියලා තව දෙතුන් දෙනෙක් එක්ක එලියට ගියා.

මුන් ඇත්තටම එලියට යන්නේ මල්ලිලා ඩියුටි කරනවා බලන්න නෙමේ. පන්සිල් ගන්න එකෙන් ශේප් වෙන්නයි.පාරෙ යන කෙල්ලෝ බලන්නයි. 

ප්රිෆෙක්ට් බෝර්ඩ් එකේ එකට ඩියුටි කරන්නයි,අයිස් ගහන්නඉ හුගක් වෙලාවට සෙට් උනේ සුපුනයි මමයි.

පන්සිල් අරගෙනත් ඉවර උනා. 
දැන් ඉතින් පරක්කු වෙලා ආපු එවුන් චෙක් කරන වෙලාව.


"මච්ං මුන්ව චෙක් කරනකන් හිටියොත් සුම්මා අපිව මරන් කයි බන්. අපි නෝමල් එකේ මෙතනින් කැපෙමු."
හසිතයා කීවා.

"එල මචන් අපි යමු"
මම කීවා.


"දිග 3L වූ දෙපසම විවෘර්ථ නලයක් සංක්යාතය 512 වු සරසුලක් සමග අනු නාද වේ. නලයේ පලමුවන උපරිතානය සොයන්න."
සුම්මා පාඩම උගන්නලා ගානකුත් දීලා

"එක්සියුස් මී සර්"
අපි දෙන්නම එක පාර කීව.

"තමුසෙල කොහෙද ගියේ?"
සුම්ම ඇහුවා.

(ශික් මූ දන්නෙම නෑනෙ. හැමදම අපි ඩියුටි යනවා.ඒත් දන් නෑ වගේ අහනවා. අපේ සර් කාරයට මම හිතන විදියට ප්රිෆෙක්ට්ස්ලා ව පේන්න බෑ. මම හිතන විඩියට මූ පොඩි කාලෙ කොන්ඩෙ කපන් නැතුව වත් මාට්ටු වෙලා ඇති.)

"සර් ප්රිෆෙක්ට්"
හසිතයා යටහත් පහත්ව කීව.

"තමුසෙලත් ඕක ගහන් ඇවිද ඇවිද ඉදපල්ලා. හා එනවලා ඇතුලට."
සුම්මා කීවා.


ඔන්න ඔහොම ටික දවසක් ගියා. පූර්ණයා අපිට පාර්ටි එකක් දෙනවා කීවා.පට්ට.
ඒත් කරුමෙට සෙට් උනේ නයිට් පාටි එකක්. ඒ දවස් වල තමයි මට පුබුදංගයව සෙට් උනේ. උගෙ හිත හොද වැඩියි. මොනවා උනත් සෑහෙන කාලෙකින් සෙට් උන සුපිරිම යාලුවෙක්. උන්ගෙ ගෙදර තමයි එදා රෑ මම හිටියේ.

ඒ දවස් විහිලුවෙන් තහලුවෙන් හරිම විනෝදෙන් ගෙවුනු දවස් ටිකක්. එන කොට එක දිගට ෆන් එකමයි.

.................,......

"මචං අපි ට්රිප් එකක් organize කරමුද?,
 මේ පාර නොගියොත් ආයෙ යන්න වෙන්නෑ"
රාමා කීවා.

"එල එල අනික් එවුන්ගෙනුත් අහලා බලපන්කෝ"
මම කීවා.



මතු සම්බන්ධයි...........


  Devans walk එක දවසේ prefectsla සෙට් එක


    මම,ජීවා,තෝරා


    හසිත, මම,තිලින, ටිරාන්


    මමයි සුපුනයි

    Oath එක දවසේ අම්මයි තාත්තයි එක්ක