Friday 28 February 2014

කිරි සුවද පැවිදි වත...



නිනව්වක් නැති සසර මග තුල 
ඇවිද යන්නට උනේ තනියම,
පුංචි දෙපතුල් වැඩියි සියුමැලි 
කෙලෙස් වැලි කැට රිදවනව මට,

Friday 14 February 2014

හීන.... බොද වෙලා....






දවසින් දවස ගෙවීගෙන යන්නේ අපි දන්නෙම නැතුව. 2014 අවුරුද්දත් උදා වෙලා දැන් ටිකක් කල්. මගේ බ්ලොග් එකට හුග කාලෙකින් මුකුත් දාන්න බැරි උන නිසා මකුලු දැල් බදින එක නවත්තන්න කියලා හිතන් තමයි මේ පෝස්ට් එක දාන්නේ.

ජීවිතේ පටන් ගත්තේ හුගක් බලාපොරොත්තු පොදි බැදගෙන. ආපු හැම කඩ ඉමක්ම පහසුවෙන් වගේම ඉහලින්ම සමත් උනා.

 ඒත් අපේ ජීවිතේ එක් වැදගත්ම තැනක් මම පරාද උනා. අම්මලාගේ බලාපොරොත්තු ඔක්කොම අමු අමුවේ විනාශ කරන් මම උසස් පෙල විභාගය ෆේල් උනා.