Thursday 24 October 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 1 වෙනි කොටස )

හත්වන කාලච්ඡේදයට සීනුව නාද විය. උදෑසන සිට sin,cos,tan ආදියෙන් හා වර්ණාවලිමාන ආදියෙන් හෙම්බත් වී සිටි අප බලා සිටියේ මෙම අවස්ථාව උදා වන තුරුය.ඒ උදෑසන සිටම මෙම කාලච්ඡේදයට අදාල ගුරුතුමා පැමිණ නොසිටි බව දැන සිටි නිසාය.
"කෝ බන් ආසියා,"
"ආසියා නම් නෑ හේරා නම් ඉන්නවා"
"අනේ උබ හේරගෙන් ${%~*|>£] "
 (සදාචාරාත්මක හේතුන් නිසා ${^]#£ ගෙන් දක්වා ඇත)

කොච්චර තහනම් කලත් ගුටි කෑවත් මුන් නම් නම් වෙනස් වෙලා නැත.
 පන්තියේ කොනක කොල්ලො සෙට් එක බූරු ගසයි.
 ( සැ.යු. අපිට හැමදෙටම හිට්යෙ කොල්ලො සෙට් එක පමනි.අනික් උන්ට මෙන් අපිට කෙල්ලො සෙට් නැත. එහෙව් දාට මානසික අසහනයෙන් පෙලුනු අපේ එවුන්ට වයස අඩු මිස් කෙනෙක් හරි බුක් ශොප් එකට අලුත් අක්කා කෙනෙක් අව දවසට රජ මගුල්ය)

මගේ හිත ඒ අයුරින් අතීතයට දිව ගියේ මටත් නොදැනීමය.ඒ අතීතය සුන්දරය කෙලිලොල් බවින් පිරී ඇත. පාසල් මෑණියන් තුරැලෙන් ඉවත් වී යන දිනය මෙච්චර ඉක්මනින් පැමිණේ යැයි අප කාටවත් සිතුනේම නැත. 
මලිදෙව් මෑණියන් තවමත් තේජවන්ත ලෙසින් එදා මෙන්ම අදත් අප දෙස බලා සිටී.කුරැණෑගලින් බසයෙන් බැසගත් මා මීගමු පාරේ ඇවිද ගොස් මමත් නොදැනීම නැවතී සිටියේ මලිදෙව් මෑණියන් ඉදිරිපිටය. සමහරවිට ඉස්සර මෙන් පුරුද්දට වගෙ විදු මව් වෙත යන්නට සිත් වන්න ඇත.
නොදැනීම කාලය දින සති මාස ගනනක් ගෙවී ගොස්ය. අපේ මතකයන් අතීතයට එක්වී ඇත.

මතු සම්බන්ධයි...



6 comments:

  1. hodai machn.. digatama karan yaman hebei navattanne nathuwa .... (y)

    ReplyDelete
    Replies
    1. තෑන්ස් මචං. ඉගෙනීම් කටයුතු අතරේ ඉඩ ලැබෙන හැම වෙලේම මම බ්ලොග් එක ලියනවා. උබලා මාත් එක්ක ඉන්න එක මට සතුටක්. දිගටම මට මේ වැඩේට උදව්වක් දියන් මේකෙ අඩුපාඩු එහෙම ශේප් එකේ පෙන්නලා.

      Delete
  2. Replies
    1. bohoma sthuuthie loku aiyaa..mma thama blog liyanna patan gaththa podi ekek.oyalage comments mata godak watinawa

      Delete
  3. අඩේ මම අද මුලින්ම මේ පැත්තට ආවෙ.... ඇත්ත මලයෝ.. පාසල් කාලෙ කියන්නෙ හරිම සුන්දර මතකයන් සමුදායකින් පිරි කාලයක්.. ඒව මතක් වෙද්දි හිතට එන දුක දරාගන්න අමාරුයි....

    ReplyDelete
    Replies
    1. ow aiye e dawas harima lassanai..mama me try karanne mata liyaganna puluwan widiyata e lassana dawas gena poddak api kaageth mathakaya awadhi karanna.bohoma sthuuthie aiye.digatama mage blog ekath ekka ekathu wela inna

      Delete