අහස් වියන යට
ඔබත් මාත් දන්න නොදන්න දහසකුත් දේවල් ඇති මේ අහස යට සැගවිලා
Sunday, 16 February 2020
හිස්තැන්
මොරටු අහසේ අපේ තැන් වල
වැසි වැටී මහ පොලව
තෙමුණා..
ගල් බංකු උඩ කොරිඩෝව
යට පෙම්වතුන් ගුලි වෙලා
උන්නා..
උදේ රෑ නිදි වරා වෙහෙසෙන
අම්මා මට මැවි මැවී
පෙනුණා..
ඇස් පියන් පෙති වහන්
හිමිහිට මවා ගන්නට හීන
තිබුණා..
- රුචිර වීරකෝන් -
28.11.2019
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment