Saturday, 21 November 2020

සමීර අයියා වෙත



 මගේ මේ වචන හරි පුංචියි

ඔබ වැනි සිංහල, සංස්කෘත භාශා ප්‍රවීණයෙක් ලග..

ඔබ වැනි කතුවරෙයෙක් ලග, නිසදැස් කරුවෙක් ලග..


ඒත් මම ලියනවා මෙහෙම,

කැම්පස් එකේ එක තෝසෙ බෙදාගෙන කාපු දවස් සිහි කර කර..

රෑ එලි වෙනකන් old gym එකේ dancing practice කරපු දවස් සිහි කර කර..

Fund raise කරන්න car wash කරපු දවස් සිහි කර කර..

රෑ තිස්සේ පාරවල් ගානෙ කඩවල් ගානෙ කරක් ගහපුවා සිහි කර කර..


හරියට තිතට අඩි අල්ලලා නුබ නටද්දී බලන් ඉන්න ලස්සනයි..

වෙස් කිට් එක ගහල බැස්සම පුදුම තේජසයි..

එහෙම කරලා හරි හරියට salsa නටද්දී හරිම පුදුමයි..

ඒ දවස් වල නම් අපිට ඒවා දැකලා හරිම ඉරිසියයි..


ඇයි යකෝ ඉංජෙක් නටනවා මදිවට පොතුත් ලියනවා, ගෑනු ලමයිගෙත් හෙන crush එක.


මතකද රෑ වෙලා practice ඉවර උනාම අපේ transport එක තමයි ඔයාගෙ van එක..

මතකද අපි ආයෙත් පාරක් ගිගුම් කරන්න කාපු කට්ට..

මතකද අපි පොඩි උන් වගේ සෙල්ලම් කරපු හැටි..

මතකද අපි හිනා උන හැටි අඩපු හැටි..


ඔයාට මතක ඇති, ඒත් ඒ බැදීම් වලින් ඈත් වෙලා හිත බොහොම දුර ගිහින් ඇති..

මේවා කියද්දි මට පව් සිද්ද වෙනවත් ඇති..

ඔයා අවබෝධ කරගත් උතුම් මානයට අපි තව ගොඩක් දුර නිසා අපිට එහෙම හිතෙනවා ඇති..


මේ ටික කීවේ මගේ කැම්පස් එකේ ලස්සනම කාලෙ අපි එක්ක ජීවිතේ බෙදා ගත්තු සමීර තිස්සවලංගු අයියට,

ඒත් ඒක දැන් වලංගු නෑ.


අද මම දැක්කේ උතුම් ආර්‍ය් මහ සග රුවනක්.

සතුටට හිනා වෙනවද දුකට අඩනවද කියලා හිතා ගන්න බැරි මම,

සතුටට හිනා වෙන්න පුරුදු වෙනවා..

මගේ යැයි කියලා හැමදේම ලගට ගන්න හදන මම,

හැමදේම ලැබිලා ඒවා අත ඇරපු මිනිස්සු වෙනුවෙන් සතුටු වෙන්න පුරුදු වෙනවා..


ගරු ස්වාමීන් වහන්ස ,

ඔබ වහන්සේ බලාපොරොත්තු උනේ යම් සේ ද,

එලෙසම සසර ගමන කෙටි කර ගැනීමට හැකි වේවා.

එදා ඔබ වහන්සේ අපිට කල්‍යාණ මිත්‍රයෙක් උනා සේ

හෙටද අපේ කල්‍යාණ මිත්‍රයෙක් වී අපේ සසර ගමනද කෙටි කර ගැනීමට ලැබේවා..


සාදු සාදු සාදු...


- රුචිර වීරකෝන් -

02.11.2020


No comments:

Post a comment