Saturday 26 October 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 3 වෙනි කොටස )


පළමු කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න

දෙවෙනි කොටසට >
ෆෝන් එකෙන් යනවනම් මේකෙන් යන්න


චතුර සර් කියන්නෙත් අපේ කොල්ලන්ටම හරියන සුපිරිම චරිතයක්.කොටින්ම කියනවනන් වැඩිය වයස නැති රෙස්පට් පොරක්.

ඒ කාලෙ තමඉ අපේ සෙට් එකට නදීශ,ශාලුක,ආනන්ද, මුදිත,දිනුක(පැනියා),විශ්ව,
කනිශ්ක(හොට්ටා) එහෙම අපේ සෙට් එකට සෙට් උනේ.

අපේ පන්තිය තිබ්බේ තට්ටු ගොඩනැගිල්ලක දෙවනි තට්ටුවේ. පාර අයිනේ තමයි බිල්ඩින් එක තිබ්බෙ. ඒ දවස් වල මද්ය අංශයෙ අංශ ප්රදාන සර්ට අපි ආදරේට කීවෙ තොලා කියලා. නියොජ්ය අංශ ප්රදාන සර් ට කීවෙ වල්කය කියලා. අපිට එයාලගෙ ඇත්ත නම් පවා අමතක වෙන තරමට ඒ නම් අපිට හුරු පුරුදු වෙලා තිබ්බේ.
හැබැයි ඉතින් ඒ දෙන්නා ඉංගිලිශ් මීඩියම් ලමයි ට නම් වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.හේතුවනම් මොකක්ද කියලා අපි දන්නෑ ඉතින්. අපි ඉතින් හොදක් කරත් බැනුම් ඇහුවා විතරයි හැමදාම.කොහොම උනත් අපි ඒ සර්ලා ටත් ආදරෙයි.
අපේ ඉස්කෝලෙ ඒ දවස් වල තිබුනා පෝෂණ වියාපෘතියක්. මම හිතන්නෙ තාමත් ඒක තියනවා. අපිට ඉතින් උදේට එක එක කෑම හම්බෙනවා. 
එදා බ්රහස්පතින්දා දවසක්. එදා තිබ්බෙ කඩල. අපෙ පන්තිය තිබ්බෙ උඩ තට්ටුවෙනෙ.දැන් ඉතින් තට්ටුවක් බැහැපන්කො අත හෝදන්න. අපි නම් බහියි. එකෙක් වත් කන්නෙ ඉතින් අත හෝදල එහෙම නෙමෙයි.

එදා සර් ත් එයාගෙ කෑම එකත් දිග ඇරන් අපෙන් අහනවා,
"ළමයි උඹලා දැන් කඩල කන්නෙ අත එහෙම හෝදලාද?"
එතකොට අපේ එකෙක් කියනවා
"නෑ සර් ඌරන්ට මොන සවුක්යද?" කියලා

සර් ත් ආයෙ වට පිට එහෙම බලලා  
"එක්කො ලමයි මමත් කාලා ඉවර වෙලාම අත හොදනවා" 

කියලා සර්ත් අපි එක්කම අත හෝදන් නැතුව කනවා.තව ඉතින් මරු මරු සිද්දි වෙලා තියනවා.

අනේ ඉතින් මොකට කියනවද අපේ එවුන්ට කෑමක් එහෙම දැක්කොත් නම් ඉතින් දැකලා නෑ වගේ. පන්තියේ කෑම එකක් එහෙම දිග ඇරියොත් ඒකට පනින්නෙ මාස ගානකින් කාල නැති ඉතියෝපියාවෙ සෝමාලියාවෙ එවුන් වගේ.
කොච්චර පොර කෑවත් මරා ගත්තත් ඒ මතක හරිම සුන්දරයි. 

අපිට ඉන්ටවල් එකට කලින් බඩිගිනි ආපුවම එහෙම අපි කන්න පාවිච්චි කලේ සිංහල පීරියඩ් එක.අපි පිටිපස්සට වෙලා කනවා.මැඩම් එයාගෙ පාඩුවේ උගන්නනවා.පන්තිය මුල්ලෙ තුන්වන ලෝක යුද්දෙ උනත් එයා නම් දන් නෑ.

අපි මහා පරිමානයෙන් පීරියඩ් එහෙම කට් කලේ මේ කාලෙ තමයි.එහෙම කරලා අහු උනාම වරු ගනන් අව්වෙ දණ ගහන් හිටපු හැටිත් හොදට මතකයි. ඒ වැඩ වල නෝන්ඩියක් එහෙම නම් අපිට දැනුන් නෑ.මොකද ඉතින් අපි ඔක්කොම කොල්ලො කොල්ලොනෙ.පීරියඩ් කට් කර කර ඉද්දි පිනා ආපු වෙලාවට දුවපු දිවිලි තාම මතකයි. ජීවිතේට පනින්න බැරි තාප්ප වලින් එහෙම පැන්නා නෙමේ ඉබේම පැන්නුනා.මම හිතන්නේ ඒ දවස් වල ජාතික වාර්ථා පරයා යන ඔලිම්පික් වාර්ථා අපි අතින් බිහි වෙන්නට ඇති.එ උනාට අපේ අවාසනාවට අපේ සැගවුනු දක්ෂතා හදුනා ගත්තෙ නෑ කවුරුවත්.

අපේ පන්තියේ කොරිඩෝවට මීගමු පාර හොදට පේනවා. අපේ වැඩේ ඉතින් ඕෆ් පීරියඩ් වලට පන්තියෙන් එලියට ඇවිත් රිවිශන් ක්ලාස් ඉවර වෙලා පේමන්ට් එකේ යන කෙල්ලෝ ටෝක් කරන එක.

දවසක් අපි පන්තියෙන් එලියට ඇවිත් පාර දිහා බලන් ඉන්නවා.

සර් අපිව දැකලා අපේ පැත්තට එනවා ඈතදිම දැක්ක අපි එකා දෙන්නා නෝමල් එකේ පන්තියට ශේප් උනා. ඒත් කණිශ්ක(හොට්ටා) සර් ආපු බව දන්නෙ නෑ. පොර තාම පාර දිහා බලන් ඉන්නවා.සර් සද්ද නැතුව ඇවිත් බුවාගෙ පිටිපස්සෙ හිටගෙන බලන් ඉන්නවා කරන දේ.සර් ඉන්න නිසා අපිට කරන්න දේකුත් නෑ. අපිත් සද්ද නැතුව බලන් ඉන්නවා.

සර් මුගෙ පිටට ශේප් එකේ තට්ටුවක් දැම්මා. මූ හිතුවෙ අපි කවුරු හරි කියලා.

"පොඩ්ඩක් හිටපන්කෝ බන් වදයක් නොවී"

කියල මු පස්ස වත් හැරිලා බලන් නැතුව ආයෙ පාර බල බල ඉන්නවා.සර් ආයෙත් තට්ටුවක් දැම්මා.

"මොකද බන් කරන්නේ.නිදහසේ කෑල්ලක් වත් බලන්න දෙන් නෑනෙ උබලා.අර බලපන් අතන පට්ට කෑල්ලක් යනව" 
කියලා මූ අතිනුත් පෙන්නුවා. ඒත් මේ මෝඩයා තාම දන්නේ නෑ පිටිපස්සෙ  කවුද කියලා ඉන්නෙ.
සර් ආයෙ පාරක් තට්ටු කලා පිටට.

"මොන රෙද්දක්ද **€*#^*#  කරන්නෙ තොගෙ අ#*#£#*><€€"
 කියාගෙන මේ යකා අනිත් පැත්ත හැරුනම තමයි දෙලොව රත් උනේ. අහ් සර් කියල ඔලුව කහලා ශේප් එකේ මෝඩ හිනාවක් දාලා මූ පන්තියට මාරු උනා. වෙලාවට සර් ට තරහා ගිහින් තිබ්බේ නෑ.

ඔහොම ඉතින් රසවත් සිද්දි ගොඩක් උනා..

මම ඒ දවස් වල ඒ කියන්නෙ 10 න් 11 ට ආපු දවස් වල සා/පෙල ට ඔක්කොම ටිකක් බයවෙලා තමයි හිටියේ.මමත් කසුන් කියල යාලුවෙක්ගෙ ගෙදර නැවතිලා පාඩම් කලා. මොනා උනත් පිට තැනක් කියල නොදැනෙන්න හරිම හොදට එයාගෙ අම්මා තාත්තා මට සැලකුවා.

ඒ දවස් වල අපි ඉස්කෝලෙන් පැන්නේ තාප්පෙට පුටු තියලා සෑහෙන ලොකු ගේමක් දීලා.පහු පහු වෙද්දි නම් අපි කෙලින්ම ගේට්ටුවෙන්මයි පැන්නේ.දන්නැද්ද ඉතින් බච්ච කාලෙ ගේට් එකේ සික්කව ටෝක් කර ගන්න තේරෙන් නෑනේ.

ඒ දවස් වල තමයි අපේ ධනුශ්කය පිළිකාවක් හැදිලා නැති උනේ.ඉස්කෝලෙ ස්පෝර්ට්ස් කරපු සෑහෙන ප්රසිද්ධ කොල්ලෙක් ඒ කාලෙ, යාලුවො වෙච්ච අපි හැමෝම ගොඩක් උත්සහ කලා යාලුවා බේර ගන්න ඒත් අපිට බැරි උනා.අපි ඔක්කොම අඩවලා ඌ යන්න ගියා.

දන්නෙම නැතුව සා/පෙල කට උඩටම ආවා.ඒ දවස් වල උපකාරක සම්මන්ත්රණ තිබ්බා. ඒ දවස් වල නම් අපේ එවුන් සෑහෙන ෆන් එකක් ගත්තා.සමහර දවස් වලට ලග ඉස්කෝල වල කෙල්ලොත් එනවා අපේ මනමාල කුකුල් පැටව් ටිකට එතනින් එහා දෙයක් නෑ ඉතින්.ඒ ගේතුව නිසාම අපි උනන්දුවෙන් ඒවට සම්බන්ද උනා.


කොහොමින් කොහොම හරි අපි එකසෑම් එකත් ලිව්වා. ඉවර වෙන දවසේ හැමෝටම දුකයි. පොඩි කාලෙ ඉදන් එකට හිටපු සමහර යාලුවො රටත් දාල යන්න ප්ලෑන් කරලා ඉවරයි.උසස් පෙල කරන්න ගියාම කවුරු මොන විශයන් කරයිද දන් නෑ.

ඒ විදියට මගේ සුන්දර පාසල් කාලෙ එක් පරිඡ්චේදයක් නිමා උනා.

මට හම්බුනු සුපිරිම සෙට් එක හිටියේ  උ/පෙල පන්තියේ. හොද බොක්කක් තියන හොදම සෙට් එකක්. ඉස්කෝලෙ ඇතුලෙ සැහෙන ජාත්යන්තර ගේම් ගොඩක් දුන්න අපි සෙට් එක.

මතු සම්බන්දයි....




මේ ඉන්නේ 10- A පන්තියේ කොල්ලො සෙට් එක.සග දාලා මැද ඉන්නේ චතුර සර්


10 වසරෙන් චතුර සර් එක්ක ගිය ට්රිප් එකේ ෆොටො කීපයක්


   ඉස්කොලෙ කඨින පිංකමක් දවසක




     කණිෂ්ඨ ශිෂ්ය නායක දිවුරුම් දීම


5 comments:

  1. සිරාවටම පට්ට මචන් මේ ලියන කතාව. මටත් නොදැනීම ඒ සුන්දර අතීතයට ගියා. සමහර ඒවා මතක වෙද්දී ඇස් වලට කදුලුත් එනවා. මලියදේවෙට ආපු මුල්ම දවසෙම මට හම්බෙච්ච්ච මුල්ම යාළුවා උඹ! ඒ දවස මට තාමත් අද වගේ මතකයි. එදා හම්බෙච්ච්ච උඹ අද ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙත් මගේ හොඳම යාළුවන් අතරේ ඉන්න එක මට ලොකු සතුටක් මචන්. උඹ මේක දිගටම ලියාගෙන යමන්. අමතක වෙන ඒවා මතක් කරන්න අපිත් ඉන්නවනේ! දැන් ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඒ සොඳුරු මතකයන් ගොන්න තමයි.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මචං. උඹලා කවුරුවත් මට අමතක වෙන් නෑ. ඒ වගේම මේක ලියද්දි සමහර කොටස් මට අමතක වෙනවා. කාගෙ හරි ගැන කියන්න එහෙම බැරි උනොත් කවුරුවත් තරහා වෙන්න එපා. මට අමතක වෙන කොටස් කමෙන්ට්ස් වලින් එකතු කරපන්. පරන ෆොටො තියනවනම් ඒවත් මට එවපන්. :-)

    ReplyDelete
  3. ela machan..:D mewa matak weddi hinath yanawa..e wagema dukai....aye mehema kalayak enne nane ....

    ReplyDelete
    Replies
    1. Ow machan ubalath ekka aathal eke kelapu pissu mathak weddi dukath hithenawa. Hinaath yanawa. Thnx machn. Digatama mage blog ekath ekka ekathu weyan

      Delete