Sunday 15 December 2013

බොහොම ස්තූතියි.....



වෙලාව රෑ 10.08 බොරු නම් බලන්නකෝ පහල තියන ස්ක්රීන් ශොට් එක ඈ.

 
මම මේ පෝස්ට් එක ලීවෙ අපේ චූටි බබී අක්කිව බටර් පාරක් ගාලා ශේප් කර ගන්න හිතාගෙන. ඔන්න මම එයාට කඩේ යනවා එහෙම නෙමේ හොදද,

මමත් හා හා පුරා කියලා බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2011 අවුරුද්දෙ විතර මට මතක හැටියට. ඒත් ඒක හැමදාම යාවත්කාලීන කරන්න හම්බුනේ නෑ මගේ අධ්යාපන කටයුතු වලට මුල් තැන දෙන්න උන නිසයි මගේ ටයිප් කරන්න තියන කම්මැලි කම නිසයි.

ඉදලා හිටලා කලාතුරකින් තමයි පෝස්ට් එකක් එහෙම දැම්මේ. හැබයි මගේ උසස් පෙල විභාගෙ ඉවර උනාට පස්සේ මකුලු දැල් කඩලා අතුගාල දාලා දූවිලි ගසලා එහෙම ආයෙ බ්ලොග් එකේ වැඩ පටන් ගත්තා.

ඒත් තනියම ඔන්න ඔහේ හුදකලාවෙ තමයි බ්ලොග් එක අප්ඩේට් කර කර හිටියේ. අනික මම පුදුම දුකක් විදින්නේ මේ සින්හල ෆොන්ට් ටයිප් කරන්න. මගෙ ෆෝන් එකට සින්හල කී බෝර්ඩ් එන්නෙත් නෑ. සන්හිද කියන සොෆ්ට්වෙයාර් එකෙන් තමයි පන දාගෙන ටයිප් කරන්නේ. වෙලාවකට පොඩ්ඩ වැරදුන ගමන් ටයිප් වෙච්ච ඔක්කොම ඩිලීට් වෙලා යනවා. ඒ වෙලාවට නම් බ්ලොග් ලිවිල්ල දමලා ගහලා යන්න හිතුන වාර ගනන අනන්තයි අම්මපා. එපාම වෙනවා. ඒත් ආයෙ කොහොම හරි ෆෝන් එකත් අතට අරන් ආයෙ ටයිප් කරනවා.

මම දන්නවා බ්ලොග් කරුවන්ගෙ එකමුතුවෙන් ඒ ගොල්ලෝ ලොකු වැඩක් කරනවා මේ සයිබර් අවකාශයේ. 

මම හුගක් එයාලගේ පෝස්ට් කියවනවා. ඒ වගේ ලොකු වැඩකාරයෝ එක්ක හැප්පෙන්න පුලුවන් වැඩ්ඩෙක් නෙමෙයි මම. මම තාම බ්ලොග් කලාවට නවකයෙක්. මම හිතුවේ නෑ අනික් බ්ලොග් කරුවන් එක්ක මෙච්චර ඉක්මනට එකතු වෙන්න ලැබෙයි කියලා. ඒත් ඊයෙ රෑ මට බ්ලොග් එකේ ඇති වෙච්ච ප්රශ්නයක් නිරාකරනය කර ගන්න යද්දි චුටි බබී අක්කා මාව බ්ලොග් ලියන අයගෙ ගෲප් ගොඩකට ඇඩ් කර ගත්තා. එයලා කරන පොදු වැඩවලට එහෙමත් සහභාගී වෙන්න එන්න කීවා. ඉතින් මට හරි සතුටුයි. 

මම ඊයෙ තමයි දැන ගත්තෙත් චූටි බබී අක්කි බ්ලොග් එකක් ලියනවා කියලා. චූටි බබී කීවට මොකද එයා නම් හරි බතලයි. මම වගේ 10කට විතර එයා පිටිපස්සේ හැන්ගෙන්න පුලුවන්. ඒ උනාට එයා උයලා දෙන කෑම නම් රසයි ඇත්තටම.
(පොඩි බටර් පාරක් ගෑවෙ හොදද) මොනා උනත් තැන්කූ වේවා හෙල්ප් එකට. 


එහෙනම් අවසරයි මටත්  පිවිසෙන්න බ්ලොග් කරුවන්ගේ ලෝකයට.....



3 comments:

  1. ඩිගටම ලියන්න .... හැබැයි පාඩම් කරන්න තියෙන වෙලාව කැප කරන්න එහෙම එපා ...ඉස්සරවෙලාම හොදට එක්සෑම් එක කරගන්න මල්ලි ...

    ReplyDelete
  2. ok akka aniwaren........mama chutta kaalayak blog writing walata samu denna hitha inne

    ReplyDelete