Friday 14 February 2014

හීන.... බොද වෙලා....






දවසින් දවස ගෙවීගෙන යන්නේ අපි දන්නෙම නැතුව. 2014 අවුරුද්දත් උදා වෙලා දැන් ටිකක් කල්. මගේ බ්ලොග් එකට හුග කාලෙකින් මුකුත් දාන්න බැරි උන නිසා මකුලු දැල් බදින එක නවත්තන්න කියලා හිතන් තමයි මේ පෝස්ට් එක දාන්නේ.

ජීවිතේ පටන් ගත්තේ හුගක් බලාපොරොත්තු පොදි බැදගෙන. ආපු හැම කඩ ඉමක්ම පහසුවෙන් වගේම ඉහලින්ම සමත් උනා.

 ඒත් අපේ ජීවිතේ එක් වැදගත්ම තැනක් මම පරාද උනා. අම්මලාගේ බලාපොරොත්තු ඔක්කොම අමු අමුවේ විනාශ කරන් මම උසස් පෙල විභාගය ෆේල් උනා.

මගේ තාත්තගෙ හිතේ අම්මගෙ හිතේ කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇතිද මම මේකත් පාස් වෙයි කියලා. මම මහා කාලකන්නියෙක් කියලා දැනෙන්නේ ඒ වෙලාවට. සල්ලි ගොඩක ඉපදුනු කොල්ලෙක් නෙමෙයි මම. ඒත් මගේ දෙමව්පියෝ මහන්සි උනේ මාව එතනට ගේන්න. 

ඒත් මම පරාදයි. මට කැම්පස් යන්න තියා විභාගෙ පාස් වෙන්න වත් හම්බුනේ නෑ. අහස උසට බලාපොරොත්තු නම් ඇත්තේ නෑ මට. ඒත් මේ පාර වත් උසස් පෙල යම් තාක් දුරක් හරි මට ගොඩ දා ගන්න තිබුනොත් මට ඒ ඇති. දෙවනි පාරත් විභාගෙ කරලා බලමු. වෙන දෙයක් වෙයිනේ.


හැමෝටම ජය... උසස් පෙල ඉවර වෙනකන් බ්ලොග් එකට පොඩි විරාමයක්...


No comments:

Post a Comment