Wednesday 8 April 2015

෴ මතකයක් පමණයි ෴ ( 1 වෙනි කොටස )



වැහි බිදු එකින් එක වැටෙමින් තිබුණා. තවමත් සවස් වී නොතිබුනත් ඝණ අන්දකාරයක් මුළු කුරුණෑගල නගරයම වෙලාගෙන තිබුනා. ඒ ගත වූයේ පස්වරු කාලය වුවත් පෙම්වතුන් කිහිප දෙනෙකුගෙන් රජපිහිල්ල උද්යානය පිරී තිබුනා. ඔවුන් ඔවුන්ගේ ලෝක වල තනි වෙමින් හිටියා.

ඒත් ඒ අතර උයන් කොනේ ඇති කොන්ක්‍රීට් බංකුවක තරුණ පිරිමි ලමයෙක් වාඩි වෙලා හිටියා. තරමක් මද්යම පාන්තික පෙනුමක් ඔහු ගෙන දිස් වූ අතර ඔහු කාටත් සුහදශීලී ප්‍රියමනාප පුද්ගලයෙක් බව මට
වැටහුනේ මම ඒ අසල වාඩි වී සිටි නිසා වෙන්නට ඇති. ඊලග ක්ලාස් එක පටන් ගන්න ගොඩක් වෙලාවක් ඉතිරිව තිබෙන  නිසාත් ඒ කාලය කා දැමීමට අන් ක්‍රමයක් නැති නිසාත් මමද පාඩම් කරන්නට සිතා ගෙන රු.10ක ටිකට් එකකුත් අරගෙන උද්යානයේ කෙලවරකම ඇති බංකුවක වාඩි උනා. අපි ඉතින් හොද ලමයි  නිසා ඔන්න වටේ පිටේ වෙන දේවල් එහෙම බලන්න ගියේ නෑ. ගියේ නම් ඉතින් පාඩම් කරන්න හිතාගෙන තමයි. ඒත් කොහෙද ඉතින් ඊයෙ ෆෝන් එකට බා ගත්තු game එකේ mission දෙක තුනක් වත් ඉවර කරලම පොතක් අතට ගන්නවා කියලා හිතාගෙන මම ඉතින් ගේම් එකක් play කරන්න පටන් ගත්තා.

" excuse me මල්ලි වතුර තියනවද ලග?. "
අසල කෙනෙක් කතා කරනු ඇසී මම ඔලුව හරවා බැලුවා. බලද්දී කතා කරලා තියෙන්නේ ලග පාත බංකුවේ ඉදගෙන හිටපු අයියා.

මනුස්සයා ඉන්නෙත් තනියම. අද කාලෙ කොල්ලෙක්වත් ශුවර් නෑනෙ. මම පොඩ්ඩක් තැති ගැනීමක් වගේ මෙව්වා එකකට ලක් උනා. ඒත් මම මනුස්සයට ඒ බව පෙන්නුවේ නෑ. මමත් ඉතින් ටවුන් එක හුරු පුරුදු ඩයල් එක වගේ ඒ දිහා බලලා,මොනවා උනත් මනුස්සයෙක් වතුර උගුරක් ඉල්ලද්දී නොදීත් බැරි කමට

 "ආ අයියේ පොඩ්ඩක් තිබ්බා. ඉන්න මම දෙන්නම්"
කියලා බෑග් එකේ දාගෙන හිටපු වතුර බෝතලය එලියට අරන් ඔහු දෙසට දික් කලා.

ඔහු ස්තූතිවන්ත බැල්මකින් එය ලබාගෙන උගුරක් දෙකක් පානය කරලා
 "thanks මල්ලී"
 කියමින් මට එය නැවත ලබා දුන්නා.මම එය බෑගය විවෘත කර දා ගැනීමට සැරසුනා.

"මල්ලී තවම ඉස්කෝලෙ යනවද?"
ඔහු මගෙන් ඇසුවා. ඔහු මගෙන් ඇසුවා.

"අහ් ඔව් අයියේ...මම මේ පාඩම් කරන්න කියල මේ පැත්තට ආවා. අයියගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් තාම ආවෙ නෑ නේද?"
මගෙත් ඉතින් කට හොද නෑනෙ පුදනකොටම කාපි යකා කියලා කියලා දැම්මා.

"අනේ නෑ මල්ලී මම මේ නිකං මේ පැත්තේ ආවෙ. කුරුණෑගල ආපු ගමන්. මල්ලි A/L ද කරන්නේ.?"
ඔහු මගෙන් ඇසුවා.

ඒ කියන්නේ මේ යකා කුරුණෑගලත් නෙමේ. එහෙනම් මොන මල ඉලව්වක් මේ පාර්ක් එකේ කරනවද දන්නෑ ආදි ප්‍රශ්න ගොඩකින් මගෙ හිත පිරී තිබුණා. කමක් නෑ ඕනෙ එකක් කියලා මමත් කතාවට මුල පිරුවා.

"ඔව් අයියේ මම A/L. ඊලග ක්ලාස් එකට තව වෙලා තියනවා. කොල්ලෝ එක්ක රස්තා පාර ගහන්නත් ටිකක් කම්මැලි හිතුනා.ඒකයි මේ පැත්තට ආවේ. අයියා එතකොට කොහෙද ?"
මම කුතුහලයෙන් ඇසුවා.

"මම මෙහෙ නෙමේ මල්ලි මම නුවර. මල්ලී මොන stream එකෙන්ද A/Ls කරන්නේ?"
ඔහු සුදශීලීව ඇසුවා.

 "මම Maths කරන්නේ"
මමත් පොඩ්ඩක් ලොකු ලයින් එකෙන් වගේ කීවා.

"මල්ලී Maths කරනවා නම් ඔහොම පිස්සු කෙලලා හරියන් නෑ බං. මැරීගෙන වැඩ කරපං බං. මාත් Bio කරේ. මම දන්නවා මල්ලි දුක තමයි. ඒත් වැඩ කරපන් මල්ලී"
ඔහු කීව දේ නිවැරදිව තේරුම් ගැනීමට ඇත්තටම මට වසර කීපයක්ම ගත උනා.ඇත්තටම කීවොත් හොදටම තේරුනේ රිසල්ට් ආව දවසේ තමයි.ඒක ඒ තරම් ශෝචනීයයි.ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු.

අපිට පිටුපසින් පාරෙන් එහා පැත්තේ තිබ්බේ Y.M.B.A. ශාලාව.

"මමත් උසස් පෙලට ක්ලාස් ආවේ කුරුණෑගල මල්ලි.ඒ දවස් වල නුවර හොද ක්ලාස් තිබ්බේ නෑ.මල්ලී පින්නපොල සර් තවම මෙතන ක්ලාස් කරනවද?"
ඔහු නැවතත් හඩ අවදි කරමින් ඇසුවා.

මම දන්න තරමින් නම් මෙම ස්ථානයේ ඔහුගේ පන්ති තිබූ බවක් නොදන්නා බවත් දැන් තියෙන්නේ වෙනත් ස්ථානයක බවත් මම පැවසුවා.
"එතකොට මල්ලි මෙතන ක්ලාස් කරන්නේ කව්ද?"
ඔහු මගෙන් ඇසුවා.

"අනිල් සර් කියලා සර් කෙනෙක් අයියා නම් දන්නේ නැතුව ඇති. එයා මැත්ස් සර් කෙනෙක්."
මම කීවා.

"මම ඉස්සර ක්ලාස් එන කාලෙ chemistry ක්ලාස් තිබ්බේ YMBA එකේ. ඒ කාලෙ හරිම ලස්සනයි. මමත් ඉස්සර කොල්ලෝ එක්ක ටවුන් එකේම කරක් ගහල ඇති"
ඔහු YMBA ගොඩනැගිල්ල දෙස බලාගෙන ඔහුගේ මතක සුවද අවදි කරන්නට ගත්තා.

ඔහුගේ නම අමල්. අපි වගේ නෙමෙයි ඔහු ඉගෙන ගන්නට ගොඩක් දුක් විදල තියන කෙනෙක්.



මතු සම්බන්ධයි...........

No comments:

Post a Comment