Tuesday 21 November 2017

Archi අපේ ජීවිත

වෙලාව උදේ 4.30 යි..

පාන්දරම නැගිටලා නේද..

නෑ දැනුයි කැම්පස් එකේ ඉදන් බෝඩිමට ආවෙ..

නිදාගන්න නිදි මතයි..

ඒත් නිදා ගන්න බෑ බයයි..

උදේ 8.30 වෙද්දි කැම්පස් එකේ ඉන්න ඕන..

නැත්තන් ..

submission එක අවුල්..


අනික් උන් නිදි ඇති..

ඊයෙ දේදුනු ගංතොට බලන්නත් ඇති..

හවස සෙල්ලං කරන්නත් යන්න ඇති..

සමහර විට සති අන්තෙ ගෙදර යන්නත් ප්ලෑන් කරල ඇති..


ඒත්..,

ඩිග්‍රියට දියවෙන අපේ ජීවිත..

කවදා දකීද ආලෝකයක්..

අනික් උන් වගේ ලස්සන ජීවිතයක්..

ගෙදර ගිහිනි එන්න දවසක්..


නෑ එක්කෝ එච්චර ඕන නෑ..

ලැබුනනම් එක දවසක්..

නිදාගන්න එලි වෙනකන්..

ඒකත් වේවි අස්වැසිල්ලක්..

2 comments:

  1. අවුරුදු හතරේ හිරගේ කඩාගෙන ගියොත් නීතිය නවන්න වෙනවා. ඒක නිසා කල්දෙරම් බත කාලා ඒ හිර දඩුවම කෝම හරි විදගන්න එක තමා නුවනට හුරු

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..අපිට ඒ හිර දඩුවම අවුරැදු 5ක්.
      බොහොම ස්තුතියි.සෑහෙන කාලෙකින් බ්ලොග් එකට ගොඩ උනේ

      Delete