Friday 29 June 2018

බලාපොරොත්තු | HOPES (තෙවන කොටස)




"මෙහෙ වරෙන් යන්න ....තෝ..අමන බල්ල..ආව මෙතන රට පෙරලන්න"


එක් වරම කලුපාට බෑගයක් ඔලුවට දමනවාත් සමග පහර පිට පහර කීපයක් වැදුනා. දෑත් පිටුපසට කර බැද ඇති බැවින් වේදනාව ඉවසා ගැනීමට දෙපසට සැලනවා ඇරෙන්න වෙන යමක් කල නොහැක උනා.. පිට කොන්දට හා ඔලුවට වැදුන පහරවල් දෙකක් නිසා නොනවත්වා ලේ ගලන්නට වුණා.


"අනේ මගේ දෙයියනේ...අනේ බුදු මහත්තයෝ මම වරදක් කරලා නෑ"


දසුන්ට කියන්නට හැකි වූයේ එපමනයි.

නැවතත් බිම දමාගෙන පා පහරවල් කීපයක් වැදුන අතර පණ නැතුව බිම ඇද වැටුන දසුන්ව මලමිණියක් ඔසවනවා වගේ උස්සා වාහනයකට විසි කරේ කොහේ හෝ රැගෙන යන්නටය. අත් බැද දමා ඔලුවද වසා තිබුන බැවින් කොහේ යන්නේද කුමක් සිදු වෙන්නේද කියා දසුන්ට සිතා ගත නොහැකි වුනා. නමුත් එක් දෙයක් නම් ස්තීරවම ඔහු දනී. මේ ගෙන යන්නේ ප්‍රශ්න කරන්නටය. කොයි තරම් වද බන්දන වලට මුහුන දෙන්නට වෙයිද කියා දන්නේ උඩ ඉන්න දෙයියො තමයි.


මෙසේ දසුන්ව කිහිප විටක්ම කිහිප තැනකටම ගෙන ගොස් ඇති බැවින් මෙම ක්‍රියා දාමය තරමක් ඔහු දනී.

ඔහුව රැගෙන යන්නට එන්නේ පොලිසියේ හෝ හමුදාවේ අය විය හැකි බව දන්නා නමුත් හැමෝම සිවිල් ඇදුමෙන් සැරසී සිටින බැවින් එසේ නොවීමටද පුලුවන.

ඔවුන් හැමදාම ප්‍රශ්න කරමින් තමන් නොදන්නා දෙවල් රැසක් පාපොච්චාරනය කරන්න යැයි පවසයි. ඔහුට මෙහි අගක් මුලක් නොතේරේ.


වාහනය පන ගන්වා දාවනය වීම ඇරඹුනා. ගල් වලවල් සහිත පාරක එහෙ මෙහෙ පැද්දෙමින් වාහනය ගමන් කල අතර තැලී තුවාල වී තිබු ඇග ඉවසා ගත නොහැකි ලෙස රිදුම් කන්නට වුනා. දසුන්ව බිම දමා තිබුනේ හරියට සතෙකුගේ මලකුනකට සලකන ආකාරයටය.


අඩසිහියෙන් සිටි දසුන්ට තම කාමරයේ සිටි සගයා සුපුන්ව මතක් උනා.


ඔහුට කුමක් සිදු වන්නට ඇත්ද? තවම ජිවකුන් අතරද? දසුන් දන්නේ නැත. දසුන්ට මතක එදා ඔවුන් දෙදෙනා පොලිසිය විසින් කුදලගෙන යන දවසේ සුපුන් තම අසරණ බවත් අසනීප තාත්තා ගැනත් කියමින් හඩා වැටුන හැටිත්ය.


"පව් අසරණයා". දසුන්ගේ හිත කීවා.


වෙනදා දවල් 3 පමන පසුවී කැන්ටිමෙන් බත් එකක් කාලා දවල් වේලයි රෑ වේලයි ෂේප් කරන ගන්නා තමන්ටත් මිතුරාටත් එදා රෑ 8ට පමන කැන්ටිමට නොගියා නම් සමහරවිට ඊට දවස් දෙකකට පසුව තිබූ විභාගයටත් ඔවුන් එකට පෙනී සිටීමට හා පසුවදා අම්මා බැලීමට යාමටද ඉඩ කඩ තිබුනා. උදේ ඉදන් කැම්පස් එකේ කලබල. පොලිසිය දකින දකින උන්ට ගහනව. බඩගින්න ඉවසන්න බැරි කමට රෑටවත් කන්න ගියේ උදේ වේලත් බඩේ නැති නිසා.

හිතුවටත් වඩා ලොකුවට කලබල ඇවිලිලා..පොලිසියෙ එක්කෙනෙක් මැරිලත් එක්කලු. වටින් පිටින් විපරම් කර බැලු විට දැනගන්නට ලැබුනා.


කෙසේ හෝ කැන්ටිම වැසීමට පෙර ඒ

දෙසට යා යුතු බැවින් සුපුන් හා දසුන් ඉක්මන් ගමනින් ඒ දෙසට පියමැන්නා. නිව්ස් බලන්නත් ටීවි එකක් තිබ්බෙ කැන්ටිමේ විතරයි ඒ දවස් වල. මුල් කාල වල මැච් එක දවසට සෙට් වෙලා කට්ටියම ක්‍රිකට මැච් බලන හැටි දසුන්ට සිහි උනා. ඒත් දැන් 1 වසර වගේ නෙමේ කැම්පස් එකේ හරි කලබල. අලුතින් දාපු ප්‍රයිවට් කැම්පස් එකකට කට්ටිය කා කොටා ගන්නවා. දේෂපාලනෙත් ඒකට සමබන්දයි කියල තමයි ආරංචි. මේ හිටිය වගේ ඉතුරැ මාස දෙකත් ඉවර කරන් අම්මව බලන්න යන එක විතරයි දසුන්ට තිබ්බ එකම හීනෙ.


දසුන්ට මතකයි කැම්පස් එකට ආව දවස්. මුකුත්ම දන්නේ නැති තැනක සුන්දර මතක.

රැග් කාපු හැටි. කට්ටිය මුලින්ම පෝලිම් කරල එක එක්කෙනාගෙ නමයි ගමයි කියන්න කීවා. ලස්සන කෙල්ලෙක්ව පෙන්නලා 

කැන්ටිමේ ඩෙස් එක උඩ නැගල ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න කීවා. ඒ සිද්දියෙන් පස්සෙ තමයි මතී කියන ගෑනු ලමය දසුන්ගෙ ලගම යාලුවෙක් උනේ. මතී ටිකක් තලෙලු උසට හරියන මහතක් තිබ්බ ගෑනු ලමයෙක්. ඉස්සර මතී එක්ක කතා කර කර යද්දි කට්ටිය විහිලු කරේ හොද අඹ කන්නෙ පණුවො කියලා. ඒ දසුන්ට සාපේකෂව මතී තරමක් රෑ සපුවෙන් යුත් තරැනියක් නිසා.

රැග් එක ඇතුල එවැනි මිහිරි මතක මෙන්ම කටුකමතකද බොහොමයක් තිබුනා. ඒත් ආපහු ඒ කාලෙ දිහා හැරි බලද්දි සිනාවක් මුවග සරසද්දි කදුලක් හිතේ ඔබ මොබ ගියේ පස් අවුරැදදක් ගතවී මේ පිංබිම දාල යන දවස ලග ලග එන බැවිනුයි.

මතු සම්බන්ධයි.....

No comments:

Post a Comment