Friday 29 June 2018

බලාපොරොත්තු | HOPES ( අවසාන කොටස)

"නැගිටපිය පාහරයා"


එක පාරටම තමාව කවුදෝ වාහනයෙන් ඇද දමනු හා එවිටම වතුර බාල්දියක් වැදෙන අයුරැ දසුන්ට දැනුනා. අඩ සිහියෙන් සිටි ඔහු මදක් පියවි සිහියට පැමිනියත් කතා කර ගැනීමටවත් හයියක් තිබුනේ නෑ.


ඔලුව වසා තිබූ ගෝනිය ඉවත් කර ඔහුව නැවතත් හිස පහලට සිටින සේ කකුල් ලණුවකින් වහලයේ පරාලයකට ගැට ගසනු ලැබුවා.


"මට කියපං කවුද මේ වැඩේට උඹත් එක්ක.සම්බනධ වෙච්ච අනිත් එකා."

 

"මොන වැඩේද සර්? "


දසුන් යන්තන් වචන ගැට ගහ ගනිද්දි තවත් පහර පිට පහර කීපයක් වැදුනා. එක විටම සිහි සුන් වීම ගිය ඔහුව නැවතත් වතුර ගසා පියවි සිහියට ගත්තා.


"උඹ දැනගනින් පොලීසියෙ එකෙක්ව මරල ලේසියෙන් ගැලවෙන්න බැරි විත්තිය. තෝ හිතං ඉන්නෙ තෝ මහ කෙරැම කියලද?

අවලං බල්ල. තොපි හැත්ත ඔක්කොම එකයි. දැන ගනිව් මම තොපිව නොමර මරනව. තොපිට පුලුවන්ද යකෝ ආන්ඩු පෙරලන්න"


ඒ කියනවාත් සමගම මුනට වැදුනු සපත්තු පාරින් දසුන්ගේ දතක් මුවින් ගිලිහී යනු දැක දැකත් දෑත දෙපා බැද තිබු ඔහුට ජීවත් වීමට අසරණව හුස්ම ගන්නවා ඇරෙන්න වෙන කල හැකි යමක් ඉතිරිව තිබුනේ නැත.


ප්‍රශ්න කරමින් සිටි උසස් නිලධාරියායි කියා සැලකිය හැකි පුද්ගලයා හදිසියේම දුරකතන ඇමතුමක් වෙත දිව ගියේය.


" නෑ සර් ඒ පරය හරිම මුරණ්ඩුයි. පිලි ගන්නෙම නෑ. නෑ නෑ බය වෙන්න එපා මම ගානට වැඩේ කරල දෙන්නම්. ඕකට තව දෙක තුනක් ඇන්නම නොකල වැරදිත් එක්ක පිලි ගනියි..."


සංවාදය යන්තමින් දසුන්ගේ කන වැකුන අතර වැඩි වෙලා එයට කාලය යොමෙන්නට ඔහුට හැකි නොවුනේ තවත් නිලධාරියෙක් ඔහු වෙත පැමිණි නිසයි.


ඔහු මදක් කරැණාවන්ත ස්වරෑපයක් පෙන්වූ අතර ඒ වන විටත් තලා දමා බාගෙට මැරී හිටි දසුන්ව ගැට ලිහා බීමට වතුර ස්වල්පයක්ද දුන්නා.


" අනේ සර් මොකක්ද මේ වෙන්නේ. කවුද මරල තියෙන්නෙ පොලිසියෙ එක්කෙනාව. අනේ සර් මම මුකුත් දන් නෑ. අනේ බුදු සර් අපේ අම්මට ඉන්නෙ මම විතරයි. අම්මා මෙලහකටත් මාව හැමතැනම හොයනව ඇති සර්. "


දසුන් ඔහුගෙන් ඇසුවා.


"පුතේ වරද පිලිගනින්.මම දන් නෑ උඹ ඇත්තටම මිනී මැරැමක් කරාද නැද්ද කියලා. ඒත් මේ තියන තත්වෙත් එක්ක වරද පිලිගන්නකං උඹට අපා දුක් විදින්න වෙයි. අඩුම තරෙමෙ උඹ මේක කරා කියලා පිලි ගත්තනං මේ කරදර පොඩිඩක් හරි අඩු වෙයි"


ඔහු කීවා.



"ඇයි සර් නොකල වරදකට මෙච්චර දඩුවම් දෙන්නෙ..අපි අහිංසක මිනිස්සු සර්.."


දසුන්ට ඉතිරි ටික කියා ගත නොහැකි වුනා.ඔහුගේ වචන සිර වී කදුලු කැට සට සට ගා වැටෙන්නට ගත්තා.



"අරන් වරෙන් ඔය පරය."


ඉහල නිලදාරියා යැයි අනුමාන කර කෙනා නියෝග කරනු ඇසුනු අතර මලසිරැරක් ඇසගෙන යන්නා වගේ දසුන්ව එහා කාමරයට ඇදගෙන ගියේ කිසිත් හිතක් පපුවක් නැතුව.


**********************************************


"අනේ මගෙ කොල්ලා දැන් කීප දොහකින් ලියුම් කඩදහියක් වත් එව්වෙ නෑ. වෙනද මේ වෙද්දි මාව බලන්න ඇවිත්. 


අනේ මගේ එකාට මොකවත් කරදරයක් උනාද දන් නෑ.දැන් රටේ තියන තත්වෙ හැටියට තනි මම කොහොම කියල හෝදිසි කරන්නද. හැම තැනම කරදර හිටපු ගමන් ඇදිරිනීති."


අවුරැදු ගානකින් කතා බහ කරේ වත් නැති තමන්ගේ දේපොලත් ලියා ගෙන තමන්ව පවුලන් පිටමං කල තම මල්ලි වෙත පුංචි එතනා ගියේ ඇයට මේ වෙලාවෙ අන් පිලිසරණක් නොමැති නිසයි.


පුංචි එතනාලගෙ දියුණුව නිකං ඇස් වලට කටු අනිනවා වගේ තිබූ ඔවුන් මේ පුවත අසා යටි හිතින් මහත් සේ සතුටු වුනා.


" ඕකා කැම්පස් එකට වෙලා කොල්ලො එක්ක බිබී ඇති. උන්ට කොහොමත් කල් ගියාම ගෙවලුත් අමතක වෙනව. දේශපාලනේ කරන්න අරන්ද දන් නෑ. අන්න ඊයෙත් කොල්ලො වගයක් පාරෙ පුච්චල දාල හිටිය. කැම්පස් එකෙත් හරි කලබල ලු."


පුංචි එතනාගෙ මල්ලි වැඩිය ගනන් නොගෙන කීවා.


පුංචි එතනාගෙ හදවත දැවෙන්නට වුනා.මොන අම්මටද පුලුවං අඩුම ගානෙ එහෙම දෙයක් අහන්නවත්.


"අනේ නෑ මල්ලියෙ මගෙ කොල්ල එහෙම නෑ. රත්නත්තරේ පිහිටෙන් මගෙ කොල්ල හොදින් ඇති.අනේ පුලුවන් නං පොඩ්ඩක් හෝදිසි කරපං මල්ලියෙ"


පුංචි එතනා බැගෑපත්වෙමින් කීවා.


"හරි මම පොඩ්ඩක් බලන්නම්"

ඇගේ මල්ලීතරමක් නොරිස්සුම් සහගත ලෙස කීවා.


ඈ එම නිවසින් පිට වී එන්නට හැරැනේ හෙට හෝ තම පුතු තමා වෙත ඒ යැයි යන බලාපොරොත්තුවෙන්.


" හිතං ඉන්න ඇති ඕකුන් ලක්ෂෙට කොඩි දාන්න. දැන් හොදයිනෙ වෙච්ච වැඩේ. අම්මප ඔය මහ ගෑනි හිටියෙ අඩියක් විතර උඩින්. කොල්ල මෙඩිකල් ෆැකල්ටි කියල. ඕකා එහෙ ගිහින් දේශපාලනේ කරනව ඇති. නැත්තං මෙලහකටත් ඇවිල්ලනෙ."


මල්ලිගේ බිරිද මල්ලි වෙත කියනු පුංචි එතනාටද ලාවට ඇසුනා.

තම හිත තවත් කඩා වැටුනත් නිනදා අපහාස වලට වඩා තම පුතු තමාට අවැසි බැවින් පුංචි එතනා දිගටම යන්න ගියේ කෙසේ හෝ තම මල්ලි දසුන් ගැන යමක් හොයා ගනු ඇතැයි යන අහිංසක බලාපොරොත්තුවෙන්.


දින කිහිපයක් ගත වුනා. පුංචි මැනිකා කඩය දෙසට යන විට කඩය අසල කිහිප දෙනෙකු පුංචි මැණිකාව දැක අමුතු විදියට බැලුවා.

"උබලෑ කොල්ල හෙන ලොක්කෙක්ලු නේද, ඕවා තමයි එතකොට කැම්පස් යනව කියල කරල තියෙන්නෙ."

මුදලාලි කීවා.


කිසිවක් අදහා ගත නොහැකි වූ පුංචි මැණික

"අනේ මුදලාලි මේ මොනව කියනවද කියල මට තේරෙන් නෑ. කොල්ල ටික දොහකින් ගෙදර ආවෙත් නෑ මම ඇගේ ලේ වතුර වෙලා ඉන්නෙ."

මුදලාලි ඇය වෙත පත්තරයක් දිගු කලා.


"උප පොලිස් පරීක්ෂක ඝාතනය කල සරසවි සිසුවා අත්අඩංගුවට"

මොහු කෙලින්ම දේෂපාලන ක්‍රියාකාරියෙකු ලෙස හදුනාගෙන අතර මේ වන විට රටේ ඇති තත්වය සැලකිල්ලට ගෙන හදිසි නීතිය යටතේ මොහුව රදවාගෙන පොලිසිය දිගින් දිගටම......


විශාල සිරස්තලයක් හා තම පුතුගේ සේයාරැ දුටු ඈට එකවිටම සියොලග පණ නැති වේගෙන එනවා මෙන් දැනෙන්ට වුනා. එක් විටම කියාගත නොහැකි වේදනාව තවත් යටපත් කරගත නොහැකිව කදුලු කැට එලියට පැන්නා. ලඟ තිබූ පුටුවට බර වූ ඇයට එක විටම කම්පනය දරා ගත නොහැකි වුනා. ඇය කිසිත් නොකියා මද වෙලාවක් බලාගත් හුනම බලා සිටියා.

"දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දන්න කියන පොලිසියෙ ලොකු ඇත්තෙක් හොයාගෙන ඔය ලමයි දාලා ඉන්න කදවුරැ වල වධකාගාර වල පොඩ්ඩක් හොයල බැලුවනම් හරි"


"මට නම් විස්වාසයක් නෑ කොල්ලට එලියට එන්න ලැබෙයි කියල. ඇරත් පොලිසියෙ කෙනෙක් මැරැවනම් උන් ලේසියෙන් අරින් නෑ. "


"මෙලහකටත් කොල්ල නොමර මරනව ඇති."


කඩපොලේ එකිනෙකා කියනු ඈට ඇසුනා.


**********************************************




"අනේ මහත්තය මට මගෙ පුතාව පොඩ්ඩක් මෙහෙ ඉන්නවද බලන්න ඕන. එයා මෙන්න මේ වගේ"


පුංචි එතනා තම පුතුගේ ෆොටෝ එකකුත් රැගෙන දන්න කියන හැම කදවුරක් වෙතම ගියා. නමුත් පලක් වූයේ නෑ. සමහරැ කදවුරැ වලට දහ පහලොස් වන වතාවටත් ඈ ගියා. එලක් උනේ නැත. බොහෝ දෙනා ඈට කිවේ ඔහු මේ වන විට ජීවත් වීමට බොහෝ විට ඉඩ නැති බවයි.


සැබැවින්ම එදා තිබූ තත්වය අනුව බොහෝ ප්‍රශ්න කිරීම් කෙලවර වූයේ මරණයෙන්.


ඉස්සර තම පුතුට බත් කවන හැටි. බත් උයන්න ගෙනා මුට්ටි වල සෙල්ලම් බත් උයා ඇගෙන් කෝටු පාර කෑ හැටි. කදවුරේ දොර අසල බංකුවේ වාඩි උන් පුංචි එතනාට සිහි වුනා.. සැබැවින්ම දසුන් අන් පිරිමි ලමුන් මෙන් දගකාරයෙකු ද නොවේ.


එක විටම ඉහල නිලධාරියෙකු එනු දැක වහාම නැගිට පුංචි එතනා ඒ වෙත තම පුතුගේ රැවද රැගෙන දිව ගියා.

"සර් මතකද මම ගිය සතියෙත් ආවා. මේ ඉන්නෙ මගෙ පුතා අනේ සර් සර්ට මුකුත් ආරංචියක් ලැබුනද?"


ඇය ඇසුවා.


"ඔව් ඔව් මට මතකයි. තමුන් මේ මෙතනට එන දහවෙනි දවස නේද. තමුන් පොඩ්ඩක් තේරැන් ගන්න මෙතන ඉන්න අයට රාජකාරි තියනව. තමුන්ගෙ පුතා ජීවතුන් අතර නෑ. හිර ගෙදර ඇතුලේ මැරිල ඉදල මීට සති දෙකකට කලින් වල දාලා තියනව කීව. ඒ නිසා කරැණාකරල මෙතන මිනිස්සුනට කරදර නොකර යන්න. හැම එකාලගෙම දෙමව්පියො එන්නෙ උන් අහිංසකයි කියාගෙන තමයි. උන්ව හරියට පොඩි කාලෙ හැදුවනම් එහෙම නොවෙන්න තිබ්බා. "


එසේ කියාගෙනම කලබලයෙන් ඉහල නිලධාරියා කදවර තුලට යන්නට ගියා.

එක් විටම ක්ලාන්ත වී ඇද වැටුනු ඇය කවුරැන් හෝ විසින් වතුර ගසා නැගිට්ටුවා. ඇයට මේ දුක දරාගතනොහැකි වුනා. ලය පැලෙන්නට තරම් වේදනාවක් ඇය තුල තිබුනා. ඇය විලාප දෙමින් හුඬුවා. ජීවිතයේ  පහලම තැනට ඇද වැටී සිටි ඇයට දෛවය තවත් දරැණු වුනා. 


කිසිදු හිතක් පපුවක් නැතිව ඇයව කාන්තා නිලධාරිනියන්දෙදෙනෙකු විසින් එලියට ඇඳ දමනු ලැබුවා.



**********************************************



"ඇයි සර් අර ගෑනු කෙනාට එහෙම කීවෙ. අපි ඇත්තටම එහෙම කෙනෙක් ගැන දන් නෑනෙ"


කනිෂ්ඨ නිලධාරියෙක් උසස් නිලධාරියාගෙන් ඇසීවා.


" අයිසෙ අර්ජුන.. ඔය ගෑනි කියන කොල්ලව තමයි පොලිසියෙ මිනිහෙක් මැරැවෙ. ඒකා දේෂපාලනේ කරන එකෙක්. උඹ හිතනවද ඒ යකා උසාවිවත් ගේන්න පුලුවං වෙයි කියල. අනිවාරෙන් ප්‍රශ්න කරද්දිම වද දීල මරයි. 


අනික මේකට දේෂපාලනෙත් සම්බන්ධයි. ඇරත් ඔය ගෑනිගෙ කං කරච්චලේ හැමදාම අහං ඉන්න බෑනෙ."


"යනව. තමනුත් තමුසෙගෙ වැඩක් බලා ගන්නව"


ඉහල නිලධාර්යා කීවා.

කදවුර තුල සංවාදය එසේ අවසන් වුනා.


**********************************************




කාලය කොතරම් කල් ගිහින්ද කියා දසුන්ට නිනව්වක් නෑ.

මුලින්ම පොලිස් ස්ථාන වල හිටියත් දසුන්ව වෙනම ගෙදරක රදවාගෙන වධ දෙන බව ඔහුට පසුව පැහැදිලි වුනා.

දසුන්ගෙ සැබැවින්ම දැන් ඉතිරිව තිබුනේ ඇට සැකිල්ල පමනයි.


නීතිය තමන්ට ඕන විදියට නමන්න පෙරලන්න තරම් හැකියාව තිබු දේෂපාලුවන් ඉස්සරහ දසුන්ට හැරෙන්නවත් පුලුවන් කමක් තිබ්බේ නෑ.


එක් විටම වාහන කිහිපයක් පැමිණ නවත්වනු ඇසුනා. ටික වෙලාවකින් යම් සංවාදයක් කන වැකුනු අතර ඔවුන් කී දෙය පිලිබදව නම් දසුන්ට පැහැදිලි වූයෙ නෑ. නමුත් ඔහු දැනුන ආකාරයට ඒ ඇමති කෙනෙක් වෙන්න පුලුවන්.


මන්ද

"ආ ඇමතිතුමා එන්න එන්න "

යන උස් හඩින් ඉහල නිලධාරියා කියනු දසුන්ට යන්තමින් ඇසුනා.


**********************************************


දසුන් නොදැනුවත්ව මෙවැනි කතිකාවතක් යාබද කාමරයේ සිදු වෙමින් පැවතුනා.

ඇමති: - "අපේ වැඩේ හරි ගියා. අපිට ඕන කරල තිබ්බෙ බොරැවට උන් අපේ එකෙක්ව මැරැව කියල ඒ පිට දාලා කැම්පස් එකේ කලබල කරන උන්ව මරල දාන්න. හිතුවටත් වඩා වැඩේ සාර්ථක උනා. උන් විතරක් නෙමේ අපිට එපා කරල හිටපු හුගක් එවුන් ටයර් සෑයවල් වල අලු කරා. උන් හුග දෙනෙක්ට අතීතයෙ සිද්ධි මතක් කරල දුන්න. අපිට එරෙහි උනුත් කොහොමද කියල"


"අර tv එකේ හැමදාම කතා කරපු එකා ඉන්නව නේද. ඌ අපේ සල්ලි එපා කීවෙ ඒ යකාට වෙන පක්ෂ වලින් කුට්ටි ගනන් අරන්. අන්න ඌත් තාමත් ටයර් ගොඩ උඩ ඇවිලෙනව."


"කොහොමද මේ වැඩේ?

පිලිගත්තද? බලෙන් හරි පාපොච්චාරනයක් වීඩියො කරන් උසාවි දා ගන්න තිබ්බ නම් හරි."


නිලධාරිය: - "සර් අපි සෑහෙන්න වද දුන්නා. උත්සහ කරා. ඒත් මේ යකා පිලිගන්නෙම නෑනෙ.වෙන එකෙක් නම් ගුටි කන්න බයේම මේ වෙද්දි වරද පිලි අරං."


"මූ අහනව අනේ සර් ඇයි මගෙන් නොකල දෙයක් ගැන අහන්නෙ කියල. සර් මූව තව තියාගෙන වැඩක් නෑ. මූ මෙතන මැරැනොත් අපිටත් ප්‍රශ්න. වෙන එකෙක් හොයාගමුද වැඩේට"



ඇමති: - "( තරමක් කේන්ති ස්වරයෙන්) යකෝ මෙච්චර කාලයක් තොපි මොන $^%##@$€ ද මේක ඇතුලෙ කරේ. තොපි ඉල්ලන හැමදේම දුන්න. කියපු වැඩක් කර ගන්න බැරි හරක් රැල. යකෝ මොන දේ කරල හරි මට මගේ ඇමතිකම බේර ගන්න ඕන."


නිලධාරිය:-  "සර් එදා සර්ගෙ මල්ලි අපේ එක්කෙනෙක්ව මරලා වැඩියෙන් රගන්න ගිය නිසානෙ cctv වලට අහු වලා තියෙන්නෙ. මම කීව එදා බොන්න එපා කියල. දැන් ඉතින් ඒ හැඩරැවම වගේ තියෙන එකෙක් හොයා ගන්න එපැයි. නැත්තනං එතනින්ම වැඩේ close කරන්න තිබ්බා."



ඇමති: - "තමුනුත් එකයි මල්ලිත් එකයි. දීපු වැඩක් හරියට කර ගන්න බෑ. "


"වෙලාවට ඊට පහු වෙනිදම ඌව මේ රටෙන් යවා ගන්න පුලුවං උනා."


"දැන් රටම මුගේ මූන දැකල ඉවරයි. ඔක්කොම හිතං ඉන්නෙ මූ තමයි මිනී මරැව කියල. මිනීමරැව කොටු කර ගන්න බැරි උනොත් පොලිස් දෙපාර්තුමේනතුවටයි නරක නාමෙ එන්නෙ."


නිලධාරිය:- "ඒත් සර් මූ වරද පිලිගන්නකං කිසිම සාක්ෂියක් නෑ හරියට"


ඇමති: - "සාක්ෂි නැත්තං සාක්කි හදපං මට මේ ගැන ආයෙ කියන්න තියන්න එපා."


අමාත්‍ය වරයා නැගිට යන්න ගියා.

**********************************************


හදිසියේම පිරිසක් බිම වැතිරී සිටි දසුන්ව ගෝනියක් තුලට දමා ගැට ගසා ඉක්මනට වාහනයක් තුලට දමා ගත්තා. හදිසියේම මේ සිදුවන්නේ කුමක්ද යන්න දසුන්ට ප්‍රෙහේලිකාවක්.


"දාගනින් ඉක්මනට"


"අපිට වැඩි වෙලාවක් නෑ"


"කැම්පස් එකේ මොකෙක්ද එකෙක් එදා සිද්දිය සම්පූර්නෙන් වීඩියො කරල ලු. යූ ටියුබ් එකේ දාල ඊයෙ ඉදන් ෂෙයාර් වෙනවලු. "


අරහෙන් මෙහෙන් කීප දෙනෙක් කතා වනු ඇසිණා. තමන්ව පාර අයිනට විසි කර වෑන් රථය වේගයෙන් ඇදී යන හඩ දසුන්ට  දැනුනා.


**********************************************

පසු දින ඔහු සිටියේ රෝහලක ඇදක් මත. ඔහු යන්නට හැදුවත් අවසර ලැබුනේ නෑ. දින දෙක තුනක් ප්‍රතිකාර ගැනීමෙන් පසු යන්තම නැගිට ගැනීමට යැකිවූ අතර රෝහල් පොලිසියට ප්‍රකාශයක් සටහන් කර ඔහු බලෙන්ම ටිකට් කපාගෙන පිටත් වූයේ අම්මව බලන්නට. ඇය තමන් එන තෙක් හැඩු කදුලින් මග බලන් ඉන්නවා නොඅනුමානයි.සිදු වූ දෙය සිදු වී හමාරය. යක්තිය උදසා කෑ ගැසීමට ඔවුන්ට හයියක් නැත.


***************************************************

පාරෙ යන ලොරි වල එල්ලීගෙන මගින් මගට කැඩි කැඩී දසුන් යන්තමින් ගෙදරට ලගා වන වි පාන්දර 4ට පමන ආසන්න වී තිබුනා. පාර තොටේ බලු බල්ලෙක් නෑ. ඒ තරම් පාලුයි.


අම්මේ කියාගෙන දසුන් ඈත සිටම දිව ගියත් අම්මාගේ හඩක්ගෙ වත්ද ඇසුනේ නෑ. ගෙදර කොටසක් කඩා වැටී තිබුනා. දසුන් කලබලයෙන් මෙන් හැම තැනම බැලුවත් අම්මා සොයා ගත නොහැකි වුනා. නැවතත් කඩපොල පැත්තට දසුන් දිව ගියේ සිදු වීඇති දෙයක් සිතා ගැනීමට නොහැකිවයි.


හදිසියේම ලයිට් කණුවක තිබූ මරණ දැන්වීමක් ඔහු නෙත ගැටිනා. ඒ රැව තම මවගේ බව දුටු දසුන්ට එකපාරම කම්පනයක් ඇති වුනා. කටහඩ ගොලු වී ඒ දෙසම මදක් බලන් ඉන්නට උනා. තමන්ගේ මුලු ලෝකයම, බලාපොරොත්තු, හීන ඔක්කොම දිය වෙලා කඩාගෙන වැටෙනවා වගේ දැනුනා.

" අම්මා... මගේ අම්මා..ඇයි අම්මේ මාව දාල ගියේ. "දසුන් උමතුවෙන් මෙන් ඒ දෙස බලාගෙන තමන්ටම මිමිණුවා."


"මල්ලි පාර දිහාටද යන්නෙ. මමත් යන්නෙ ඒ පැත්තට. එනවනම් නගින්න."


එක් විටම නාදුනන බයික් එක්ක නැවැත්වූ අතර දසුන් කිසිවක් නොකියා නිහඩවම බයික් එකට නැග්ගේය. ඔහුට දැන් ඔහු කරන කිසි දෙයක නිනව්වක් නැති තරම්ය.


"මල්ලි අර මරණ දැන්වීමක් බල බල හිටියෙ. දැන් මාසෙකට විතර කලින් නැති උනේ.පව් අසරණ මනුස්සයා. ෆෝටෝ එකකුත් ලග තියාගෙන මගේ පුතා කිය කිය පිස්සුවෙන් වගේ ඉදල තියනව. පුතා මෙඩිකල් ෆැකල්ටි එකේලු. මොකද්ද මිනීමැරැමකට පුතාව අහු වෙලාලු. දවසක් බලද්දි වස බීල මැරිල. මිනිස්සු කියන කතා අහං ඉන්න බැරැවමද කොහෙද. මිනිය හම්බෙද්දිත් දවස් කීපයක් ගිහින්"


යතුරැපැදිකරැ දසුන්ට කීවා.

No comments:

Post a Comment