Friday 8 October 2021

15' කල්ලියේ අන්තිම පුරුක. ඉතින් අවසරයි සමු ගන්නට


අහම්බයක් ලෙස යනෙනා ගමනක

අපි හැම මෙහි හමුවෙන්න ඇතී..

අතේ ඇගිලි ලෙස විවිදැති මිනිසුන්

එක හදකින් එක් වෙන්න ඇතී..

අපමණ සැප දුක් කදුලැල් සරදම්

පහුකල මග හමු වෙන්න ඇතී..

ගත කල සය වස සිදු වූ දේ සැම

මතකෙන් කවදත් නොයනු  ඇතී..


වැටෙනා හැම විට කවුරුන් හැමවිට

ඉදගෙන ඔබ සනසන්න ඇතී..

රණ්ඩු දබර විහිලුව තහලුව අග 

කවදත් ප්‍රේමය තියෙන් ඇතී..

කුප්පි දමා පේපර් ගොඩ ගන්නට

කාපු කට්ට "ගුල" දන්නවැතී..

දවස් ගණන් නිදි වරමින් විදි දුක්

"වල"ට ඇහැකි නම් කියනු ඇතී..


ගොඩ වල "L” එක, ජිම් එක හැමතැන

අපේ මතක ගොඩ ගසා ඇතී..

ඒ ඒ තැන් වල අපි හුන් තැන් වල 

අපිත් නැතුව අද පාලු ඇතී..

ආදරෙයෙන් ගෙවු මේ සය වසරේ

හමු උන ආ ගිය ගොඩක් ඇතී..

ඉතින් අහවරයි අපි ගෙවු කාලය

මේ ලෙස සමු ගෙන යනෙනු ඇතී..


- රුචිර වීරකෝන් -

    30.08.2021



No comments:

Post a Comment