යාලුවො කොහෙද යන යන තැන උන් හිටියා..
වලේ ගොඩේ තැන් තැන් හැම අපි හිටියා..
හිත තවමත් දුව දුව ගොස් එහි හිටියා..
කාලය අපේ ගෙවි ගෙවි නිමවී හිටියා..
අපේ සුවඳ තව තව ඉතිරිව හිටියා..
හෝරා ගණන් කිය කිය සෙනෙහෙන් හිටියා..
අවසන් වසර තැවි තැවි ගෙට වී හිටියා..
මතක සුවද හිනැහී හඬ හඬ හිටියා..
- රුචිර වීරකෝන් -
10.06.2021

No comments:
Post a Comment