Friday, 8 October 2021

සොඳුරු තැන් වල පාලුව



ඔවුනොවුන් බස් මුමුණන

නෙක නෙක මුවින් සැරසුණ..


වසත් කාලය නික්මුණ

නමුදු සැණකෙලි නැති වුණ..


දින සති ගණන් ගත වුණ

අපි නැතුව එහි තනි වුණ..


ප්‍රේමය පිරී ගිය තැන

පාලුව සමග තනි වුණ..


එනතෙක් බලා බැරි තැන

හේමන්තයට පෙර අප සොයන..


දුක දරණු නොහී තැන

රුක් මුදුන් වුවත්  දුක දැනෙන..


හිස්කම දරා බැරි තැන

ඉකියෙන් හැඟුම් ගිලිහුන..


මිලින වී වැටුන වියලුන

තුරු පත් ඔවුහු බිම සිඹින..


- රුචිර වීරකෝන් -

   13.06.2021


සේයාරුව : DetailS




දවස්

 

යාලුවො කොහෙද යන යන තැන උන් හිටියා..

වලේ ගොඩේ තැන් තැන් හැම අපි හිටියා..

හිත තවමත් දුව දුව ගොස් එහි හිටියා..

කාලය අපේ ගෙවි ගෙවි නිමවී හිටියා..


අපේ සුවඳ තව තව ඉතිරිව  හිටියා..

හෝරා ගණන් කිය කිය සෙනෙහෙන් හිටියා..

අවසන් වසර තැවි තැවි ගෙට වී හිටියා..

මතක සුවද හිනැහී  හඬ හඬ හිටියා..


- රුචිර වීරකෝන් -

10.06.2021




නිරෝදායන වාසිටිය

 සති හතරෙ නිවාස අඩස්සි Quarrantine අධ්‍යාපනයට කැම්පස් එකට ගිය මිතුර,


අපි එකට උන් කාලෙ මැවි මැවී පේනවද..

අපි කොහෙද එන්නැද්ද තෙල් බැම්ම අහනවද..

භවනේ ගී ගැයූ හැටි උබෙ සිතේ මැවෙනවද..

ඩෙස් බංකු වල තවම අපෙ සුවද දැනෙනවද..


තුම්මුල්ල පහු වෙද්දී  ඇහැල මල් වැටෙනවද..

වල යටට පිට්ටනියෙ සද්දෙ තව ඇහෙනවද..

L එකේ පෝලිමේ අපි හිටිය මැවෙනවද..

පුංචි බලු පැටව් ටික අපි නැතිව හොයනවද..


ගේට්ටුවෙ කලු ඇන්ටි බොට තවම රවනවද..

තව්තිසාවෙන් යද්දි සුවද තව දැනෙනවද..

බොල්ගොඩට පිටුපාලා ඉර තාම බහිනවද..

ආගියපු තැන් වලම තව පාලු දැනෙනවද..


- රුචිර වීරකෝන් -

15.02.2021




ආදරණීය නොස්ටැල්ජියාව


නෙත් සිත් ගොඩක් අතර 

සිත් නෙත් තදින් බැන්ද

සොදුරු විය, මිහිරි විය, සෙනෙහෙ විය..


පොත් පත් වලින් ඉපිද 

කල් යල් බලා බැන්ද 

වරම විය, උරුම විය, සරසවිය..


සත් සිත් පෙමින් බැන්ද 

මල් රැල් පහන් බැන්ද 

මොරටු බිම, සවිය විය, නිවස විය..


දස් මස් දවස් ගැන්න 

නෙත් හිත් ඉබේ බැන්ද 

‍යලි එන්න, හිතක විය, මතක විය..


- රුචිර වීරකෝන් -

01.02.2021