Friday 1 November 2013

අපේ එකෙක් පොඩි කාලෙ උන වැඩක්


හැමදාම "කාලය මැවු වෙනසක අරුමේ" කතාවම ලියන්න බෑනේ.පොඩි වෙනසකටත් එක්ක යාලුවෙක්ට වෙච්ච පොඩි කතාවක් ලියන්න හිතුනා. 
අපේ කතා නායකයට අපි කමල් කියල කියමු. පොර දැන් නම් දෙවෙනි පාරට උ/පෙල කරනවා.
පොරට ඉන්නවා අයියා කෙනෙක්.එසේ මෙසේ පොරක් නෙමේ, හෙට අනිද්දා ඉංජිනේරුවෙක් වෙලා මොරටුවෙන් එන්න ඉන්න පොරක්.ඒ අයියා අපිට ඉස්සර ක්ලාස් එහෙම කලා.සමහරවිට අනාගතේ tution field එක හොල්ලන්න බැරි කමකුත් නෑ. අන්න එදාට මමත් හිතන් ඉන්නේ ඩ්රයිවර් රස්සාවක් වත් ඉල්ල ගන්න.

අපි ඒ අයියට සමන් කියලා කියමු. මේ පැත්තෙ ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා. දන්නවනේ ආච්චි අම්මලගේ මතකය එහෙම පොඩ්ඩක් අඩුයිනෙ ඉතින්. අනික ඉතින් ගෑනු කියන සංහතියටම පොදු ලක්ෂණයක්නේ ඕපාදූප හොයන එක. අනේ ඉතින් මේ ආච්චි අම්මාටත් ඒ ගුණ නම් අඩු නැතිව පිහිටලා තිබ්බලු. අපි එයාට හීන් එතනා කියලා කියමුකෝ.

මේ කමල්ව හම්බුන කාලෙලු. කමල් තවම බඩ ගාන පොඩි එකාලු. සමන් තමයිලු ඉතින් ලොකු අයියා. 
ඉතින් අම්මලා එක්ක ගමන් යද්දී මේ හීන් එතනා ආච්චි අම්මව හම්බෙලා තියනවා මගදි. 

අහ් කියන්න අමතක උනානෙ සමන් , එහෙමත් නැත්නම් අයියා තමන් හෙන වැඩ්ඩා කියලා හිතන් හිටියට තාම 2 හෝ 3 වසරේය. ඒ උනාට පාරේ යන ගමන් කියනවලු,

"තාත්තේ මම ඉදල්ලාරියා වගේ නේද දැන්?" කියලා කීවලු.
"අනෙ උබෙ කට.ඉස්සෙල්ල ඉලන්දාරියෙක් වෙන්න කලින් ඒ නම කියන්න වත් පුරුදු වෙයන්"
තාත්තා එහෙම කීවලු. 

දැන් ඉතින් මෙයාලා යන ගමන් මෙයාලට හීන් එතනා ආච්චි  හම්බුනාලු.

" හම්මේ පුතේ මේ ගිනි මද්දහනේ කොහෙද මේ යන්නේ"
ආච්චි ඇහුවලු.

මූත් දන්නවලු මේ ප්රශ්න කෝටියක් අහන්න තමයි යන්නේ කියලා. 

(එක අතකට පොඩි කාලෙ මාර කරදරේ මච්න්ලා.කතා කරගන්න බැරි කාලෙ ඇවිත් නහය මිරිකනවයි උම්මා ගන්නවයි.කොට කකුල වනන්නලු,තානානේ අත තානානේ කියන්නලු.ඒ මදුවට වැනියන් කලු වැනියන් කීවම වැනෙන්නත් ඔනේ.අත්තමයි මට නම් පුඩුම තරහක් එන්නේ.කතා කරන්න බැරි නිසා කට පියන් හිටියා මිසක් නැත්තන්  මම කියන ඒවා දනී මම. හොදම එකෙන් කියනවා මම ^#£>@&&@$)

"අපි මේ ගමනක් යනවා ආච්චී"
පොර කීවා.

"අනේ කොල්ලො මට උබලගෙ මල්ලි පොඩ්ඩ බලන්නවත් එන්න බැරි උනානෙ එදා ආවට පස්සේ.දැන් මල්ලිය ලොකුද පුතේ? කතා එහෙම කරනවද?"
ආච්චි අම්ම ඇහුවලු.

"මොන පිස්සුද ආච්චි අම්මේ.එදා කීවෙ ආච්චි අම්මා ආවේ ගිය සතියෙනේ.එදා වගේම තමයි තාම බඩගානවා විතරයි"
සමන් කීවලු.

ඔහොම ඉතින් තොර තෝන්චියක් නැතිව කමල් ගැන ප්රශ්න තොගයක්ම ඇහුවලු.කොහොම කොහොම හරි ඒවටත් උත්තර අමාරුවෙන් හරි දීලා මේ දෙන්නා ගමන ගියාලු.

ඔන්න ඊලග සතියෙත් මේ ආච්චි අම්මා හම්බුනාලු.

"අනේ කොල්ලො මට උබලගෙ මල්ලි පොඩ්ඩ බලන්නවත් එන්න බැරි උනානෙ එදා ආවට පස්සේ.දැන් මල්ලිය ලොකුද පුතේ? කතා එහෙම කරනවද?"
ආච්චි අම්ම ඇහුවලු.

එදා ප්රශ්න ටිකම ආපහු අහනවලු.යකෝ ගිය සතියෙත් අහලා මේ ඩිංගට පොඩි එකා ලොකු වෙනවයැ.ඒත් පව්නේ කියලා මූ අමාරුවෙන් ඒ ප්රශ්න ටිකටත් උත්තර දුන්නලු.

ඊට දවස් දෙක තුනකට පස්සේ ආයෙත් මේ ආච්චි අම්මව හම්බුනාලු.එදත්
"අනේ කොල්ලො මට උබලගෙ මල්ලි පොඩ්ඩ බලන්නවත් එන්න බැරි උනානෙ එදා ආවට පස්සේ.දැන් මල්ලිය ලොකුද පුතේ? කතා එහෙම කරනවද?"
 ඒ ටිකම අහනවලු. මූට දැන් අසූ හාරදාහටම යකා නැගලලු.ඇයි හත් දෙයියනේ මෙච්චර ඉක්මනට පොඩි එකෙක් ලොකු වෙනවයැ.පුන්චි මට තේරෙන දේවත් මේ නාකි ලොක්කිට තේරෙන් නැද්ද යකෝ කියලා මූට හිතුනලු.

"ඈ සමන් පුතේ මල්ලියා දැන් ඇවිදින්නේ එහෙම නැද්ද?"
කියලා ආයෙත් ඇහුවලු.

මූට දැන් කේන්තිය ඩබල් උනාලු.

"බඩගාල දවස් දෙකෙන් ඇවිදින්න, හිතුවද ඌ සිදුහත් කුමාරයා කියලා"
මූට ආපු තරහට මූ වටේ පිටේ එවුන්ටත් ඇහෙන්න කියාගෙන කියාගෙන ගියාලු.

(සැ.යු: සියලු නම්  ගම් මන:කල්පිතයි. කතාවේ අලංකාරය සදහා කතෘගේ සිතැගි පරිදි සමහර කොටස් වෙනස් කර හෝ අලුතින් ඇතුලත් කර ඇති. මීට වඩා කතාව රසවත් කිරීමට හැකි අතර එසේ උනි නම් සත්ය සිද්දියට අදාල අයගෙන් රචකයාට අම්බානක ගුටි කෑමට සිදු වේ යැයි බියෙන් එසේ නොකල බව සලකන්න.තවද රචකයා බ්ලොග් ලිවීමේ ක්ෂේත්රයට නවකයෙකු බැවින් කතාව නීරසයි වගේ නම් ඒ පිලිබදව මාගේ කණගාටුව ප්රකාශ කර සිටිමි)




No comments:

Post a Comment