Wednesday 13 November 2013

නුඹ........"

සුළගක් වගේ ඔහේ වැනි වැනී තිබ්බ මගේ ජීවිතේට...
මල් වැස්සක් වගේ ඇවිදින් වසන්තය උදා කරපු ඔයාට...
පුංචි පිණි බිදුවක තරම් ඩිංගක් වත් මගේ ලග නොතියන්...
මගේ ආදරේ ඔක්කොම දුන්නේ ඒ ආදරේ වෙන කාටවත්ම දෙන්න බැරි කමට....

පුංචි හා පැටියෙක් වගේ දගකරපු ඔයා...
කරපු කියපු බොලද වැඩ දැක්කම මගේ හිත පිරිලා ඉතිරිලා ගියා ආදරෙන්...
පොඩි දරුවෙක් වගේ දගකරද්දි චුට්ටක් තරවටු කලාම....
ඔයා ඕනෙවටත් වඩා හිත රිදවාගෙන මට කිව්වා මතකයි.....
ඔයා නම් හරියට බණ කියන්නේ පන්ඩිත තාත්තා කෙනෙක් වගේ කියලා....

අහස ගොඩක් නිල් පාටට ලස්සනට තිබුනට...
එතනින් එහා ලෝකෙ කොයි වගේද කියලා ඔයාවත් මමවත් දන් නෑ...
ඒ ආකාසේ ඔයත් එක්ක පියාඹන්න අද මම හිටියට,
මම නැති දවසකත් ඔයා ඒ ආකාසෙ ඉගිල්ලෙන්න පුරුදු වෙන්න ඕනෙ...
පුංචි කුරුල්ලන්ටත් බය ඔයා විශාල රාජාලියෙක් දැක්කම ගොඩාක් බය වේවි...

රාජාලියෝ එක්ක හැප්පෙන්න බැරි උනත් ...
පුංචි කුරුල්ලෝ එක්ක හරි බයක් නැතිව පියාඹන්න උගන්නන්නයි මට ඕනෙ...
ඒත් පොඩ්ඩක් සැර කලාම...
ඔයා ඔහොම  මූණ රතු කර ගනිද්දි..
මම කොහොමද අපේ ලෝකෙ ලස්සන කරන හැටි ඔයාට කියල දෙන්නේ....,,?



(සැ.යු. අර පත්තර වල ශකුවි කියලා කෙනෙක් හද පැලිලා ඉතිරිලා මෙව්වා වෙලා යන මේ වගේ නිසදැස් දාන්නේ. මමත් ඉතින් ඒ වගේ එකක් ලීවා. හරිම බොලද වදන් තමයි ඉතින්. හැබැයි ඒවගෙත් පොඩි ලල් එකක් තියනවා.අපිට ඉතින් වෙන අය වගේ මේ වගේ ඒවා ලියලා පුරුදු නම් නෑ.ඒත් කියවලා බලන්නකෝ කොහොමද කියල.)

No comments:

Post a Comment