Thursday 14 November 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 8 වෙනි කොටස )



හත්වන කොටසට >
ෆෝන් එකෙන් යනවානම් මේ ලින්ක් එකෙන් යන්න >




"අනේ රුචිර ඔයත් ප්රදර්ශනේ බලන්න ගියාද? අපි දැක්කෙවත් නෑනෙ"

දැන් ඉතින් වසලා හමාරයි.අපේ සිසු සැරියේ ගිය කොන්වන්ට් එකේ යාලුවෝ දෙන්නෙක් ඇවිත් මට ඉස්සරහා සීට් එකේම ඉද ගත්තා. ශික් මුන්ට වෙන සීට් නෑ වගේම ආවනේ මගේ අස්සටම. දැන් මුන්ගෙ කච කචේ අහන් යන්න එපයි ගෙදර යනකන්ම. නිදියනවා බොරු ඉතින්.

"අනේ ඔයාලත් ආවද මම ඉතින් ගියේ ප්රදර්ශනේ බලන්න මිසක කෙල්ලෝ බලන්න නෙමේනෙ. ඒ හින්ද ඔයාලව දකින්න නැතුව ඇති"

මම කින්ඩියට වගේ කිවා.

"අම්මෝ මෙයාගෙ තියන ගෑස්. කෝ ඔයා ෆොටෝ එහෙම ගැහුවේ නැද්ද?"

ඒ ගෑනු ලමයි දෙන්නා මගෙන් ඇහුවා.

"ගැහුවා ගැහුවා ටිකක්."
මම කීවා.

"අනේ අපිටත් දෙන්නකෝ බලන්න"
එයාලා කීව.

ඊට පස්සේ ෆොටෝ ටික ෆෝන් එකට දාලා දීල චුට්ට දුරක් පාඩුවේ ගියා.
කොහොමින් කොහොමින් හරි එදා ගෙදර අවේ ගොඩක් රෑ වෙලා. 

කොල්ලෝ ඔක්කොටම කැම්පස් එක දැක්කම අමුතු ත්රිල් එකක් ඇවිත්. ඔක්කොගෙම කල්පනාව කොහොම හරි හොදට වැඩ කරලා කැම්පස් යන්න. ඒක හිතෙන්නත් ඉතින් කැම්පස් එකක් දකින්නම ඕනේ. හැබැයි ඉතින් අපේ එවුන් මාර කික් එකේ වැඩ කලේ සතියක් විතර තමයි.

..........................…………………………......



"හා ළමයි බෝයිස් එකට යන ලමයි එහෙම බැහැ ගන්න"

සිසු සැරියේ කොන්දොස්තර අංකල් කෑ ගැහුවා.
ලමයි පොර කාගෙන පේශකර්ම එක ලගින් බැස්සා.

"මොකෝ මචන් කරන්නේ. වටේ යනවද මෙතනින් බහිනවද?"
කිරා මගෙන් ඇහුවා.

(වටේ යනව කියලා අදහස් කලේ  වැරදි දෙයක් නෙමෙයි හොදේ.බස් එක ගර්ල්ස් එක පැත්තෙන් දාල ආදර්ශේ පැත්තෙන් ආයේ ටවුන් එකට එනවා අපේ එවුන් ටිකත් උදේ පානදරම කෙල්ලෝ බැලීමෙ පටු අරමුණෙන් යුක්තව වටේ යන්න සැදී පැහැදී ඉන්නවා.)

"බෑ මචං ඊයෙත් යද්දි තව ටිකෙන් රතු ඉර ගහනවා. ඔන්න මෙන්න තියලා ගියේ. අදත් පරක්කු වෙලා කෙලව ගන්න ඕනේ නෑනේ බන්.මමත් මෙතනින් බහිනවා බන් "
මම කීවා.

අම්මට උඩු තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඉතුරු ගන්න.

"අංකල් මගෙ ඉතුරූ"
මම ඈත ඉදන්ම කෑ ගැහුවා. 

"ඇයි පුතා ඉතුරු ඕනේමද?"
අන්කල් කාරයා ජෝක් එකට වගේ ඇහුවා. 
මොනා උනත් කොන්දොස්තර අන්කල් හිත හොද මනුස්සය.

"අනේ ඔව් අන්කල් මේ දවස් වල හොදටම හිදිලා තියෙන්නෙ. තනිකර රිම් එකෙන් දුවන්නේ අන්කල් ගෙදරින් දැන් සල්ලි හම්වෙන් නෑ ඉස්සර වගේ. ඒ නිසා රුපියල් පහත් ගොඩක් වටිනවා."
මම කීවා.

අංකල්ගෙන් ඉතුරු සල්ලි අරන් මම මගේ සුපුරුදු හයි ස්පීඩ් ගමනින් ඉස්කෝලෙ දිහාට ආවා.

ඈත ඉදන් බලද්දි ඉස්කෝලෙ හරි ලස්සනට පේනවා.අලුතෙන් පත් කරපු ජූනියර් ප්රිෆෙක්ට් බෝර්ඩ් එකේ මල්ලිල්ල අත් පිටිපස්සට බැදන් පාර දිගට හිට්වපු ලයිට් කනු වගේ ඉස්කෝලෙ එහා කොනේ ඉදන් මෙහා කොනට වෙනකන් හිටගෙන ඉන්නවා.හරිම ලස්සනක් මාර තෙජසක් තියෙන්නේ. 

කට්ටිය නම්  කතාවට අහන්නේ ඇයි ඔයාලගෙ ඉස්කෝලෙ ලමයි පාර මුර කරන්න දාල කියලා, 

ඇත්තම හේතුව තමයි තාප්පෙන් ඉස්කෝලෙට පනින අය අල්ලන්නයි,ඉස්කෝලෙ ඉස්සරහ වාහන නවත්තන එක නතර කරන්නයි තමයි එහෙම දාල තියෙන්නේ.

"ගුඩ් මෝර්නින් අයියේ" 

ජූනියර් මල්ලිලා මග දිගට ගුඩ් මෝර්නින් කියනවා උන්ට කතා කරන්න ගිහිල්ලම එපා වෙනවා.

(අද කතාවෙ ඇඩ් වැඩියි කියලා හිතන්න එපා. ප්රිෆෙක්ට් බෝර්ඩ් එකේ එවුන් ගැන ලියන්නත් එපැයි)


ඉස්කෝලෙ ලගට යන කොට අපේ කොල්ලෝ සෙට් එක ප්රධාන දැන්වීම් පුවරුව ලග ඩියුටි කරනවා.මටත් ඩියුටි තිබ්බේ එතන.

මට මතකයි මම පොඩි කාලෙ (අර ලොකු බෑග් එකක් එහෙම කරේ දාගෙන බෝතලේකුත් බෙල්ලේ එල්ලන් කොට කලිසම ගහන් ඉස්කෝලෙ ගියපු කාලෙ)
ඔතනින් යනකොට අයියලා ඩියුටි කරනවා දැක්කම මමත් කවදා හරි එහෙම වෙනව කියල හිතුන. ඒ නිසා තාමත් එතන දකිද්දි පුංචි ආඩම්බරයක් එක්ක එකතු උන සතුටක් හිතට දැනෙනවා.

ඉස්කෝලෙ ඉස්සරහ පාර එහා පැත්තේ කොන්ඩේ,නිල ඇදුම හරියට නැති එවුන් පෝලිමට තියලා. අපේ එවුනුත් හෝ ගාලා වැඩ. 
විනය කටයුතු ගැන බලන සර් ලා දෙන්නත් උදේ පාන්දරම ඇවිත්.
මම සර්ලාට පේන්නේ නැති වෙන්න ශේප් එකේ ප්රිෆෙක්ට් රූම් එක පැත්තට ගියා. බෑග් එකත් රූම් එකෙන් තියලා පොතේ අත්සනක් එහෙම දාල මුකුත් නොවුන ගානට ප්රධාන දැන්වීම් පුවරුව ලගට ඇවිත් අත් දෙකත් පිටිපස්සට බැදන් ඩියුටි කරන්න පටන් ගත්තා.

මම එතනට යනකොට පූර්ණ, දිනූශ, දෙව්රම්, සුපුන්, තෝරා, හසිතයා එහෙම උදේ පාන්දරම ඇවිත් ඩියුටි කරනවා.

"අහ් ගුඩ් මොර්නින් මචං. අද උදේ පාන්දර කවුරුවත් එක්ක ලෙඩක් එහෙම දා ගත්තේ නැද්ද"
දිනූශයා මගෙන් ඇහුවා.

මුන් දෙයක් දැනගත්තොත් එහෙම වසලා හමාරයි.

"නෑ මචන් තාම නෑ.ඒ ඊයෙනේ"
මම කීව.

ප්රිෆෙක්ට් බෝර්ඩ් එකේ අහක යන ලෙඩත් හැම වෙලෙම වැටෙන්නෙ මගේ කර පිටේ.කලින් දවසේ තාප්පෙන් පැනපු අයියා කෙනෙක් ට කේස් එක අදින්න ගිහිල්ල තව ටිකෙන් මට කේස් එකක් ෆයිල් වෙනව. ඌ ටවුන් එකේ හෙන පොරක්. 
එහෙම කියලා අපිටත් පබයෝ වගෙ බලන් ඉන්න බෑනේ උන් පනිනකන්. වෙලාවට ප්රින්සිපල් හිටපු නිසා අව්ලක් ගියේ නෑ.

"උබත් කවද හරි නහින්නේ කට නිසා බන්"
සුපුනා කීව.


මොකක් හරි වැඩක් කර ගන්න ඕනෙ උනාම න එකෙක් මුරුන්ගා අත්තේ තියලා ඒක කර ගන්න නම් අපේ එවුන් හපන්නු.අනේ මචං උබට හොදට ලියුම් ලියලා පුරුදුයිනේ.මෙන්න හෙට බ්ලේසර් ටිකක් ගන්න ලියුමක් ලියපන්කෝ.බ්ලේසර් 10කට තිබ්බම ඇති.අපේ ඩිපියුටි හෙඩෙක් පොඩි බටර් පාරක් ගෑවා.

"ඉදකින් උලමා උබලට අමුණ අමුණ කෙල්ලන්ට ලියුම් නම් ලියන්න පුලුවන් .මේවා තමයි බැරි"
මම කීවා.

"පිස්සුද බන් ලියුම් ලිව්වේ 60 දශකයටත් චුට්ටක් විතර කලින්. දැන් යවන්නේ එස්.එම්.එස් . කොහෙද ඉතින් උබලා වගේ ගල් යුගයේ එවුන් ඕවා දන් නෑනෙ."
දිනූශයා  පැත්තක ඉදන් කතාවට කට දැම්මා.


"මේ මේ ලොකු අයගෙ කතා වලට පොඩි එවුන් කට දාන්නේ නෑ"
තෝරා දිනූශයට කීවා.


"මේ මේ මල්ලි මල්ලි මෙහාට වරෙන්. කොන්ඩෙ එහෙම කපන්න කල්පනාවක් නැද්ද."
පූර්ණයා මල්ලි කෙනෙක්ට සද්දයක් දානවා ඇහුනා.


"මචන් බෙල් එක ගැහුවා. අපි එලියට ගිහින් මල්ලිලා හරියට ඩියුටි කරනවද කියලා බලලා එන්නම්කෝ"
දෙව්රම් ඇහැක් ගහලා.අපිට කියලා තව දෙතුන් දෙනෙක් එක්ක එලියට ගියා.

මුන් ඇත්තටම එලියට යන්නේ මල්ලිලා ඩියුටි කරනවා බලන්න නෙමේ. පන්සිල් ගන්න එකෙන් ශේප් වෙන්නයි.පාරෙ යන කෙල්ලෝ බලන්නයි. 

ප්රිෆෙක්ට් බෝර්ඩ් එකේ එකට ඩියුටි කරන්නයි,අයිස් ගහන්නඉ හුගක් වෙලාවට සෙට් උනේ සුපුනයි මමයි.

පන්සිල් අරගෙනත් ඉවර උනා. 
දැන් ඉතින් පරක්කු වෙලා ආපු එවුන් චෙක් කරන වෙලාව.


"මච්ං මුන්ව චෙක් කරනකන් හිටියොත් සුම්මා අපිව මරන් කයි බන්. අපි නෝමල් එකේ මෙතනින් කැපෙමු."
හසිතයා කීවා.

"එල මචන් අපි යමු"
මම කීවා.


"දිග 3L වූ දෙපසම විවෘර්ථ නලයක් සංක්යාතය 512 වු සරසුලක් සමග අනු නාද වේ. නලයේ පලමුවන උපරිතානය සොයන්න."
සුම්මා පාඩම උගන්නලා ගානකුත් දීලා

"එක්සියුස් මී සර්"
අපි දෙන්නම එක පාර කීව.

"තමුසෙල කොහෙද ගියේ?"
සුම්ම ඇහුවා.

(ශික් මූ දන්නෙම නෑනෙ. හැමදම අපි ඩියුටි යනවා.ඒත් දන් නෑ වගේ අහනවා. අපේ සර් කාරයට මම හිතන විදියට ප්රිෆෙක්ට්ස්ලා ව පේන්න බෑ. මම හිතන විඩියට මූ පොඩි කාලෙ කොන්ඩෙ කපන් නැතුව වත් මාට්ටු වෙලා ඇති.)

"සර් ප්රිෆෙක්ට්"
හසිතයා යටහත් පහත්ව කීව.

"තමුසෙලත් ඕක ගහන් ඇවිද ඇවිද ඉදපල්ලා. හා එනවලා ඇතුලට."
සුම්මා කීවා.


ඔන්න ඔහොම ටික දවසක් ගියා. පූර්ණයා අපිට පාර්ටි එකක් දෙනවා කීවා.පට්ට.
ඒත් කරුමෙට සෙට් උනේ නයිට් පාටි එකක්. ඒ දවස් වල තමයි මට පුබුදංගයව සෙට් උනේ. උගෙ හිත හොද වැඩියි. මොනවා උනත් සෑහෙන කාලෙකින් සෙට් උන සුපිරිම යාලුවෙක්. උන්ගෙ ගෙදර තමයි එදා රෑ මම හිටියේ.

ඒ දවස් විහිලුවෙන් තහලුවෙන් හරිම විනෝදෙන් ගෙවුනු දවස් ටිකක්. එන කොට එක දිගට ෆන් එකමයි.

.................,......

"මචං අපි ට්රිප් එකක් organize කරමුද?,
 මේ පාර නොගියොත් ආයෙ යන්න වෙන්නෑ"
රාමා කීවා.

"එල එල අනික් එවුන්ගෙනුත් අහලා බලපන්කෝ"
මම කීවා.



මතු සම්බන්ධයි...........


  Devans walk එක දවසේ prefectsla සෙට් එක


    මම,ජීවා,තෝරා


    හසිත, මම,තිලින, ටිරාන්


    මමයි සුපුනයි

    Oath එක දවසේ අම්මයි තාත්තයි එක්ක

No comments:

Post a Comment