Friday 8 November 2013

කාලය මැවු වෙනසක අරුමේ...... ( 7 වෙනි කොටස )


හයවන කොටසට >

ෆෝන් එකෙන් යනවානම් මේ ලින්ක් එකෙන් යන්න




"මයි ඔක්කොම හොදට අහ ගන්න.හැමෝම ඉස්කෝලෙ නමට කැලලක්  නොවෙන විදියට කටයුතු කරන්න ඕනෙ.අපි ගිය පාරත් engex ප්රදර්ශනය බලන්න 13 වසරේ අයියලා එක්ක ගියා."

අපි පේරාදෙනිය කැම්පස් එකේ තියන engex ප්රදර්ශනේ බලන්න යන්නයි ලෑස්ති වෙන්නේ.
සෑහෙන කාලෙකින් තමයි මෙහෙම ෆන් ගමනක් යන්න සෙට් උනේ.

වෙනදා ඔන්න ඔහේ එකක් සුදු පාටයි අනික බොර පාටයි ඇදුම් ඇදලා එන්නන් වාලෙ එන එවුනුත් අද ඇදුම හොදට අයන් කරලා සපත්තු එහෙම  පොලිශ් කරලා ඇවිත් ඉන්නවා.අනේ මන්දා ඉතින් මේවා දකින පිට ඉස්කෝල වල ලමයි නම් හිතනවා ඇති මලියදේවෙ කොල්ලො හරි පිලිවලයි කියලා.

ඒ ගැන ඉතින් මොකට කතා කරනවද නේද?
මොනවා උනත් කොච්චර දාන්ගලේ උනත් ඉස්කෝලෙ නම කැත වෙනවටත් අපේ එවුන් කැමති නෑ ඉතින්.

අපි උදේ පාන්දර චතුරස්රයේ ලා කොල පාට තණකොල උඩ හිටගෙන තාමත් 
අත් දෙක පිටිපස්සට බැදන් චණ්ඩි විජේ ගෙ (විජේකෝන් සර්ගෙ) දේශනාවට ඇහුන්කන් දෙනවා. 

ඒ අස්සේ එකෙක් අහට්ට ඇබරෙනවා මෙහාට ඇබරෙනවා. 
"ඇයි බන් උබෙ ඇගට පනුවෙක් වත් රින්ගලද?"
මම ඇහුවා. 

"අඩෝ නෑ බන් මොකෙක් හරි $@@#*><> අලුගුත්තේරුවෙක් මට කෝල් එකක් ගන්නවා බන්. "
(පොඩි ලමයි කියවීමෙන් වලකින්න) 
"ජොකා අස්සේ වයිබ්රේට් වෙනවා ඉවසන්න බෑ බන්. "

අපි ඒ කාලෙ ෆෝන් හන්ගන් හිටියේ එතන හෝ බොහෝ විට මේස් එක අස්සේ. ඒ සුන්දර හොර වැඩ මතක් වෙද්දී මුවට සිනහවක් මෙන්ම නෙතට කදුලු බිදුවක් එක් කරන්නේ නිතැතින්.

"මේ මේ අහගන්නවා"
 චන්ඩි විජේගේ දෙශනාව තවම ඉවර නෑ. 

" තමුසෙලා මහ ලොකුවට DA කියලා කෑ ගැහුවට වැඩක් නෑ. නියම ඩේවන්ස්ලා වගේ හැසිරෙන්න ඔනේ"
(ඒක විජේකෝන් සර් හැමදාම කියන කතාවක්. ඇයි අවුල් ද? අවුල් තමයි. ඩේවන්ස් කියන්න අකුරු DEVANS උනාට චන්ඩි විජේ හැමදාම කියන්නේ DA කියලා.ශික් කවද හැදෙයි ද දන් නෑ මේ සර් ලත්)




"මචන් අපි සින්දුවක් කියමු"

දේශනාව අවසානයේ පොලිමට පැමින බස් රථ වලට අපි ගොඩ උනා විතරයි. ලෝලිතයට සින්දුවක් කියන්න ඔනේ වෙලා.

ඔන්න ඉතින් කට්ටිය සින්දු කියන්න පටන් ගත්තා. ඔක්කොම සින්දු පටන් ගන්නවා විතරයි. එකෙක් වත් ඔක්කොම කියන් නෑ.

 ඔහොම ඉතින් දන්නෙම නැතුව සින්දු කිය කියා අපි පේරාදෙනියටම අවා.

කැම්පස් එක පුරාම සුදු පාට ගාපු සුවිශාල බිල්ඩින්.නිකන් විශාල යෝධ පර්වත ටිකක් අපි දිහා රවාගෙන් බලන් ඉන්නවා වගේ.බිම හැම තැනම ලා කොල පාට තණකොල වවලා ඒක ගානට කපලා.යන්න එන්න තියන ලොකු පාරවල් දෙපැත්තේ පොල් ගස් වගේ අමුතු ගස් ජාතියක් හිටවලා. තණකොල උඩට රොබොසෙයියා මල් වැටිලා හරිම ලස්සනයි.
"ඉංජිනේරු පීඨය" කියලා පාර අයිනේ ගහල තිබුනා.
අමුතු සත්තු ටිකක් අමුතු තැනකට දක්කන් යනවා වගේ සර් ලා අපිව පෝලිමට එක්කන් යනවා.අපේ එවුනුත් වට පිට බල බලා කැම්පස් එක ඇතුලට ගියා.

සුදු ෂර්ට් එකයි කලු කලිසමයි ඇදපු අපේ ඉස්කෝලෙ ඉදන් කැම්පස් ගියපු අයියලා ගොඩාක් ඇවිත් අපේ සර් ලා ට කතා කලා. අම්මට සිරි අපිටත් දැන් මාර ගැම්ම.අයියලා ටික අපිව කණ්ඩායම් කරලා ප්රදර්ශනේ බලන්න එක්ක ගියා. 


ටික වෙලාවයි ගියේ..අපේ එවුන්ට නිකන් කැම්පස් එක ගෙදර වගේ වෙලා.අපේ එවුන් කැම්පස් එක පුරාම රස්තියාදු ගහන්න ගත්තා.අන්තිමේ කැම්පස් එකේ අයියලාට වත් අපේ එවුන්ව එකතු කර ගන්න බැරි උනා. බලන බලන් තැන් වල අපේ ඉස්කෝලෙ අය.

"ඒ මචන් වරෙන්කෝ අක්බාර් පාලම ලගට. එතන පට්ට"
කොල්ලෙක් එහෙම කියාගෙන දුවගෙන ආවා.

"අනේ මට නම් බෑ බන් උබලා යමන්."
කියලා මම කීවා.
අපි තුන් හතර දෙනෙක් එකතු වෙලා කැම්පස් එකේ ෆොටෝ ගැහුවා.හිතෙන හිතෙන තැන් වල ඇවිද්දා.
කව්දෝ එකෙක් හති දාගෙන මේ පැත්තට දුවන් එනවා.

"මචෝ මචෝ කොන්වන්ට් එකේ කෙල්ලො ටික අක්බාර් පාලම උඩ."

අන්න එතකොට තමයි මට තේරුනේ අපේ එවුන් පාලම බලන්න ගියේ ඇයි කියලා. මෙච්චර වෙලා නුවර ඉස්කෝල වල කෙල්ලන්ට පැනි හල හලා හිටපු අපේ එවුන් එක පාරට ෆොර්ම් වෙන්න හේතුව මේකයි.

මොනවා උනත් අවංකව කතා කරනවා නම් මේ දේත් කියන්න නේ. ගර්ල්ස් එකේ කෙල්ලෝ කැත උනාට ටිකක් පොශ් කියලයි( උන් පොශ් නැති උනත් හිතන් ඉන්නේ මාර පොශ් කියලා), ඕනෙම කැත කෙල්ලෙක්ට කොන්වන්ට් එකේ යුනිෆෝම් එක අන්දපුවම නේ එකෙක් ලස්සනට පේනවා කියලයි කොල්ලෝ අතර පොඩි මතයක් තිබුනා.


"මචං උබ එන් නැද්ද පාලම පැත්තේ? "
එකෙක් ඇහුවා.

"බෑ බන් මම පස්සේ එන්නම්"
කියූ මම තනිවම කැම්පස් එකේ ගොඩනැගිලි බොහොමයක් පේන මානයක තුරු සෙවනකට ගොඩ වැදුනේ නිරායාසයෙන්.එතනට වී මේ අසිරිය බලන්නට සිත් වුනේ සමහරවිට මම කවදත් හුදකලාව ප්රිය කල කෙනෙක් වුන නිසා වෙන්න ඇති.
මෙතන කොච්චර ලස්සනද? ඒ වගේම කොච්චර ඉතිහාසයක් මෙතනට තියනවද? මට සිතුනා. ප්රධාන ගොඩනැගිලි කීපය දෙස බලන විට දැනෙන්නේ අති මහත් තේජසක්.ලෝකයට කොතරම් ඉන්ජිනේරුවන් පිරිසක් මේ පින්බිමෙන් දයාද කර ඇද්ද, ඉතිහාසයෙ මේ බිම කෙසේ වන්නට ඇද්ද, පෙම්වතුන් ඇවිද යන හැටි, නවක ලමයි රැග් කාපු හැටි මෙන්න මේ විදියට වෙන්නට ඇති කියල මගෙ හිතේ අමුතු චිත්රයක් මැවුනා.මමත් ඒ හීන වල ජීවත් වෙනවා වගේ දැනුනා.
මමත් අයියලා යනවා වගේ සුදු ෂර්ට් එක කලු කලිසමට යට කරලා කැම්පස් එකේ පාර දිගේ යනවා වගේ මට පෙනුනා. පිටට නොකීවත් උසස් පෙල මැත්ස් කරන ඕනෙම කොල්ලෙක්ගෙ හීනයක් ඒක. ඕනෙම කොල්ලෙක්ගෙ විතරක් නෙමේ මම ඇතුලුව උන් හැමෝගෙම අම්මා තාත්ත අහස උසට බලාපොරොත්තු තියන් ඉන්නේ තමන්ගෙ කොල්ලා කෙල්ල ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න.අනේ ඒ අහින්සක හීන හැබෑ කරන්න තියනවනම් මටත් මගෙ අම්මා තාත්තා විදින හ දුක් වල ණය ගෙවන්න ඇත්නම් කියලා අනේක වාරයක් මට හිතුනා. තමන්ගේ කුසට අහරක් දා ගන්නේ නැතුව දුක් මහන්සියෙන් හම්බ කරපු රුපියලක් ගානේ එකතු කරලා ක්ලාස් ෆීස් දෙන්නේ තමන්ගේ පුතා මේ දුක් ගොඩෙන් තමන්ව ගලව ගනියි කියන අහින්සක බලාපොරොත්තුවෙන්.
උපතින් පොහොසතුන් නොවූ අපි හැමටම ගොඩ යන්නට පුලුවන් එකම තැන මෙතන.දන්නෙම නැතුව කදුලු කැටයක් මගේ ඇහින් කඩා වැටුනා. මගේ ඉරනම කොහොම ලියවී ඇද්දැයි මම දන් නෑ. සමහරවිට සරසවිය සදා කල් හීනයක් වෙන්නත් පුලුවන්. ඒත් මම ඒ හීනේ කොහොම හරි හැබෑ කර ගන්නවාමයි. මම තරයේ හිතා ගත්තා.

සුදු පාට කොක්කු ගොඩක් අහසේ ඉගිලිලා ගියා. මම ඒ දිහා බලන් හිටියා.

"මල්ලි ඔයා මලියදේවෙ නේද?"
අයියා කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා.

කල්පනා සාගරේ ගිලිලා ඉදලා ටියුබ් එකක් දාල ගොඩ ආපු එකෙක් වගේ මම සැනින් පියවි සිහියට ආවා.

"ඔව් අයියේ. ඇයි එහෙම ඇහුවේ?"

"මල්ලි ඔයාලගෙ සර් කිවා ඔයාල ආපු බස් දැන් යන්න හදන්නේ. ඔක්කොටම යන්න කියලා."

"හා අයියේ තෑන්ස්"

මම ෆුල් ස්පීඩ් එකේ ඒ පැත්තට දුවන් ගියා. සර් ලා සෑහෙන පරිශ්රමයක් දරල අයාලේ ගිය අපේ කොල්ලෝ සෙට් එකත් එකතු කරන් දෙයියනේ කියලා එන්න පිටත් උනා. 

කැම්පස් එකට හැන්දෑ ඉර එලිය වැටිලා. දුකත් මුසු උන අමුතු ගුප්ත හැගීමකුත් එක්ක නෙත් දෙකින් ඈත් වෙමින් යන ඒ සොදුරු චායාව දිහා මම බලන් හිටියා. 

මහනුවර නගරය පසු කරන් අපි රෑ වෙන්න ඔන්න මෙන්න තියලා කුරුණෑගලට ආවා. බස් එකෙන් පැනපු ගමන් මම ස්ටෑන්ඩ් එකට දුවන් ආවේ ගෙදර යන්න බස් එක අල්ල ගන්න.තාම බස් එක අද්දලා නෑ වෙලාවට සීට් හිස් තිබ්බා.මම ගිහින් වාඩි උනේ හොද නින්දක් දාන්න.ඒත් කොහෙද මාර වැඩේනෙ උනේ..

මතු සම්බන්දයි......



        කැම්පස් එක ඉස්සරහා



රාමා හිතන් ඉන්නේ මම උගෙ සුරතල් බලු පැටියා කියලාද දන් නෑ
     

       මේ මම


  අපේ ඉස්කෝලෙ හිටපු ප්රිෆෙක්ට් කෙනෙක්. කුරුවිට    අයියා.දැන් මෙඩිකල් ෆැකල්ටි ඉන්නේ


     අපේ ඉස්කෝලෙ අයියා කෙනෙක් එක්ක


    බස් එකේ යන ගමන්

2 comments:

  1. ඔයාලගේ පාසල් ජීවිතය ගැන ඊර්ශ්යා හිතෙන තරම් ලස්සනට ලියල තියනවා.. දිගටම ලියන්න..අපේ ගෙවුනු පාසල් ජීවිතය ගැනත් මතක් වෙනවා..ඒකට ගොඩාක් ස්තූතියි

    ReplyDelete
  2. බොහොම ස්තූතියි යාලුවා.ඔයගොල්ලන්ගෙ ක්මෙන්ට්ස් මට ගොඩක් වටිනවා.

    ReplyDelete